අයින්ස්ටයින්ටත් වැරදිලා !!!!

Goldberg

Member
Dec 15, 2008
1,354
117
0
අයින්ස්ටයින්ටත් වැරදිලා !!!!

a-21.jpg



අයින්ස්ටයින්ගේ වරදක් 23 හැවිරිදි ශිෂ්‍යකු විසින් නිවැරදි කැර ඇතැයි අයින්ස්ටයින් සතුව තිබූ ලිපියක් මගින් හෙළිදරව් වී ඇත. භෞතික විද්‍යා විද්‍යාපති උපාධිය සඳහා සූදානම් වෙමින් සිටි හර්බට් සැල්සර් නමැති මේ සිසුවා අයින්ස්ටයින්ගේ ප්‍රසිද්ධ සමීකරණයක් නිවැරදි නොවන බව පෙන්වා දුන් බව මේ ලිපියෙන් පැහැදිලි වේ.

අයින්ස්ටයින් පළමුව මේ සිසුවාගේ මතය ආචාරසම්පන්නව ප්‍රතික්ෂේප කරමින් ඔහුට දීර්ඝ ලිපියකින් තම නිවැරදි බව දක්වා තිබේ. අයින්ස්ටයින් එම ලිපිය අවසන් කැර ඇත්තේ මා දැන් ඔබට පෙන්වන්නම් එම සමීකරණය ඇත්තෙන් ම ඔබ කියන ලද සමීකරණය නොවන බව පවසමිනි. ඔහු ලිපියේ අත්සන යොදා ඇත්තේ ඔබට ගෞරවයෙන් ඒ.අයින්ස්ටයින් යනුවෙනි.

ඉන් සති දෙකකට පසු සැල්සර්ට අයින්ස්ටයින් විසින් එවන ලද දෙවන ලිපියෙන් අයින්ස්ටයින් තමන් වරදක් කැර ඇති බව නිහතමානීව පිළිගෙන ඇත. 1938 සැප්තැම්බර් 13 වැනි දින ලියන ලද එම දෙවැනි ලිපියේ එම වරද තමන්ගේ බව ද ඔහු අයින්ස්ටයින් සඳහන් කැර තිබේ.

එම දෙවැනි ලිපියේ අයින්ස්ටයින් මෙසේ දක්වා තිබේ.

‘‘ පරිනාමයට ඇත්ත වශයෙන් අවශ්‍ය සාපේක්ෂතාවාදයේ සිද්ධාන්තයි. ඒ නිසා ඔබගේ රූපාන්තරණ සමීකරණය නිවැරදිය. මගේ එම සමීකරණ නිවැරදි නොවේ. මගේ පළමු ප්‍රකාශය නිවැරදි නොවේ. “

මේ ලිපි හුවමාරුව අදාල වන්නේ අයින්ස්ටයින්ගේ විද්‍යුත් චුම්භක ක්ෂේත්‍රෙය් සහ ගුරුත්වාකර්ශනයේ එන සමාන්තර වාදයේ සිද්ධාන්තයකටය.

අයින්ස්ටයින් මේ සිද්ධාන්තය සංවර්ධනය සඳහා වසර ගණනාක් තම කාලය මිඩංගු කළ අතර මේ කාර්යය 1931 දී අයින්ස්ටයින් විසින් අත්හැර දැමුවේ මෙම ක්ෂේත්‍ර දෙක පිළිබඳ තේරුම්කර දීමට ඔහුට නොහැකි වූ බැවිනි.

පසුකාලයේ දී අයින්ස්ටයින් ඒ ගැන හෙළිදරව්කරමින් පවසා ඇත්තේ සැල්සර් නමැති ඇමෙරිකානු සිසුවා තමන්ගේ සිද්ධාන්තය නිවැරදි කළ බවයි. පසුව සැල්සර් ගෞරව සම්ප්‍රයුක්ත භෞතික විද්‍යාඥයෙක් වූයේය. ඔහු කොලම්බියා සහ බ්රුක්ලන්ඩ් විශ්වවිද්‍යාලයන්හි දේශනවලට සහභාගී විය. එමෙන් ම ප්‍රකාශන 100 ට වැඩි ප්‍රමාණයක් ප්‍රසිද්ධ කරන ලදී.

හර්බට් සැල්සර් 2006 දී මියගියේය. මියයන විට ඔහු 91 වැනි වියේ පසුවිය. සැල්සර් මිය යාමෙන් පසු ඥාතීන් අතට පත්වූ පසුගිය දා වෙන්දේසියකට ඉදිරිපත් කැරිණි. ජර්මානු භාෂාවෙන් අයින්ස්ටයින් විසින් ලියන ද ලිපියක් සහ සැල්සර්ට ලියන ලද මෙම ලිපියේ මුල් පිටපත වෙන්දේසියේ දී පවුම් 50,000 ට මිලකැර තිබේ.
ලොස් ඇන්ජලිස් හි උපත ලද්දකුවන මෙම නේදේසිකරු ජෝ මැඩලිනා පවසන්නේ මේ ලියුම් විශිෂ්ඨ ඒවා වනුයේ අයින්ස්ටයින් විසින් වයස 23ක භෞතික විද්‍යා සිසුවකුට තම වරද භාර ගනිමින් බැගෑපත්ව ඇති නිසා බවයි.

A.jpg

හර්බට් සැල්සර්


A.-3.jpg



a-4.jpg

 
May 19, 2013
1,864
81
0
අයින්ස්ටයින්ට වැරදිච්ච තැනක් ප්ලාන්ක් ද කොහේ හරි ගස්සලා තියෙනවා නේද?
 

chamali2009

Member
Nov 5, 2009
13,496
373
0
37
අගහරු වල
ලංකාවෙත් ඉන්නවා නෙහ් ඔහොම වැරදි පෙන්නපුවම පිළිගන්න අය......අපේ ඉස්කෝලෙත් හිටිය වගේ මතකයි.....:lol::lol::lol:

හොද පොස්ට්
එකක් සහෝ...රේප්++
 
  • Like
Reactions: Goldberg