අයින්ස්ටයි !!!!!!!!!!!!

keshara

Well-known member
  • Sep 20, 2006
    2,039
    418
    83
    විසි වන ශතවර්ෂයේ සිදු කෙරුනු වැදගත්ම එමෙන්ම දැවැන්තවිද්‍යාත්මක සොයාගැනීම් බොහෝමයක් පිටුපස වූ මහා ප්‍රාඥයා වූයේ ශේ්‍රෂ්ඨ විද්‍යාඥ ඇල්බට් අයින්ස්ටයින් බවට විවාදයක් නැත. එක් පෘථග්ජන මනුෂ්‍යයෙකු සතුව මෙබඳු සංකීර්ණ සොයාගැනීම් රාශියක්ම සිදු කිරීමට තරම් වූ අසීමිත බුද්ධි ප්‍රභාවක් තිබිම පිළිබඳව බොහෝ දෙනකු තුළ හට ගත් විස්මය සංසිඳුවන හේතු සාධක ඉදිරිපත් කිරීමට පසුගිය දිනකදී සිදු කළ අධ්‍යයනයක් සමත්වූයේ අයින්ස්ටයින්ගේ මොළයේ වූ අසාමාන්‍ය හැඩයක් ඔහුගේ බුද්ධි වර්ධනයට ඉවහල් වූ බව පවසමිනි. නොබෙල් සම්මානලාභී භෞතික විද්‍යාඥ අයින්ස්ටයින්ගේ අසාමාන්‍ය මොළය ඔහුගේ අධි අසාමාන්‍ය බුද්ධියේ පදනම වූ බවට කලක පටන් පැවැති සැකය තහවුරු කිරීමට ෆ්ලෝරීඩා ප්‍රාන්ත විශ්වවිද්‍යාලයේ මානව විද්‍යාඥ ඩීන් ෆෝක් ඇතුළු පිරිස සමත් විය.

    අයින්ස්ටයින්ගේ මොළයේ වූ ධුසර ද්‍රව්‍යවල අසාමාන්‍ය ලෙස ඉහළ නැමුම් දාර සංඛ්‍යාවක් පිහිටා ඇති බව මෙහිදී අනාවරණය කර ගනු ලද්දේ එය සාමාන්‍ය මානව මස්තිෂ්ක අසූපහක් සමග සංසන්දනය කිරීමෙනි. මේ සඳහා අයින්ස්ටයින්ගේ මොළයේ විශ්‍ලේෂණ කටයුතු සිදු කිරීම සඳහා අවශ්‍ය නිදර්ශක ලෙස භාවිතා කෙරී ඇත්තේ තෝමස් හාවි සතුව තිබූ අයින්ස්ටයින්ගේ මොළයේ විවිධ හරස්කඩයන් දක්වන ඡායාරූප එකතුවෙන් තෝරා ගන්නා ලද ඡායාරූප හතරකි. අයින්ස්ටයින් සතුවූ මහා දැනුම් සම්භාරය ගබඩා කරගත් එකී මාහැඟි බුද්ධිමූලය (මොළය) තුනී හරස්කඩයන් දෙදහසකට වෙන් කරන ලද ව්‍යාධිවේදියා වනුයේ තෝමස් හාවිය.
    මෙකී ඡායාරූප සෙසු මානව මස්තිෂ්කයන් හා සංසන්දනය කිරීමේදී පෙනී ගොස් ඇත්තේ ග්‍රෑම් එක්දහස් දෙසීයතිහක බරකින් යුතු මහා විද්‍යාඥයාගේ මොළයද අන් මස්තිෂ්කයන් හා ප්‍රමාණයෙන් සමානකම් ඉසිලුවද එහි වූ දාර හා නැවීම් සංඛ්‍යාව අසාමාන්‍ය ලෙස ඉහළ බවයි. මොළයේ වන එක් එක් ඛණ්ඩිකාවේ පිහිටි අතිශය සංකීර්ණ ලෙස දඟර ගැසුණු කලාපයන් හඳුනා ගැනීමට සමත් වූ ඩීන් ඇතුළු ඇගේ සහායක විද්‍යාඥ කණ්ඩායම විසින් සිදුකළ තවත් වැදගත් නිරීක්ෂණයක් වූයේ මුහුණට හා දිවට ස්නායු ආවේග සම්ප්‍රේෂණය කිරීමට ඉවහල් වන්නාවූ මස්තිෂ්ක කොටසේ හා පූර්ව ලලාට බාහික ප්‍රදේශයේ වූ අසාමාන්‍ය විශාලත්වයයි. අවධානය රඳවා ගැනීම හා පූර්ව සැලසුම් කිරීම්වලට මූලික වනුයේ මොළයේ මෙකී කොටස් වන අතර අයින්ස්ටයින් විසින් සිය මොළයේ වූ චාලක බාහික ප්‍රදේශයද සාමාන්‍ය ක්‍රියාවලීන්ගෙන් අපගමනය වූ අසාමාන්‍ය ලෙස සුවිශේෂී වූ කාර්යයන් සපුරා ගැනීම සඳහාද යොදා ගන්නට ඇති බව ඩීන් ඇතුළු පිරිස සිය සොයාගැනීම් හරහා එළැඹ ඇති මතයයි.
    සමස්තයක් වශයෙන් ගත් කල අයින්ස්ටයින්ගේ මස්තිෂ්කයේ ප්‍රමාණය හා අසමමිතික හැඩය සම්බන්ධයෙන් කිසිදු අසාමාන්‍යතාවක් නොවුවද පූර්ව ලලාට, ෙදෙහික සංවේදන, ප්‍රාථමික චාලක පාර්ශ්වික හා අවමූර්ධ බාහික ප්‍රදේශයන්, සාමාන්‍ය බව ඉක්මවා ගිය සුවිශේෂී බවකින් යුතු වූ බව මෙම අධ්‍යයනයන්ගෙන් පැහැදිලිව පෙනී ගොස් ඇති කාරණයකි. එකී අසාමාන්‍යතා උපතින් හට ගන්නා ලද්දක්ද නැතහොත් ඔහු විසින් සිදු කළ අද්විතීය සොයාගැනීම්වල ප්‍රතිඵලයක් ලෙස මොළයේ සිදු වූ විකසනයක්ද යන්න තහවුරු කර ගැනීම සදහා ඉදිරියේදී තවදුරටත් පරීක්ෂණ සිදු කිරීමට මානවවේදී ඩීන් ෆෝක් ඇතුළු පිරිස බලා‍පොරොත්තු වන්නෝය…

    හැකිනම් කොමෙන්ටුවක් දාලා යන්න
     
    Last edited:

    kasun69

    Well-known member
  • Mar 14, 2011
    1,748
    560
    113
    ස්තුතියි , අකුරු තව ටිකක් ලොකු උනානම් හොදයි .... 2+
     

    keshara

    Well-known member
  • Sep 20, 2006
    2,039
    418
    83
    ස්තුතියි , අකුරු තව ටිකක් ලොකු උනානම් හොදයි .... 2+

    ඔව් බන් අකුරු ටිකක් ලොකු කරප්න්, එල රෙප් :yes:

    බොරලුගොඩ මහතා;14021359 said:
    ස්තුතියි , අකුරු තව ටිකක් ලොකු උනානම් හොදයි .... 2+

    බොරලුගොඩ මහතා;14021364 said:
    rep passe dennam

    photos tikakuth daapanko balanna..

    සංසුන් පොඩ්ඩා;14021399 said:
    api pottai...apita penne netho...


    බොහොම තුති ඉලග එක අකුරු ලොකු කරලා දාන්නම් අදහස් පල කලාට තුති
     
    • Like
    Reactions: sudu pusa

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    profilepic330471_20.jpg