අමෙරිකාවෙන් ලංකාවට

suting ayya

Member
Apr 13, 2013
53
8
0
Kithul Gahe
අමෙරිකාවෙන් ලංකාවට

අමෙරිකාවෙන් ලංකාවට දෙන ආධාර 20% න් කපන්නැයි යෝජනාවක්.....:angry:

අමෙරිකාව විසින් ශ්‍රී ලංකාවට ලබාදෙන ආධාර 20% න් කපාහරින ලෙසට අමෙරිකානු රාජ්‍ය ලේකම් ජෝන් කෙරී මහතා විසින් යෝජනාවක් ඉදිරිපත් කර තිබේ.

ජෝන් කෙරී මහතා විසින් ලබාදී තිබූ අයවැය යෝජනාවට අනුව දකුණු ආසියානු රටවලින් වැඩිම ආධාර කප්පාදුවකට ලක්වී ඇත්තේ ශ්‍රී ලංකාවයි.

මෙවර අයවැය යෝජනාව සඳහා ජෝන් කෙරී මහතා විසින් ලබාදුන් යෝජනාවලිය අනුමැතිය ලබාගැන්ම සඳහා පසුගිය සතියේ කොංග්‍රසයට භාර දී තිබිණි.

මෙම වසරේ ආධාර වශයෙන් ශ්‍රී ලංකා රජයට අමෙරිකානු ඩොලර් මිලියන 11 ක් ලබාදිය යුතු බවට එකී යෝජනාවේ සඳහන් වන අතර එය පසුගිය වසරට සාපේක්ෂව 20% ක කප්පාදුවකි.

පසුගිය වසරේ ශ්‍රී ලංකාවට ලබාදුන් ආධාර කුමක් සඳහා යොදාගත්තේ ද යන්න පිළිබඳව නිවැරදිව නිරීක්ෂණය කිරීමට නොහැකි වීම මෙලෙස ලබාදෙන ආධාර කප්පාදුවට හේතු වූ බව අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙකු ඉන්දීය මාධ්‍ය හමුවේ පවසා තිබිණි.

ඔහු සඳහන් කර ඇති අන්දමට අමෙරිකාව විසින් ලබාදුන් ආධාර මගින් උතුරේ ව්‍යාපෘති සඳහා යෙදවීමට බලාපොරොත්තුව සිටිය ද ශ්‍රී ලංකා රජය සහ ආරක්ෂක අංශයන්හි මැදිහත්වීම මත එය සිදුකරලීමට අපහසු වී තිබේ.

එමෙන්ම ශ්‍රී ලංකා‍ව මේ වනවිට මධ්‍යම ආදායම් ලබන රටක් බවට පත්ව තිබීම ද මෙලෙස ආධාර කප්පාදුවට හේතු වී ඇතැයි වාර්තා වේ.

වසරේ දී මෙරට සංවර්ධන කටයුතු සඳහා අමෙරිකාව විසින් අමෙරිකානු ඩොලර් 8 ක ආධාරයක් ලබාදී තිබූ අතර 2014 වර්ෂය සඳහා මෙම අයවැය අනුව වෙන් කර ඇත්තේ අමෙරිකානු ඩොලර් 6 ක් පමණි.

මේ අතර අමෙරිකානු රාජ්‍ය ලේකම්වරයාගේ යෝජනාවට අනුව මාලදිවයිනට ලබාදෙනු ලබන ආධාර ප්‍රමාණය වැඩිකර ඇතැයි ද විදෙස් වාර්තා පෙන්වාදෙයි.
:angry::angry::angry::angry:
News From Ada Derana...
 

Sadun Buwa

Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    දුන්නත් ඉතින් ඕකෙන් වැඩිපුර වියදම් යන්නේ මහින්දටයි එයාගේ ඇමති සෙට් එකටයි නේ.
     

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,194
    12,194
    113
    Ohio, USA
    වසරේ දී මෙරට සංවර්ධන කටයුතු සඳහා අමෙරිකාව විසින් අමෙරිකානු ඩොලර් 8 ක ආධාරයක් ලබාදී තිබූ අතර 2014 වර්ෂය සඳහා මෙම අයවැය අනුව වෙන් කර ඇත්තේ අමෙරිකානු ඩොලර් 6 ක් පමණි....

    :rolleyes::baffled: