අයිය තමයි දන්නේ
“ඈ.. අප්පුවෝ.. තෝ උදේ ඉඳන් රෑ වෙනකං ඔය දෙමළ චිත්තරපටියි, හින්දි ඒවයි බලාගෙන ඉන්නේ තෝ හරියට ඉන්දියංකාරයෙක් කියළා හිතාගෙන වෙන්ඩෑ...” කියමින් කිරි අත්තා නගපු ගෝරනාඩුවෙන් මම උඩ ගොස් බිම වැටිනි.
ආක්සේ කුමාර් රඟන රවුඩි රාතොර් චිත්තරපටිය දැන් හත් අට විඩේකට වඩා බැලුවත් ඒක මට එපා වෙන්නැත්තේ රවුඩි රාතෝර් ගේ ඇක්සන් නිසාය. ඒ රවුඩි රාතෝරුත් හරියට අපේ සමහර දේශපාලකයින් මෙන් මාර රවුඩි ය. කොයිතරං රවුඩි ද කියනවා නං අන්ඩං රවුල නැත්තං දේශපාලකයෙක් නොවන ගානට අන්ඩං රවුල ප්‍රසිද්ධය. නායකයෙක් වීමට නං රවුල තිබිය යුතුය. නායකයා මනින්නේ රවුලෙනි.
“මොකද කිරි අත්තේ උඹ බෙරිහං දෙන්නේ... මං දැන්නේ වැවේ ඉඳලා හරක් පට්ටිය දිගේලි කරලා ගෙදර ආවේ...”
“ඇයි යකෝ මේ දවස්වල රටේ තොටේ වෙන්නේ මොකක්ද කියළා බලන්ඩ ඔය ප්රවෘත්තියක්වත් දාපිය..හැම වෙලාවෙම චිත්තරපටිම බලපුවාම හරියනවද...”
කිරි අත්තා දිහා රවුඩි රාතෝර් බැල්මක් දාපු මම සිංහල චැනලයකට මාරු කළෙමි..
එහි රාජපස්ස පවුල සහභාගි වන ප්රවෘත්ති සාකච්ඡාවකි..ඒක ටිකක් නැගලා යැයි වගේ යයි මම හිතුවේ රවුඩි රාතෝර් වගේ අන්ඩං රවුල දාපු රාජපස්සලා දෙන්නෙක් කතා කරන නිසාය. මහා ආර්ථික විශේෂඥ හා රාජපස්සලාගේ ආර්ථික උපදේශක විමල් වීරවංශත්, සිරිලංකා එකේ ඉඳං කොන්ඩෑරුමක් ගහපු අමරවීර ගණිතඥයාත් ඉදිරි පෙළ වාඩි වී සිටිති. මදුමාදව නියොජ්‍ය නායකයාගේ අභාවයෙන් පසු මුඛ පූට්ටුව සිටින ගොම්මන්පිල දාර්ශණිකයානෝ ද පසුපසට වී නක්කි හිනාව දමමින් සිටියේය.
“කිරි අප්පට බල්ලෝ පැනපි කිව්වලු... මොකක්ද පුතේ ඔය..”
මම කිරි අත්තා දෙස බැලුවෙමි..මට මල පැන තිබුනේ අන් කිසිවක් නිසා නොව මම බල බල හිටපු චිත්තරපටියේ සෝනාක්ෂි සින්හාගේ සෙක්සි නැටුම බලමින් සිටි අවස්ථාව කිරි අත්තා විසින් කඩාකප්පල් කළ නිසාය.
“ඇයි බලපං.. කිරි අත්තේ.. ඔය රාජපස්ස පවුලේ ප්රවෘත්ති සාකච්ඡාවක්..”
“කිරි අත්තා හරි බරි ගැහී කොට බංකුවේ ඉඳ ගත්තේය.”
මාධ්‍යවේදියෝ රාජපස්ස පවුලෙන් ප්‍රශ්න අසති.
“යුද්දෙ වෙලාවේ ආරස්සක ලේකම්වරයා ඔබතුමානේ.. එතකොට යුද්දෙන් අත්තඩංගුවට ගත්ත ත්‍රස්තවාදින්ට මොකද කළේ...”
“අයිය තමයි දන්නේ... හෙහ්... හෙහ්... හෙහ්....”
“සමහර මිනිසුන් අතුරුදන් කළා කියළා චෝදනාවක් තියෙනවා.. ඒකට කව්ද වග කිව යුත්තේ..”

“ඔබතුමාගේ කාළේ.. මාධ්‍ය ආයතනවලට ගිනි තිබ්බා.. සිරසට, සියතට, ලංකා ඊනිව්ස්සෙකට.. වගේ.. ඒ වගේම මාධ්‍යවේදියෝ මකබෑව්වා... ලසන්ත, එක්නැලිගොඩ වගේ අය.. සමහරුන්ගේ අතපය කැඩුවා..ඒකේ වගකීම කාටද ...?”

“එතකොට ඒ කාළේ කෞතුකාගාර කැඩුවා.. සමහර කෞතුක වස්තු අතුරුදන් වුනා.. රන් කඩු වගේ.. සිරිපාදේ දඹරන් ඝන්ටාරෙත් අතුරුදන් වුනා.. කෝට්ටේ හාංදුරුවෝ දෙනමක් මරළා ඒකේ තිබිච්චි රන්කඩුවක් අතුරුදන් වුනා... ඒවා ගැන පරීක්ෂණ කෙරුවද ඔබතුමාලාගේ කාළේ...”

“ඊලඟට…. වතුර ඉල්ලලා අඬපු රතුපස්වල මිනිස්සුන්ට වෙඩි තියළා මැරුවා..භුමිතෙල් සහනාධාරය ඉල්ලපු ධීවරයින් ට වෙඩි තියළා මැරුවා.. වැලිකඩ බන්ධනාගාරේ ට මහරෑ පැනලා ඒකේ තිස් ගානක් මැරුවා.. ඒවාට මොකද වුනේ...”

“ඇයි... රගර් ක්‍රීඩක තාජුදීන් ඝාතනය.. ඒකේ පිටිපස්සේ ඉන්නේ කව්ද..?
“ඒක දන්නේ.. අක්ක.. නෑ.. නෑ.. මේ.. අයිය තමයි දන්නේ... හෙහ්... හෙහ්... හෙහ්....”
“ඔබතුමා ද්විලිංගික.. සොරි.. ද්විත්ව පුරවැසියෙක් කියලා සමහරු චෝදනා කරනවා.. ඒක ගැන මොකද කියන්නේ...”
“ඒකත්.. අයිය තමයි දන්නේ... හෙහ්... හෙහ්... හෙහ්....”
“දැන් ජනාධිපති අපේක්ෂකයා ඔබතුමායි.. මේ රටේ ජනාධිපති වුනොත් ඔබේ ආර්ථික සැලැස්ම මොකක්ද..?”
“ඒකට මම නෙමෙයි.. මගේ ආර්ථික උපදේශක , ආර්ථික විශ්ලේශක හා වරලත් ආර්ථික විද්‍යාඥ විමල් වීරවංශ මහත්තයා උත්තර දෙයි..”
“අපි ආර්ථිකය හදන්නේ මෙහෙම.. ඒ කියන්නේ අපේ උපරිම උත්සාහය විතරක් නෙමෙයි ලෝක ප්‍රජාව සතු නිශේද බලය, සියැටෝ බලය. උන්ක්ටාඩ් බලය, සෙන්ටෝ බලය, යුනිසෙෆ් බලය, නැටෝ බලය, න්යස්ඨික බලයට නැනෝ තාක්ෂණය ආදි මෙකී නොකී සියලු බල යොදවලා අපි ජාතික නිෂ්පාදිතය ඉහළ නංවනවා. ඒක නගින කොට අනික නිකම්ම නගිනවානේ.. ඒ හින්දා ඒක නග්ගවාගන්න අපිට විශේෂ හැකියාවක් තියෙනවා.. මේ ආණ්ඩුවේ අයට ඒක නග්ග ගන්න බැරි වුනාට අපිට පුලුවන් ඒක නග්ග ගන්න. මොකද ඒකට පළපුරුදු අය අපේ පස්සෙ ඉන්නවා.. කොටින්ම මගේ නෝනා වුනත් දන්නවා, නගින්නේ නැති ඕනෑ එකක් නග්ගවන්න...තව..”
“ඇති.. ඇති” කියමින් අසළ සිටි රාජපස්ස කෙනෙක් ඔහුව අස්වැසුවේය..
යුද්දේ අවසන් කෙරුවේ කව්ද..?
“මම...මම..මම.. මම”
“එතකොට කිලිනොච්චි, මුලතිව් වගේ ප්‍රදේශවල තිබු දෙමළ රන්බඩු සාප්පු කොල්ල කාලා, දෙමළුන්ගෙන් කොල්ල කාපු රත්තරන් දාලා හදපු බුද්ධ රූපේ සඳහිරු සෑයේ තැම්පත් කළා කියළා චෝදනාවක් තියෙනවා.. ඒක ගැන මොකද කියන්නේ..”

“කොළඹ ලස්සන කෙරුවේ තමුන්නාන්සේලු..”
“ඔව්.. ඔව්.. මම තමයි... මම තමයි ”
“එතකොට කොළඹ ලස්සන කරන්න කොළඹ හිටපු හිඟන මිනිස්සුන්ගේ ඔළුවට ගල් පෙරළලා මැරුවේ කව්ද?”

“දැන් මේ මැතිවරණේ ජනාධිපති අපේක්ෂකයා තමුන්නාන්සෙ ද..? එහෙමත් නැත්නම් අයිය ද..?”
“අයිය තමයි දන්නේ... හෙහ්... හෙහ්... හෙහ්.... ඇයි එහෙම ප්‍රශ්නයක් ඇහැව්වේ..”
“නෑ ඉතිං තමුන්නාන්සේ අහන අහන එකට දෙන්නේ එකම උත්තරේනේ.. ඒකයි..”
“ඒකත්.. අයිය තමයි දන්නේ... හෙහ්... හෙහ්... හෙහ්....මට එන්ඩ කිව්වා මං ආවා...”
මේ වනවිට අසල සිටි නියම රවුඩි රාතෝර් රාජපස්සට මළ පැන්නේය.. අසල සිටි විමල් වීරවංශට කතා කළේ මයික්‍ර පෝනයට හොරෙනි..
“දැං තමුසෙ කිව්ව නේද දෙරණෙ එව්වන්ටයි, හිරු එකේ එව්වන්ටයි අහන්ඩ ඕනෑ ප්‍රශ්න ලියලා දුන්නා කියළා.. පොඩි රාජපස්සට උඩ පැනලා ඩෑෂ් ගහන්ඩ පුලුවන් විදියට.. අර දිල්කට කිව්වේ නැතෙයි.. ඇයි අද උං කතා නොකරන්නේ.. තමුසේ සල්ලි දුන්නැත්ද..?”
“දුන්නා.. දුන්නා.. ඒත් මළ ඉළව්වේ අද ප්‍රශ්න අහන්නෙම සිරස කාරයායි. ඉන්දියන් මාධ්යකාරියි විතරනේ...”
සිරසකාරයාගේ මයික් එක ඔන් නිසා දෙබස හොඳින් ඇසේ..
මහ රාජපස්ස කතාව නවතා.. “හා දැං ඇති ඇති... දැං අපි හුඟක් කතා කළා නෙව.. ඒ නිසා ප්රවෘත්ති සාකච්ඡාව අවසන් කරමු...”
“නෑ.. තවත් ප්‍රශ්නයක් තියෙනවා...”
“ඒ මොකක්ද..?”
“ඇයි ඔය ශ්‍රී ලංකා එකේ මන්ත්‍රිවරු ස්ටේජ් එකට නැග්ගම හූ කියන්නේ..කව්ද ඒක මෙහෙයවන්නේ” මහා රාජපස්ස පළමුව උත්තර දෙයි...
“මං කියන්නං අපේ අයට ඒක නවත්තන්ඩ කියළා..”
විමල් වීරවංශගේ පිලිතුර ඊට පසුවය..
“ඕක චන්ද්‍රිකාගේ වැඩක්.. එයා තමයි ඒ අයට හූ කියවන්නේ...”
“දැං අන්තිම ප්රශ්නය..”
“ඒ මොකක්ද..?”
“අපේක්ෂකතුමනි.. ඔබ දිනුවොත්.. ශ්‍රී ලංකා එකට මොකද වෙන්නේ...”
“ඒකත් ඉතිං.. අයිය තමයි දන්නේ... හෙහ්... හෙහ්... හෙහ්....”
මම කිරි අත්තා දෙස බැලිමි..
“ඈ බොල අප්පුවෝ මොකක්ද ඔය සාකච්ඡාව.. හැම එකකටම අයිය තමයි දන්නේ.. ඕක කලින්ම කිව්ව නං අහවරයිනේ.. ඔහොම ගියොත් නං ඉතිං අයිය පස්සෙම තමයි ඉන්ඩ වෙන්නේ..”
“ඒ මොකක්ද.. කිරි අත්තේ කළිං ම කියන්නේ..”
“නෑ ඉතිං.. මේ ප්රවෘත්ති සාකච්ඡාවේ අද තමුන්නාන්සේලා අහන ප්‍රශ්නවලට මට තියෙන්නේ එක උත්තරයයි. ඒක තමයි.. අයිය තමයි දන්නේ... හෙහ්... හෙහ්... හෙහ්....අනික ඇයි මාධ්‍යකාරයෝ ටික ගම්මන්පිලගෙන පුරහ්සනයක් ඇහැව්වේ නැත්තේ.. එයාගෙං අහන්ඩ තිබේබේ එක පුරස්නයයි.”
“ඒ මොකක්ද කිරි අත්තේ..”
“ඔබේ පස්සෙ සාමාජිකයෝ ගාන දැං කීයද කියළා..”
“ඇයි එහෙම කියන්නේ..”
“නෑ ඉතිං.. හිටියේ දෙන්නනේ. ඔය මනුස්සයයි. මදුමාධවයි විතරනේ.. මදුමාදවයා අස්වුනානේ.. දැං එක්කෙනයි.. ඒකනේ දැං ගම්මංපිල මහත්තයා නයා මැරිච්චි අහිගුන්ඨිකයා වගේ වෙලා ඉන්නේ..”
මට දොකොනින් ම සිනා ගියේය. එක අතකට රවුඩි රාතෝර් එකට වඩා මේක කොච්චර රසවත් කොමඩියක්දැයි මම සිතීමි.. එහෙත් සොනාක්ෂි සින්හාගේ සෙක්සි නැටුම බලන්නට නොහැකි වු බව සිතෙන විට පපුව හෝස් ගා ගියේය..
එහෙත් මම හිත හදාගත්තෙමි..
එහෙත් මට එක කාරණයක් පසක් විය. අයිය පස්සෙං නොහිටියොත් සොරි ම තමයි