අය්යෝ පොනිල් මොනවද මේ වෙන්නේ.ඔයාව වීරයා කරගත්තු ගොඩක් අය මේකේ ඉන්නවනේ
අවුරුදු 30ක් පැරදි පැරදි නායකත්වයේ ඉන්න ඔබතුමා අයින්වෙලා තරුණයෙක්ට නායකත්වය දෙන්නේ නැද්ද? ලංකාවේ ටෙලිවිෂන්කාරයන්ට අහන්න කොන්දක් නැති දේ ලෝ ප්‍රකට CNBC නාළිකාවේ මාධ්‍යවේදියෙක් රනිල්ගෙන් අහයි! රනිල්ට යකා නැගලා පිස්සු කෙළියි! (VIDEO)
අමෙරිකාවේ සුප්‍රකට CNBC නාළිකාව සමග පැවැති සාකච්ජාවකදී එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා කෝපයට පත්ව අදාළ නිවේදකයාට බැනවැදීමේ සිදුවීමක් ඊයේ සිදුවිය.
ඒ, අදාළ රූපවාහින් නීවේදකයා වික්‍රමසිංහ මහතාගෙන් කළ ප්‍රශ්න කිරීමේදීය.
එහිදී ඔහු විමසා සිටියේ ඔබ රාජපක්ෂවරුන්ට ඉවත් වන ලෙස කීවත්, වසර 30ක් තිස්සේ පරාජයට පත්වෙමින් එජාප නායකත්වය දරා සිටින ඔබ ඉවත් නොවන්නේ මන්ද කියාය.
එහිදී කෝපයට පත් වික්‍රමසිංහ මහතා ප්‍රශ්නය මගහරිමින් කියා සිටියේ සැතපුම් 4000ක් එපිටින් සිට ප්‍රශ්න නොඅසා ලංකාවට පැමිණ තමන්ගෙන් ප්‍රශ්න කරන ලෙසය.
