අයියෝ සනී ලියොන් අනතුරක

EUMA175

Well-known member
  • Oct 31, 2011
    4,282
    1,163
    113
    52
    Kandy
    අයියෝ සනී ලියොන් අනතුරක

    සරාගී නිළි සනී ලියෝන් අනතුරකට මුහුණදුන් පුවතක් බොලිවුයෙන් වාර්තා වේ. ඇය රංගනයෙන් දායකවන අලූත්ම චිත‍්‍රපටය වන දේවන්ග් ඩෝල්කියාගේ ‘ටීනා ඇන්ඩි ලෝනො’ හි රූගන කිරීමක් අතුරතුරදී මෙසේ ඇය අනතුරකට මුහුණදී ඇත.

    කි‍්‍රයාදාම ලේබලය යටතේ තිරනිර්මාණය කෙරෙන මෙම ‘ටීනා ආන්ඩි ලෝලො’ චිත‍්‍රපටයේ සනී මෝටර් රථයක් උඩ සිදුකරන සටන් ජවනිකාවක් රූගන කරන අතරවාරයේදී මෙම අනතුරට ඇය මුහුණදී තිබෙන බව සඳහන් වේ.

    බොලිවුඩයෙන් වාර්තා වන අන්දමට මෙම අනතුරින් සනී ලියොන්ගේ දකුණු කකුල සහ වම් අතේ වැලමිට ඉහළ ප‍්‍රදේශය ආබාධයකට ලක්ව ඇත.

    කෙසේ වෙනත්, සනී පවසන්නේ තමාට සුළු විවේකයක් පමණක් අවශය බවත්, ඉතා ඉක්මනින් නැවතත් ‘ටීනා ඇන්ඩි ලෝලො’ චිත‍්‍රපටයෙ රූපගත කිරීම්වලට යොමුවීමට තමා අදහස් කරමින් සිටින බවත්ය.