ග්‍රීක කතා සෙට් එකක් කියවන්න ලෑබුනා ෆේස්බුක් එකේ තිබිලා. ලියන කෙනාගේ ප්‍රොෆයිල් එකේ ලින්ක් එකයි, කතා සෙට් එකේ ලින්ක් එකයි පහල දාන්නම් කෑමති කෙනෙක්ට ගිහින් කියවන්න. පලවෙනි කොටස ටයිටන් වරු ගෑන. පොඩි කොටසක් දාන්නම්
1 කොටස - ටයිටන්වරු
මේ ලෝකය ඇරඹුණේ මහා විශාල ශුන්‍යත්වයක් තුලින් කියලා පුරාණ ග්‍රීකයෝ විශ්වාස කළා. ඔවුන් මේ හිස්බවට කිව්වා 'Chaos' කියලා. Chaos තුලින් මුලින්ම පැන නැගෙන්නේ Gaia හෙවත් මහ පොළව සහ Eros හෙවත් ප්‍රේමය. Erebus හෙවත් අන්ධකාරය සහ Nyx හෙවත් රාත්‍රිය මීළඟට ඔවුන් දෙදෙනාට එකතු වෙනවා. එරිබස් සහ නික්ස් එකතු වෙලා Aether හෙවත් ආලෝකයත් Hemera හෙවත් දහවලත් ලෝකයට බිහි කරනවා. ඔවුන්ගේ බිහිවීමත් සමඟ එතෙක් ලෝකය වසාගත් අන්ධකාරය අවසන් කරනවා. අවසානයේදී පැන නගින්නේ Tartarus හෙවත් පාතාලය.
ආදිකල්පික ජීවින්ගේ බිහිවීම මෙතැනින් අවසන් වෙන්නේ නැහැ. ගයියා අලිංගික ප්‍රජනනයෙන් තවත් එක් දරුවෙක් උපද්දවනවා. ඒ තමයි Uranus හෙවත් ආකාශය. යුරේනස් සහ ගයියාගේ එකතුවෙන් දරුවෝ දොලොස් දෙනෙක් ලෝකයට බිහි වෙනවා. ගැහැනු ළමයි හයයි. පිරිමි ළමයි හයයි. මේ දරුවන්ට Titans හෙවත් ටයිටන්වරු කියලා කියනවා.
මොවුන් අතර ඉන්න Oceanus, ලෝකය වට කරමින් තනි විශාල ගංගාවක් හදනවා. ඕෂියෑනස් විවාහ වෙන්නේ තමන්ගේම සහෝදරිය වෙච්ච Tethys සමඟ. ඇය මුහුදු දෙවඟනක්. ඔවුන් දෙදෙනාට දාව ඉපදෙන දරුවෝ තමයි Potamoi හෙවත් ලෝකයේ සියළු ගංගාවන් සහ Oceanoides හෙවත් ලෝකයේ සියළු ජල උල්පත්. ඕෂියෑනස්ට ඉන්නවා Hyperion කියලා සහෝදරයෙක්. ඔහු විවාහ වෙන්නෙත් තමන්ගේ සහෝදරියක් වෙච්ච Theia සමඟ. ඔවුන්ගේ දරුවෝ තමයි Helios හෙවත් සූර්යයා, Selene හෙවත් චන්ද්‍රයා සහ Eos හෙවත් හිමිදිරිය. එතකොට Coeus කියන ටයිටන්වරයා විවාහ වෙන්නේ Phoebe කියන ටයිටන්වරිය සමඟ. ඔවුන්ගේ දුවෙක් වෙච්ච Leto ගැන අපි පසුව වෙනම කතා කරනවා. Iapetus කියන ටයිටන්වරයා විවාහ වෙන්නේ Asia කියන ඕෂනොයිඩ්වරිය සමඟ. ඔවුන්ගේ දරුවෙක් තමයි ලෝකය ඔසවාගෙන ඉන්න Atlas කියන්නේ. ඇට්ලස්ට ලෝකය ඔසවාගෙන ඉන්න වුණේ ඇයි කියලා අපි පසුව කතා කරනවා. ඒ හැරුණාම ඉයේපිටස් සහ ඒෂියාට ලැබුණු අනිත් ප්‍රසිද්ධම දරුවෝ දෙන්නා වෙච්ච Prometheus සහ Epimetheus ගැනත් අපි පසුව කතා කරනවා. මේ ඇරුණාම Crius කියලා තවත් ටයිටන්වරයෙකුත්, Mnemosyne කියලා ටයිටන්වරියකුත් මේ දරුවෝ දොළොස් දෙනා අතරේ ඉන්නවා. ඒත් ඔය හැම දරුවෙක්ටම වඩා ග්‍රීක මිත්‍යා කතන්දරවල වැඩිම වැදගත්කම දරන්නේ Cronus කියන ටයිටන්වරයා සහ Rhea කියන ටයිටන්වරිය. ඒ ඇයි?
https://www.facebook.com/amavi.silva
https://www.facebook.com/media/set/?vanity=amavi.silva&set=a.2295180540692002