අමාරුවේ නොවැටෙන්න මේ කරුණු 10 ගැන අනිවාර්ය&#35

nineheart

Well-known member
  • Apr 25, 2013
    2,416
    510
    113
    In the body
    අමාරුවේ නොවැටෙන්න මේ කරුණු 10 ගැන අනිවාර්ය&#35

    ගෙයක් හදන්න සිමෙන්ති බ්ලොක්ගල් මිලදී ගැනීමේදී දැනගත යුතුම කරුණු

    attachment.php


    සිමෙන්ති බ්ලොක්ගල් මූලික වශයෙන් බිත්ති තැනීමේදී ගොඩනැගිලි ද්‍රව්‍යයක් ලෙස භාවිතා කරයි. එය කොන්ක්‍රීට් පෙදරේරු ඒකකය ලෙස හැඳින්වේ. සිමෙන්ති ගල් යනු ඉදිකිරීම් සඳහා භාවිතා කරන පෙරනිමි නිෂ්පාදනයකි. පෙරනිමි යන යෙදුමෙන් අදහස් කරන්නේ භාවිතා කරන ස්ථානයට ගෙන ඒමට පෙර සියලු නිෂ්පාදන ක්‍රියාවලීන් අවසන්කර ඇති බවයි. වර්තමානයේදී අවශ්‍යතාවන් අනුව භාවිතය සඳහා විවිධාකාර ප්‍රමාණ වලින් සහ හැඩවලින් වෙළඳපොලේ සිමෙන්ති බ්ලොක්ගල් නිෂ්පාදන දකින්නට හැකිය. සිමෙන්ති බ්ලොක්ගල් ඝන කුට්ටි ලෙස හෝ කුහර එකකයක් හෝ වැඩි ගණනක් ඇති අතර ඒවායේ පැති සුමටව හෝ මෝස්තරයකින් යුක්ත විය හැකිය. භාවිතයේ දී, බ්ලොක්ගල් එකින් එක ගොඩ ගසා බදාම සමඟ රඳවාගෙන බිත්තියේ අපේක්ෂිත දිග හා උස සාදයි.

    සාමාන්‍යයෙන් සිමෙන්ති බ්ලොක්ගල් අච්චුවක් ආධාරයෙන් නිෂ්පාදනය කරන අතර සුළු පරිමාණයෙන් නිෂ්පාදනය කිරීම හෝ මහා පරිමාණයෙන් කර්මාන්තශාලාවල නිපදවිය හැකි ඉහළ ස්වයංක්‍රීය ක්‍රියාවලියක් භාවිතයෙන් නිෂ්පාදනයන් කිරීමද සිදුකරයි. මක්නිසාදයත් ගොඩනැගිලි ද්‍රව්‍යයක් ලෙස සිමෙන්ති බ්ලොක්ගල් සඳහා ඉතා ඉහල ඉල්ලුමක් තිබීමය. එබැවින් ගොඩනැගිලි ඉදිකිරීමේදී එහි ඇති වැදගත්කම නිසාම නිවරැදිව ගුණාත්මක හා අවශ්‍යතාවට ගැලපෙන සිමෙන්ති බ්ලොක්ගල් තෝරාගැනීමේදී පහත කරුණු ගැන අනිවාර්යයෙන් අවධානය යොමුකර යුතුම වේ.

    1.නිෂ්පාදනයේ අවශ්‍යතාව
    ඔබේ අවශ්‍යතාවය ඉටුකර ගැනීම සඳහා ගැලපෙන සිමෙන්ති බ්ලොක්ගල් තෝරාගැනීම සහ අවශ්‍ය ප්‍රමාණය පමණක් මිලදීගැනීම මගින් ඔබට සිදුවන අනවශ්‍ය වියදම් හා නාස්තිය අවම කරගත හැක. බිත්තිය බදින වර්ගඵලය පිරවීම සඳහා අවශ්‍ය ගල් ප්‍රමාණය ඉතා පහසුවෙන් ගණනය කල හැක. එම අගයට අමතර 5-10%ක පමණ අගයක් එකතු කර මිලදීගත යුතුය. උසින් හා දිගින් අඩු බ්ලොක්ගල් භාවිතය මගින් විශාල මුදලක් වැඩ කුලී සඳහා ගෙවීමට සිදුවිය හැක. උස දිග පලල වැඩි විශාල ගල් භාවිතය මගින් ගල් ඇතිරීමේදී ඉහල මහලක ගෙනයෑමේදී වැනි අවස්ථාවකදී අනවශ්‍ය කාලයක් මහන්සියක් දැරීමට සිදුවිය හැක. බිත්ති පලල වැඩි වීමෙන් අනවශ්‍ය ඉඩ ඇහිරීම, විශාල ශක්තිමත් බිත්ති අනවශ්‍ය තැනකට අනවශ්‍ය පරිදි මුදල් යෙදවීම වැනි දේවල් සිදුවිය හැක. නමුත් තාප්පයක් බැදීමේදී පලල අඩු බ්ලොක්ගල් භාවිතයෙන් එහි ශක්තිය අඩු වීම සිදුවේ. එබැවින් සෑම විටම නිෂ්පාදනයේ අවශ්‍යතාව නිවරදිව අවබෝධ කරගෙන ඒ අනුව මිලදීගැනීම සිදුකල යුතුම වේ.

    2.භාහිර පෙනුම හා ස්වභාවය
    මිලදී ගන්න සිමෙන්ති බ්ලොක්ගල් වල ඉරි තැලීම් පලුදුවීම් ඇති දැයි විමසිලිමත් වන්න.ගොඩක් දෙනෙක් බ්ලොක්ගල් මිලදී ගැනීමේදී මේ පිලිබඳ සැලකිලිමත් වේ. නමුත් වැදගත් කරුණ නම් මතුපිට ඉතා සුමට නම් එම බ්ලොක්ගල්වලින් නිවරදිව ලෙවල් කර බදින ලද ඇතුලත බිත්ති කපරාරු කිරීමකින් තොරව සුදු හුණු මැදීම සිදුකල හැක. එමගින් කපරාරු සඳහා ඔබට වියදම් කිරීමට සිදුවන විශාල මුදලක් ඉතුරුකරගත හැක. තවද මෙම සුමට බව ලබා ගැනීම සඳහා නිෂ්පාදකයින් වැඩිපුර ගලකුඩු එකතු කිරීම සිදුකරයි. එබැවින් එහි ශක්තිමත්භාවය අඩුවේ . එම නිසා ඒ පිළිබඳවද සැලකිලිමත් වීම අනිවාර්යයෙන් සිදුකල යුතුය.

    3. නිෂ්පාදනවල උස දිග සහ පලල
    සිමෙන්ති බ්ලොක්ගල් නිෂ්පාදනය කිරීමේදී භාවිතා කරන අවශ්‍යතාවයට ගැලපිම සඳහා විවිධ ප්‍රමාණවලින් සිමෙන්ති බ්ලොක්ගල් වෙළඳපොලේ දකින්නට ඇත. එසේම එක බ්ලොක්ගලක අමුද්‍රව්‍යය ප්‍රමාණය අඩු කර අඩු මිලට විකිණීමේ අරමුණින් නිෂ්පාදකයා විසින් ප්‍රමාණය කුඩා කරයි. නමුත් ප්‍රමිති ආයතන මගින් සහතික කරන නිශ්චිත උස දිග පළලකින් යුක්ත විය යුතුය. එසේ ප්‍රමිතිලත් නිෂ්පාදනයන් මිලදී ගත නොහැකි විට සැලකිය යුතු කරුණ නම් සියලුම සිමෙන්ති බ්ලොක්ගල් උපරිම මිලිමීටර් දෙකකට වඩා පලලින් හා උසින් වැඩි නොවන ලෙස ඇත්දැයි තහවුරු කරගන්න. තවද සිමෙන්ති බ්ලොක්ගල් ඇදවි තිබීමද ගැටලුවකි. මක්නිසාදයත් පලල හෝ උස අඩු වැඩි ගල් දෙකක් එක ලග ඇතිරීමේන් බිත්ති බැදීමේදී සහ කපරාරු කිරීමේදී හෝ සුදු හුණු මැදීමේදී අනවශ්‍ය වියදමක් දැරීමට සිදුවේ. තවද කුහර සහිත බ්ලොක්ගල් භාවිතා කරන්නේ නම් කුහර අතර අනවශ්‍ය ලෙස පරතරය අඩු නම් එමගින් බ්ලොක්ගල්වල ශක්තිමත්භාවය අඩුවන බැවින් ඒ පිළිබඳවත් සිතන්න.

    4.ඒකක වර්ගඵලයකට දැරිය හැකි උපරිම ශක්තිය
    සිමෙන්ති බ්ලොක්ගල්වල ශක්තිමත්භාවය තීරණය කරණු ලබන්නේ ඒකක වර්ගඵලයකට දැරිය හැකි උපරිම ශක්තිය ගණනය කිරීම මගිනි. මෙම පරීක්ෂණය ඉදිකිරීම් ආශ්‍රිත පරීක්ෂණ සිදුකරන විද්‍යාගාරයකට බ්ලොක්ගල් සාම්පල් ලබාදීමෙන් කරගත හැක. සාමාන්‍ය බ්ලොක්ගල් දහයක බිත්තියක් බැදීම සඳහා අවම වශයෙන් 1.2N/mm2 වැඩි අගයකින් යුතු වීම ප්‍රමාණවත්. ඊට වඩා පේලී ගනන වැඩි වෙන විට මෙම ශක්තිය වැඩි විය යුතුය. ඉහත අගය ගණනය කර ඇත්තේ හොදින් තෙත්වී ඇති බ්ලොක්ගලක් මත තෙත් බර සහිත ගල් දහයක් තැබූ විට නොකැඩී පැවතීමට තිබිය යුතු ශක්තියට අමතරව යම් ප්‍රතිශත අගයක් එකතු කිරීමෙනි.

    5.ජල අවශෝෂණය
    මෙම අගය ඉහත කරුණටම සම්බන්ධවේ. හොදින් තදවූ බ්ලොක්ගලක් තුල උවද සිමෙන්ති වැලි අතර ඇසට නොපෙනෙන ඉතා කුඩා සිදුරු තිබේ. වතුර උරාගැනීම සිදුවන්නේ මෙම සිදුරු අතරට ජලය ගමන් කිරීමෙනි. එම ජල අවශෝෂක අගය 40%කට වඩා වැඩී නම් එහි ශක්තිමත්භාවය දුර්වලය.

    6.භාවිතා කරන අමුද්‍රව්‍යය
    සිමෙන්ති ගල්කුඩු වැලි සහ ජලය නියමිත අනුපාතයට මිශ්‍ර කිරීමෙන් බ්ලොක්ගල් සැදීම සිදුකරන අතර එම අනුපාත වෙනස්වීමෙන් බ්ලොක්ගල්වල් ශක්තිමත්භාවය අඩු වීම සිදුවේ. මෙහිදී සිමෙන්තිවල ගුණාත්මකභාවය හෝ ප්‍රමාණය අඩුවීම ප්‍රධානව නිෂ්පාදනයන්ට බලපානු ලබයි. කිලෝ 50ක සිමෙන්ති බෑග් එකකින් මිලිමීටර් 190x100x390 යුතු බ්ලොක්ගල් 80ක් පමණ ආසන්න වශයෙන් නිපදවීමට හැක. මෙම අගය මිශ්‍රණය සඳහා භාවිතා කරන රසායනික ද්‍රව්‍යය සහ නිෂ්පාදන ක්‍රියාවලිය අනුව වෙනස් වේ. තවද භාවිතා කරන වැලිවල හෝ ජලයේ ලවණ මිශ්‍ර වීමෙන් බිත්ති දිරාපත්වීමට බලපෑම් සිදු වේ. එසේම ගල්කුඩු වලට සහ වැලිවලට මඩ මිශ්‍ර වීමෙන් ගල්වල ශක්තිය ඉතා දුර්වල විය හැක. එබැවින් මේ ගැන නම් සොයා බැලීමට අනිවාර්යයෙන් වග බලා ගන්න.

    7.නිවරදි නිෂ්පාදන ක්‍රියාවලිය හා තත්ව ආරක්ෂණ ක්‍රියාවලිය.
    ඉහත පරීක්ෂා කිරීමේදී ඔබ පරීක්ෂා කරන බ්ලොක්ගල් සාම්පලය පමණක් නිවැරැදි විය හැක. එබැවින් අනෙකුත් සෑම බ්ලොක්ගලක්ම එසේ නිවැරැදි දැයි පරීක්ෂා කිරීම කල නොහැකිය. එබැවින් ඒ සඳහා බ්ලොක්ගල් නිෂ්පාදකයා සිදුකරන නිෂ්පාදන ක්‍රියාවලිය හා තත්ව ආරක්ෂණ ක්‍රියාවලිය නිවැරැදි විය යුතුය. නිෂ්පාදනයේදී ඉහත දෝෂ වලක්වාගැනීමට නිෂ්පාදකයා විසින් පහත සඳහන් කරුණු අනුගමන කරන බවට තහවුරු කරගන්න.
    a.අමුද්‍රව්‍යය නිරන්තරයෙන් අදාළ තත්ත්වයන් අනුව පවතින්නේද යන්න පරික්ෂා කරන්නේද යන වග.
    b.අමුද්‍රව්‍යය මිශ්‍ර කිරීමේදි නිවරදි අනුපාතයට සිදුකරනවාද යන වග.
    c.නිෂ්පාදනය කරන බ්ලොක්ගල්වල උස නිරන්තරයෙන් පරීක්ෂා කිරීම සිදුකරනවාද යන වග
    d.නිශ්චිත බ්ලොක්ගල් නිෂ්පාදන ප්‍රමාණයක් අවසන් වීමෙන් පසු අච්චුවේ දිග සහ පලල පරික්ෂා කිරීම
    e.ආසන්න දින 7ක්වත් බ්ලොක්ගල් ජලයෙන් හොදින් තෙමන්නේද යන වග.
    f.නිශ්චිත බ්ලොක්ගල් නිෂ්පාදන ප්‍රමාණයක් අවසන් වීමෙන් පසු(උදාහරණයක් ලෙස දිනක නිෂ්පාදන සැලකිය හැක) එම නියදියේ අවශ්‍ය ශක්තිමත්භාවය බැලීම සඳහා නිෂ්පාදන කර දින 7ක් හෝ 14ක් හෝ 28ක් දක්වා සාම්පල් 3ක් බැගින්වත් විද්‍යාගාරයක පරික්ෂා කිරීම සිදුකරනවාද යන වග.
    *නිෂ්පාදන කර දින 7ක් හෝ 14කදී උපරිම ශක්ති අවශ්‍යතාවෙන් 75%ක් සම්පූර්ණ වී තිබිය යුතුය
    *නිෂ්පාදන කර දින 28කදී උපරිම ශක්ති අවශ්‍යතාවෙන් 100%ක් සම්පූර්ණ වී තිබිය යුතුය
    g.සියලු තත්ව අවශ්‍යතා සම්පූර්ණ කරන ලද නිෂ්පාදනයන් පමණක් ලබාදෙන වග

    8.නිෂ්පාදනයන් පැටවීම බෑම සහ ප්‍රවාහනය පිළිබඳව
    මෙහිදී සලකා බැලිය යුත්තේ නිෂ්පාදනයන් පැටවීම බෑම සහ ප්‍රවාහනයේදී සිදුවන හානිය අවම කිරීමයි. එසේම අමතර සේවකයන් සඳහා යන වියදම් අඩු කරගත යුතුය. මේ සඳහා පැලට් වල අසුරන ලද බ්ලොක්ගල් දොඹකරයක් සවිකළ ලොරියක්(බූම් ට්‍රක්) ආධාරයෙන් ප්‍රවාහනය කල හැකි නම් කාලය සහ මුදල් ඉතුරු කරගත හැක. එසේම කැඩෙන ප්‍රමාණය අවම කරගත හැක.

    9. ප්‍රමිති සහතික.
    ප්‍රමිතිකරනයෙදී සිදුවන්නේ ඉහත සඳහන් කල පරිදි සුදුසු තත්ත්වයේ පවතින නිෂ්පාදනයන් පමණක් පාරිභෝගිකයන්ගේ අතට පත්වීම සිදුකිරීමයි. එම නිසා ජාතික හෝ ජාත්‍යන්තරව පිලිගත් තත්ත්ව සහතික ලබාගෙන ඇති ආයතනයක් හරහා ඔබට අවශ්‍ය බ්ලොක්ගල් ලබාගන්නේ නම් ඉහත සඳහන් සියලු දෝෂයන් අවම වන පරිදි එම ආයතනය කටයුතු කරන බව තුන්වන පාර්ශ්වයක් විසින් තහවුරු කිරීම සිදු කර ඇත. එවැනි ආයතනයකින් ඔබේ මිලදී ගැනීම් සිදුකරන්නේ නම් පාරිභෝගිකයන්හට ඉහල සේවාවක් ලබාදීමටද ඔවුන් කටයුතු කරයි.

    10.ඒකකයක් සඳහා මිල සැසඳීම
    බ්ලොක්ගලක් නිෂ්පාදනයේදී යොදන වියදම් සහ ලාභ ප්‍රමාණය එකතු කිරීමෙන් නිෂ්පාදකයා ඒකකයක මිල තීරණය කරයි. නමුත් ඔබ විසින් ඉහත සඳහන් සියලු කරුණු සලකා බැලීමෙන් පසු බ්ලොක්ගලක මිල තීරණය කල යුතුය. ඒ සඳහා පහත සැසඳීම සිදුකරන්න
    a.ඔබ මිලදී ගන්න බ්ලොක්ගල්වල දිග පලල සහ උස මගින් ඒකක වර්ගඵලයක් ආවරණය කිරීමට කොපමණ ගල් අවශ්‍යද
    b.පැටවීම බෑම සහ ප්‍රවාහනය සඳහා මුලු වියදම
    c.නිෂ්පාදනයන්වල ඇති ගුණාත්මකභාවය
    d.ප්‍රමාණවත් තරම් තොග පවතිම සහ නියමිතව ලබාදීමට ඇති හැකියාව
    e.යම්කිසි ගැටලුවකදී ලබාදෙන පාරිභෝගික සහය
    f.නිෂ්පාදනයන් සඳහා ඇති ප්‍රමිති සහතිකකරණ
    g.මුදල් ගෙවිමේ පහසුකම්(මුදල්,කාඩ්,චෙක්පත් හෝ ක්‍රෙඩිට් පහසුකම්)

    යන කරුණු සැසඳීමෙන් ඔබට වඩාත් සුදුසුම මිලදී ගැනීමක් තීරණය කල හැක.

    මේ කරුණු 10 පිළිබඳව ඔබ සැලකිලිමත් උවහොත් ඔබේ අවශ්‍යතාවට ගැලපෙන වඩාත් ගුණාත්මක සිමෙන්ති බ්ලොක්ගල් මිලදී ගැනීමට ඔබට හැක. එසේම ඔබේ වටිනා කාලය සහ මුදල්ද ඉතිරිකරගැනීමේ හැකියාවද ලැබේවි. මේ කිව්ව දේවල් ගැන සම්පූර්ණ විස්තරයක් පහල වීඩියෝ එකේ තියෙනවා.ඒක බලලා අදහසක් ගන්න.




    එහෙනම් ජය. ගැටලු තියෙනවා නම් අහන්න
     

    Attachments

    • 10-tips-Cement-Blocks.jpg
      10-tips-Cement-Blocks.jpg
      81.8 KB · Views: 471

    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,126
    1
    11,133
    113
    Dan tiyena Cement Block gal nan Wadak ma na .. Balama cement danne,,.Cement Poddai ,wali poddai, Chip Gal Thogayak danawa , Ewalin Gewal haduma Podi kalayak yaddi Gedara iri thalanawa.Rasne Wadi una gaman. Best solution eka Gadol thamai Cost eka tikak wadi unath.
     

    nineheart

    Well-known member
  • Apr 25, 2013
    2,416
    510
    113
    In the body
    Dan tiyena Cement Block gal nan Wadak ma na .. Balama cement danne,,.Cement Poddai ,wali poddai, Chip Gal Thogayak danawa , Ewalin Gewal haduma Podi kalayak yaddi Gedara iri thalanawa.Rasne Wadi una gaman. Best solution eka Gadol thamai Cost eka tikak wadi unath.

    SLS Certificate thiyena hoda thenakin ganna... ethakota hari..