අයිසින් වර්ග 4ක් හදාගන්න හැටි

adare dukai

Junior member
  • Apr 8, 2018
    67
    13
    18
    අයිසින් වර්ග 4ක් හදාගන්න හැටි

    රසම රස චොකලට් කේක් එකක් එක්ක චොකලට් ෆ්‍රොස්ටින් එකක් හදාගන්න අපි කලින් දවසක කියල දුන්නා මතක ඇති. අද මේ කියන්න හදන්නෙ අයිසින් වර්ග ගැන. මොන ජාතියේ කේක් හැදුවත් හැඩ වැඩ කරගන්න අයිසින් ඕනෙමයි. පාට පාට දාල දැක්කම ආස හිතෙන විදියට කේක් එකක් සරසගන්න අපි කවුරුත් කැමතියි. හැබැයි නියම විදියට අයිසින් වර්ග හදාගන්න දන්නෙ ටික දෙනෙක් විතරයි. ෆොන්ඩන්ට් අයිසින්, රෝයල් අයිසින් වගේ බරපතල අයිසින් කෙසේ වෙතත් සමහරුන්ට බටර් අයිසින් එකවත් පදමට ගන්න බැහැ. මේ ලිපිය ගේන්නෙ එහෙම අයට අත්වැලක් වෙන්නයි. අයිසින් වර්ග විදියට ගත්තොත් ගණනාවක්ම තියෙනව. අපි අද මේ කියන්නෙ නිතරම ඕන වෙන ප්‍රධානම අයිසින් වර්ග ටික ගැන. මීට අමතරව වෙනත් අයිසින් වර්ග ගැන දැනගන්නට අවශ්‍ය නම් ඒ බව අපිත් එක්ක කියන්න කියලත් ආරාධනා කරනව.

    මේ ඕනම අයිසින් එකක් හදන්න අයිසින් ෂුගර් ගන්නකොට පෙනේරයකින් හලල ගන්නත් මතක තියාගන්න. නැත්නම් කැට හිටින්න පුළුවන්.:lol::lol::lol:



    1. බටර් අයිසින්
    View attachment 71997

    ඉඳල හිටල හදන කප් කේක් එකක්, ගෙදර උපන්දිනේකට හදන කේක් එකක් සාමාන්‍යයෙන් අයිසින් කරන්නෙ බටර් අයිසින් වලින්. බටර් අයිසින් එකත් ක්‍රම තුනකට එනව. බේසික් බටර් අයිසින්, බටර් ක්‍රීම් සහ හාඩ් බටර් අයිසින් කියල. මේ තුන වෙනස් වෙන්නෙ පාවිච්චි කරන බටර් සහ අයිසින් ෂුගර් ප්‍රමාණ අනුවයි.



    බේසික් බටර් අයිසින්

    Source – taste.com.au
    සාමාන්‍ය කේක් එකක් කවර් කරගන්න මේ බටර් අයිසින් එක යොදාගන්නව. කේක් එකක් සැන්ඩ්විච් කරන්නත් පාවිච්චි කරන්න පුළුවන්.

    අවශ්‍ය ද්‍රව්‍ය

    බටර් 150g
    අයිසින් ෂුගර් 300g
    කිරි මේස හැඳි 2
    කලරින් අවශ්‍ය නම් නැතිනම් වැනිලා බින්දු දෙක තුනක්
    බටර් ටික බෝල් එකකට දමා බීට් කරගන්න. එයට අයිසින් ෂුගර් වලින් භාගයක් එක් කර නැවත බීට් කරගන්න. කිරි සහ ඉතිරි අයිසින් ෂුගර් එක් කර වැනිලා හෝ කලරින් එක් කර නැවත බීට් කරගන්න.


    බටර් ක්‍රීම්

    Source – thepioneerwoman.com
    බටර් ක්‍රීම් අයිසින් එක කප් කේක් උඩින් තවරගන්න වගේම කේක් සැන්ඩ්විච් කරන්නත් පාවිච්චි කරනව. ටිකක් විතර දියාරු අයිසින් එකක් නිසා මේකෙන් ඩෙකරේශන් කරන්න බැහැ.

    අවශ්‍ය ද්‍රව්‍ය

    බටර් 150g
    අයිසින් ෂුගර් 300g
    කිරි මේස හැඳි 4
    කලරින් අවශ්‍ය නම්, නැතිනම් වැනිලා බින්දු දෙක තුනක්
    බටර් ටික බෝල් එකකට දමා බීට් කරගන්න. එයට අයිසින් ෂුගර් වලින් භාගයක් එක් කර නැවත බීට් කරගන්න. කිරි සහ ඉතිරි අයිසින් ෂුගර් එක් කර වැනිලා හෝ කලරින් එක් කර නැවත බීට් කරගන්න.


    හාඩ් බටර් අයිසින්

    Source – wilton.com
    හාඩ් බටර් අයිසින් එක පාවිච්චි වෙන්නෙ කේක් වල ඩෙකරේශන් දාන්න. පොඩි පොඩි මල් මෝස්තර වලට එහෙම මේ අයිසින් එක සුදුසුයි.

    අවශ්‍ය ද්‍රව්‍ය

    බටර් කප් 1
    අයිසින් ෂුගර් කප් 5
    කිරි තේ හැඳි 2-3
    වැනිලා තේ හැන්දයි
    බටර් ටික බීට් කරගන්න ගමන් එයට වැනිලා එක් කරගන්න. මීඩියම් ස්පීඩ් එකෙක්න් බීට් කරන ගමන් අයිසින් සුගර් කප් එක බැගින් එක් කරගන්න.
    අවසානයට කිරි හැන්දක් බැගින් එකතු කරන ගමන් බීට් කරගන්න. අයිසින් එකේ පදම අනුව හැඳි 2ක්ද 3ක්ද යන ප්‍රමාණය තීරණය කරගන්න ඕනෙ.


    2. පාච්මන්ට්

    How-to-Make-Cake-Icing-aniwa-02.jpg

    Source – theprincessandthecake.blogspot.com
    කේක් ඩෙකෝ කරන්න හදාගන්න පුංචි පුංචි මල් හදාගන්න තමා මේ අයිසින් එක පාවිච්චි වෙන්නෙ. කලින් වේලාසන මල් ටිකක් හදල වේලගෙන පසුව කේක් ඩෙකෝ වලට පාවිච්චි කරන්නත් පුළුවන් වීම වාසියක්.

    අවශ්‍ය ද්‍රව්‍ය

    බිත්තර 2ක සුදු මද
    අයිසින් ෂුගර් 350g ( වෙනම ග්‍රෑම් 100කුත් තියාගන්න.)
    තයිලෝ පව්ඩර් තේ හැඳි 6
    බටර් මේස හැන්දක්
    වැනිලා තේ හැඳි 1
    අයිසින් ෂුගර් වලින් කොටසක් බෝල් එහෙකට දමා මැද වලක් සාදාගෙන බිත්තර සුදු මද සහ වැනිලා එක් කරගන්න. කැට නොහිටින ලෙස හොඳින් අනාගන්න.
    තයිලෝ පව්ඩර් එක් කර විනාඩියක් දෙකක් හොඳින් අනාගන්න. ඇලෙන සුළු ගතිය නැති වී පහසුවෙන් හසුරුවා ගත හැකි ඩෝ එකක් හැදෙන තුරු අයිසින් ෂුගර් එක් කරගන්න.
    දැන් බටර් එක් කර නැවත අනාගන්න. නැවත අයිසින් ෂුගර් එක් කර අනන්න. හුළං නොවදින ලෙස හොඳින් වසා තබා භාවිතා කරන්න.

    3. ෆොන්ඩන්ට්

    How-to-Make-Cake-Icing-aniwa-03.jpg

    Source – stork.co.za
    කේක් කවර් කරන්න වගේම පොඩි පොඩි රූප හදාගන්නත් ඕන වෙන්නෙ ෆොන්ඩන්ට් අයිසින්. ලස්සන ලස්සන මෝස්තර වලට කේක් හදන්න නම් අනිවාර්යෙන් මේ අයිසින් එක ඕනෙමයි. ලික්විඩ් ග්ලූකෝස්, ග්ලිසරින් වගේ දේවල් ඕනෙම සුපිරි වෙළඳ සැලකින් ලබාගන්න පුළුවන්.

    අවශ්‍ය ද්‍රව්‍ය

    අයිසින් ෂුගර් කප් 4
    ග්ලිසරින් මේස හැන්දි 1/2
    ලික්විඩ් ග්ලූකෝස් කප් 1/4
    ජෙලටින් පුරෝපු තේ හැඳි 1
    බටර් මේස හැඳි 1
    වැනිලා තේ හැඳි 1/2
    අයිස් වතුර කප් 1/8
    ජෙලටින් වලට වතුර එක් කර විනාඩි කීපයක් තබා එය ඩබල් බොයිල් කර ජෙලටින් ටික දියකරගන්න. එයට ලික්විඩ් ග්ලූකෝස් සහ ග්ලිසරින් එක් කර හොඳින් මිශ්‍ර කරගෙන එයටම බටර් දමා බටර් දියවෙන්නට පෙර ලිපෙන් ඉවත් කරගන්න.
    ඉවත් කරගෙන වැනිලා එක් කර යන්තම් රස්නය හිටින පමණට නිවෙන්නට හරින්න. වෙනම බඳුනකට අයිසින් ෂුගර් දමා එයට ජෙලටින් මිශ්‍රණය එක් කර අතේ නොඇලෙන සොෆ්ට් බෝලයක් වන තුරු හොඳින් අනාගන්න. ඝණ වැඩි නම් වතුර බින්දුව බැගින්ද තෙත ගතිය වැඩි නම් අයිසින් ෂුගර්ද එක් කරමින් අනාගන්න.




    4. රෝයල්

    How-to-Make-Cake-Icing-aniwa-04.jpg

    Source – thespruce.com
    වෙඩින් කේක් ස්ට්‍රක්චර්ස් වලට අර ලස්සන ලේස් මෝස්තර දාන්නෙ මෙන්න මේ අයිසින් එකෙන්. ක්‍රිස්මස් කුකීස් වලට ඩෙකරේශන්ස් දාන්නෙත් මේ රෝයල් අයිසින් වලින්මයි.

    අවශ්‍ය ද්‍රව්‍ය

    බිත්තර සුදු මද 3
    අයිසින් ෂුගර් කප් 4
    ක්‍රීම් ඔෆ් ටාටාර් තේ හැඳි ½
    බිත්තර ශීතකරණයේ තබා ගත් ඒවා නම් සීතල ගතිය පහව යනතුරු තබන්න. බෝල් එකකට සියල්ලම එක් කොට අඩු වේගයකින් සියල්ල මිශ්‍ර වෙන තුරු බීට් කරන්න. හොඳින් මිශ්‍ර වූ පසු මධ්‍යම වේගයකින් මිශ්‍රණය ඝණ වන තුරු බීට් කරගන්න.
    රෝයල් අයිසින් ඉක්මණින්ම වියලෙන්න බලන අයිසින් එකක් නිසා සාදාගත් පසු තෙත මිරිකාගත් රෙද්දකින් මිශ්‍රණය ඇති බෝල් එක වසා තබාගන්න.

    How-to-Make-Cake-Icing-aniwa-05.jpg

     

    Attachments

    • How-to-Make-Cake-Icing-aniwa-06.jpg
      How-to-Make-Cake-Icing-aniwa-06.jpg
      35.6 KB · Views: 65