ලැබූ නිදහස බුක්ති විදීමට නොහැකි නම් එහි ඇති පල කිම?
අයාලේ ගිහින් පනහක් දඩ
බේරේ වැව තෙර ඉබාගතේ යමින් සිටි තරුණියකට කොළඹ කොටුව මහේස්ත්‍රාත් කනිෂ්ක විජේරත්න මහතා රුපියල් පනහක දඩ නියම කෙළේය. ඇය එහි සිටියේ කුමක් සඳහා දැයි කීමට ඇයට නොහැකි විය.
2012 ජනවාරි මස 02 17:00
by lankadeepa
මිනිස්සුන්ගේ නිදහස මේ වගේ අයුතු පොලිස් බලපෑම් වලින් උල්ලංගනය වෙනවා කියල ඔයාල කාටවත් හිතෙනවද?
මට මේක මෙහෙම අහන්න හිතුනේ මම හේතුවක් නැතිව වැඩක් නැති වෙලාවට ඇව්දින අවිදිල්ලට එල්ලලා මරන්න වෙය් කියල හිතුන නිසා. මටත් එක දවසක් මොරටුව කැම්පස් එක පල්ලෙහා චෙක් පොය්න්ට්එක ලගින් කෙල්ල එක්ක යද්දී ලගට අඩ ගහලා "රවුන් ගහන්න බෑ හරිද" කියල සද්දයක් දැන්මා. එවෙලාවේ මන් එහෙම රවුම් ගහන එක වරදක්ද කියලා අහන්නත් හදල ඇහුවේ නැත්තේ කෙල්ල ඉන්න තැන පොලිස් කාරයෝ එක්ක අවුල් දාගන්න එක නුවනට හුරු නැති නිසා.
ඇත්තටම මේ වගේ වැඩ සදාරණද?
කිසිම දේශපාලන මඩ ගැහිල්ලක් නෙවෙය්.
පොලිසියෙන් මෙහෙම මිනිස්සුන්ට හැමදාමත් කරදර කරනවා. අපි කොච්චර කල් මේවා ඉවසන් ඉන්න ඕනද?
මෙවන් අයුතු පොලිස් ක්‍රියාකාරකම් වලට විරුද්දව හඩක් නගන්න ඔබත් සහය වන්න. හෙට දිනයේදී මෙසේ අසාදාරණයට ලක්ව අපහසුතාවයට පත්වන්නේ ඔබගේ මව පියා සහෝදරිය සහෝදරයා හෝ ආදරවන්තිය විය හැකිය. නිහඩව සිටීම නිවට කමකි.
බම්ප් එකක් දැමීම ඔබගේ යුතුකමකි
Last edited:




