අයවැය 2018 ලේඛනය
‘නීල හරිත ආර්ථිකයක්‘ යන මැයෙන් මෙවර අය වැය ඉදිරිපත් කෙරේ.
ශ්‍රී ලංකාව ආකර්ශනීය වෙළඳ කේන්ද්‍රස්ථානයක් බවට පරිවර්තනය කිරීමට කටයුතු කරන බව මුදල් ඇමැති කියයි.
රටේ තියෙන සියලුම වාහන 2040 වන විට ඛණිජ තෙල් නොවන වෙනත් බලශක්ති මගින් ධාවනය කරන වාහන බවට පත් කළ යුතුයි.
විදුලි ත්‍රීරෝද රථ හා බස් රථ ඇතුළු විදුලියෙන් ධාවනය වන රථවාහන බදු අඩු කරනවා. -
විදුලියෙන් ධාවනය වන කාර් සඳහා වන ආනයන බද්ධ රුපියල් ලක්ෂ 10කින් අවම වශයෙන් අඩු කරනවා.
එන්ජින් ධාරිතාවය 2500ට වැඩි අධි සුඛෝපභෝගී වාහන සඳහා විශේෂ බද්ධක් පනවනවා.
ඩීසල් වලින් ධාවනය වන ත්‍රීරෝද රථ සඳහා ආනයන බද්ධ රුපියල් 50,000කින් ඉහළ දැමීමට යෝජනා කෙරේ. විදුලියෙන් දුවන ත්‍රීරෝද රථ සඳහා සහන.
දේශීය වශයෙන් එකලස් කරන විදුලි බස් රථ හා කාර් සඳහා විශේෂ සහන ලබාදෙනවා
එයාර් බග් (වායු බැලුන) සහිත වාහන ගෙන්වීම අනිවර්ය කිරීමට යෝජනා කෙරේ.
විදුලි බස් රථ 50ක් සඳහා රුපියල් මිලියන 500ක් වෙන් කෙරේ.
අතිසුඛෝපභෝගී වාහන සඳහා ලක්ෂ 25 කින් බදු වැඩිවනු
සූර්ය බලයෙන් වාහන ආරෝපනය කරන මධ්‍යස්ථාන ස්ථාපිත කිරීමට යෝජනා කෙරේ.
ප්ලාස්ටික් අපද්‍රව්‍ය කිලෝග්‍රෑම් එකකට රුපියල් 10ක නිශ්පාදන බද්දක් පැනවීමට යෝජනා කෙරෙයි.
කාබන් බද්දක් හඳුන්වාදෙනවා.
අරුවක්කාලු අපද්‍රව්‍ය බැහැර කිරීමේ පරිශ්‍රය වෙනුවෙන් රුපියල් බිලියන 3000ක් වෙන් කෙරේ.
නාගරික ගංවතුර පාලනය ඉලක්ක කරමින් කාලගුණික තත්ත්වයට ඔරොත්තු දෙන පරිදි ගංවතුර පාලනයට ආරක්ෂණ බැම්මක් ඉදි කෙරේ. වීඔය ඇතුළු ඉහළ ගංගාධාරවල නව බහුකාර්ය ජලාශ ඉදිකෙරේ.
මල්වතු ඔය, කුඹුක්කන් හා මා ඔය ආවරණය වන පරිදි භූගත ජලමාපක සවිකෙරේ.
පවිත්‍ර ගංගා ව්‍යාපෘතියෙන් කම්හල්වලින් අපද්‍රව්‍ය බැහැර කිරීම නැවැත්වීමට හැකියි. ඒ සඳහා සහනදායී ණය පහසුකම් ලබා දෙනවා. - මංගල සමරවීර
සෑම ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයකම පරිසර හිතකාමී උද්‍යානයක් ඉදිකෙරේ. පුස්තකාලයක් , ශරීර සුවතා මධ්‍යස්ථානයක් ආදී අංගවලින් එම උයන සමන්විතය. මේ සඳහා මාතර නිල්වලා ගඟේ වම් ඉවුරේ සුවිසල් කලාපයක් දැනටම ආරම්භ කර ඇත.
කූඩු කළ සතුන් සංකල්පයෙන් බැහැරව විවෘතව සතුන්ට ජීවත්විය හැකි පරිදි දෙහිවල සත්වෝද්‍යානය සකසනවා. පින්නවල අලි අනාථාගාරය යළි ප්‍රතිසංස්කරණය කරනවා.
පින්නවල අලි පර්යේෂණාගාරයක් ඉදි කිරීමට යෝජනා කෙරේ.
ජංගම දුරකථන කුළුණු ව්‍යාපෘති අධෛර්යමත් කිරීමට ගාස්තුවක් අය කෙරේ.
ඒකාබද්ධ වෙරළ කලාප කළමනාකරණ යාන්ත්‍රණයක් සකස් කෙරේ.
2018 දී මීගමුව, රැකව, පුත්තලම, මඩකලපුව, නන්දිකඩාල්, මුන්දලම ආදී කලපු 10ක් සංරක්ෂණය කෙරේ.
ගල්කිස්සේ සිට රත්මලාන දක්වා වෙරළ ප්‍රතිෂ්ඨාපනය කිරීමට යෝජනා කෙරේ. ඊට රුපියල් මිලියන 400ක් වෙන් කෙරේ.
ගල්කිස්සේ සිට රත්මලාන දක්වා වෙරළ ප්‍රතිස්ඨාපනය කිරීමේ ව්‍යාපෘතියකට රුපියල් බිලියන 400ක් වෙන්කෙරේ. මීගමුවේ සිට මාරවිල දක්වා වෙරළ තීරය ආරක්ෂා කිරීමට ආයෝජන ව්‍යාපෘතියක් ද ආරම්භ කෙරේ.
අපනයන වෙළඳපොල ප්‍රවේශයට පහසුකම් සැලසීම පිණිස පරිසර වැඩසටහන් ශක්තිමත් කළ යුතුයි. කුඩා සහ මධ්‍යම ප්‍රමාණයේ වැව්වල රොන් මඩ ඉවත් කිරීම කළ යුතුයි. ඒ සඳහා රුපියල් මිලියන 1000ක් වෙන් කරනවා. - මංගල
වැසි ජලය ක්‍රමවත් ආකාරයට රැස්කිරීමට කුඩා සහ මධ්‍යම ප්‍රමාණයේ වැව්වල රොන්මඩ ඉවත් කිරීමට රුපියල් මිලියන 1000ක් වෙන්කෙරේ.
තෝරාගත් භාණ්ඩ කිහිපයකට ජාතිය ගොඩනැගීමේ බද්ධ ඉවත් කෙරේ.
දේශගුණික හා කාලගුණක සාධක මත ගොවීන් යැපුණත් නියඟ හා ගංවතුර තත්ත්වයන් යටතේ පැවැති රජයන් මුදල් ආදාර ලබා දුන්නා. කාලගුණක තත්ත්ව පදනම් කරගත් රක්ෂණයක් ආරම්භ කිරීමට යෝජනා කරනවා. බෝග වර්ග හයක් සඳහා අක්කරයකට රුපියල් 40000ක උපරිමයකට යටත්ව අක්ෂණාවරණයක් දීමට යෝජනා කරනවා.
අපනයන වෙළඳපොල ප්‍රවේශයට පහසුකම් සැලසීම පිණිස පරිසර වැඩසටහන් ශක්තිමත් කළ යුතුයි. කුඩා සහ මධ්‍යම ප්‍රමාණයේ වැව්වල රොන් මඩ ඉවත් කිරීම කළ යුතුයි. ඒ සඳහා රුපියල් මිලියන 1000ක් වෙන් කරනවා.
මඩකලපුව දිස්ත්‍රික්කයේ ආදර්ශ ජල ජීවි උද්‍යානයේ යටිතල පහසුකම් වැඩිදියුණු කෙරේ.
මුහුදු කූඩැල්ලන් ඇල්ලීමට සහ සැකසීමට විශේෂ මධ්‍යස්ථානයක් ස්ථාපිත කෙරේ. ඒ සඳහා පෞද්ගලික අංශයටද අවස්ථා ලබා දේ.
වැවක් සහිත ගමක් වැඩසටහන තවදුරටත් ක්‍රියාත්මක කෙරේ.
කිරි, ඹෟෂධ වැනි නිෂ්පාදයන් සඳහා කර්මාන්ත උපකරණ ආනයන කිරීමේදී බදු සහන.
ගුණාත්මක තත්ත්වය පරීක්ෂා කරන ආයතන (ප්‍රමිති ආයතනය වැනි) සංවර්ධනය කිරිමට කටයුතු කරනව
අපයනය කරන දේශීය කර්මාන්ත ශාලා බල ගැන්වීමට කටයුතු කරනවා.
තොරතුරු තාක්ෂණය වෙනුවෙන් කොළඹ හා මොරටුව විශ්වවිද්‍යාල වලින් පාඨමාලා.
තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ සංවර්ධනයට රුපියල් මිලියන 3000ක්.
කුඩා හා මධ්‍යම ව්‍යාපාර ණය ලබා ගැනීමට ඇපකර අරමුදලකට රුපියල් මිලියන 500ක්.
විශේෂ අවශ්‍යතා ඇති පුද්ගලයන් ව්‍යාපාර සඳහා යොමුවීමේදී පොලී සහන.
කාන්තාවන් සවිබල ගැන්වීම සඳහා ඔවුන්ගේ ව්‍යාපාර ශක්තිය ලබාදීමට කාන්තා ව්‍යවසායකයන් සඳහා පොලී අනුපාත සහනයක්.
කොටස්කරුවන් සහිත කුඩා ව්‍යාපර ඇති කිරීමට සහාය දෙනවා. ඒ සඳහා මිලියන 500ක් වෙන්කරනවා.
කුඩා ව්‍යාපාරවල නිරත පුද්ගලයන්ට සහන ලබාදෙනවා. ව්‍යාපාරික කුසලතා දියුණු කරීම සඳහා ආධාර ව්‍යාප්ත කරනවා. මිලියන 2200ක් වෙන්කරනවා.
ආනයන අපනයන සංවර්ධන බැංකුව ඉදිකිරීමට රැපියල් මිලියන 10000ක් වෙන් කරනවා.
සුළු ව්‍යාපාරිකයන් වෙනුවෙන් ව්‍යාපාරික යෝජනාවේ සක්‍යතාව සැලකිල්ලට ගෙන ඔවුන්ට ණය ලබාගැනිමට අවස්ථාව දෙනවා. ආනයන අපනයන සංවර්ධන බැංකුවක් ඇතිකරනවා.
රටක ජනතාවට අාඩම්බර විය හැකි සාර්ථක ගමනකට රජ ෙය් උපකාර.
අවධානම් දරන ව්‍යාපාරිකයන්ද රැකබලා ගත යුතුයි.
ශ්‍රී ලංකාවේ මල් නිශ්පාදනය විදේශ වෙළඳපොළට ප්‍රවේශවීමට දියුණු කිරීමට යටිතල පහසුකම් නංවනවා.
කෙසෙල් හා අන්නාසි අපනයනය කිරීම දිරිමත් කරනවා. ඉහළ නිශ්පාදන ඵලදාවක් සහිත පැළ නිශ්පාදනය දිරිමත් කරනවා.
කුකුළු පාලනය - දේශීය බඩ ඉරිඟු ආනනය ලිහිල් කරනවා. කුළුලු ගහණය මිලියන 500ක් දක්වා වැඩි කිරීමට කටයුතු කරනවා.
රබර් කර්මාන්තයේ අගය එකතු කිරීමේ නිශ්පාදන සඳහා සහන.
පොල් තෙල් හා පොල් මද ආශිත නිශ්පාදන සඳහා ජාතිය ගොනැගීමේ බද්ද වසරකට ඉවත් කෙරේ.
කුඩා තේ වතු හිමියන්ගේ ඵලදායිතාවය නැංවීමට රුපියල් මිලියන 250ත්.
කුළු බඩු කර්මාන්ත සඳහා සහන ලබාදෙනවා. ගුණාත්මක අතින් ඉහළ නිශ්පාදන සඳහා නීති රීති. කුරුඳු හා ගම්මිරිස් අගය එකතු කිරීම වර්ධනය කරනවා.
ත්‍රිරෝද රථ නියාමන අධිකාරියක් ස්ථාපිත කරනවා.
ත්‍රිරෝද රථ රියදුරන් සංචාරක මඟ පෙන්නන්වන් වශයෙන් පුහුණුකරනවා. ඔවුන්ට නොමිලයේ පුහුණුව දෙනවා.
ත්‍ර්‍රිරෝද රථ ව්‍යවසායකයන් බහිකිරීමට කටයුතු කරනවා. සංචාරකයන්ට හිතැති ටුක් ටුක් සංකල්පය හදුන්වා දෙනවා.
ඕෆ් රෝඩ් ක්‍රීඩා විදුලි වාහන සඳහා බදු සහන.
සංචාරකයන්ගේ ආරක්ෂාව සඳහා නව පොලිස් ස්ථාන ඉදිකරනවා.
මාදුරු ඹය හා ගල් ඔය සෆාරි පහසුකම් සහිතව සංවර්ධනය කරනවා.
අභ්‍යන්තර ගුවන් තොටුපොළවල් පෞද්ගලික අංශයේ සහාය ඇතිව සංවර්ධනය කරනවා.
දුම්රිය ස්ථාන කොළඹ කෙටුව, නානුඹය දුම්රිය කෞතුකාර ලෙස සංවර්ධනය කරනවා.
සංචාරකයන් අභිමුඛ වන පරිදි මත්පැන් බලපත්‍ර ලබාදීම වෙනස් කරනවා.
සංචාරක ව්‍යාපාරයෙන් සිටින බදු නොගෙවන්නන් බදු දැළට හසුකර ගන්නවා.
සංචාරකයන් සඳහා පහසුකම් සපයන නිවාස හිමියන්ට ණය ක්‍රමයක් ඇති කරනවා.
2020 දී සංචාරකයන් මිලියන 4.5ක් පැමිණෙතැයි අපේක්ෂා කරනවා.
දැව හා දැව ආශ්‍රිත නිශ්පාදන වර්ධන අවකාශය ප්‍රමාණවත් පරිදි භාවිතයට ගෙන නොමැත. ඒ සඳහා නිර්මාණ සැකසුම් මධ්‍යස්ථානයක් මොරටුව විශ්වවිද්‍යාලය සමග ස්ථාපිත කරනවා.
වසර 13ක අධ්‍යාපනක් ලබාදීමේ අරමුණ ඇතිව අධ්‍යාපනයට ලබාදෙන ප්‍රතිපාදන ව්‍යුහගත කර ඇත. ඒ සඳහා මිලියන 3500ක් වෙන්කරනවා.
සිසු රක්ෂණ ක්‍රමය හා ටැබ් පරිගණක ලබාදීමේ පොරොන්දුව ඉටුවෙමින් පවතිනවා.
නව වෘත්තීය පුහුණු පාසල් පහක් ඉදිකරනවා.
යොවුන් සේනාංකය ශක්තිමත් කිරීම සඳහා රුපියල් මිලියන 2000ක් වෙන්කරනවා.
රුපියල් 6000ක් දක්වා යැපුම් පිරිවැයක් රජයෙන් දරණවා.
රුකියා සඳහා සූදානම් කිරිමේ අරමුදලට රුපියල් මිලියන 2000ක් වෙන්කරනවා.
ප්‍රාථමික හා ද්විතික අධ්‍යාපනයට ආයෝජනය කරනවා.
තරුණයන්ට විශ්වවිද්‍යාලයට යන්න බැරිනම් වරද තරුණයන්ගේ නොවේ රජයේයි.
අපේක්ෂා භංගත්වයට පත්ව ඇති තරුණයන් ලක්ෂ 2ක් පමණ වසරකට බිහිවෙනවා.
තරුණ ව්‍යවසයාකයන් සංවර්ධනය කිරීමට අදාළව ඔවුන්ට සමාන අවස්ථා ලබාදෙනවා.
රාජ්‍ය හා පෞද්ගලික ඒකාබද්ධ ව්‍යාපාර සංවර්ධනය කිරීමට කටයුතු කරනවා.
ලියාපදිංචි සමාගම් සඳහා ඉඩම් මිලදී ගැනීමේදී ඇති සීමා ඉවත් කරනවා.
ව්‍යාපාර ලියාපදිංචිය පහසු කිරිමට එක් ආයතනයක්.
Last edited:



බයික් වල සත ගාණක්

