අමුතු ඇහැ

Ado_Sara

Member
May 12, 2011
1,231
162
0
Bakkiye
මේ ගීතයේ පද රචකයා ඇඟලුම් කම්හල් වල සේවයේ නිරත වෙන කාන්තාවන් ගැන ගීතයට නගා ඇති ආකාරය දැක්කාම මට හිතුනා ඒ පද රචකයා ඒ දිහා බලන්නේ අමුතු ඇහැකින් කියලා. බලන්න ඔයාලටත් ඒ විදියට සමාජේ දිහා බලන්න පුලුවන්ද කියලා...:yes:



සප්ත සයුරෙන් එහා
දේශ දේශාන්තරේ
සිරිලක් සළු පිළියෙන් පිදු
මව් බිම ධන නිධාන බඳු
සියල් සිරිලක පරසිදු
සළු වියනා කුමාරී //

අම්මා බඳු පෙම්මාදර
සම්මා ගුණ පිරිපුන්
එම සන්නාලිය නංගා
දෙස නොබලන් වපරැසකින්


කම්හල තුල පවර විපුල්
හුරු දෑතින් කොමල නිමල්
කරමි එවර සොඳ මනකල්
ඉසුරු ගෙනෙයි එතරින් දුල් //

දෙන්නේ ඇය මව්භුමිය
රක්නා රන් මසුරන්
එම සන්නාලිය නංගා
දෙස නොබලන් වපරැසකින්

කැලුම් උදුල යෞවනයේ
සිරිත් දහම් රැක පිරියේ
සළු වියනා රැජින දැයේ
ඉඳුවම් සිංහාසනයේ //

නන්දා අනන්දා
කරවන්නා ලංකාවෙන්
එම සන්නාලිය නංගා
දෙස නොබලන් වපරැසකින්

සප්ත සයුරෙන් එහා ...

ගායනය : Victor Rathnayaka