අයි.එම්.එෆ්. ට බෑ කිව්වොත් ආසියානු - ලෝක බැංකුත් ඉවතට!

monson

Well-known member
  • May 7, 2007
    25,777
    28,926
    113
    2025 මැයි 17 වන සෙනසුරාදා, ප.ව. 02:01 108

    රාජ්‍ය තාන්ත්‍රික වාර්තාකරු I

    ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාවට ලබා දී ඇති මූලික කොන්දේසි ඉදිරි මාසය තුළ ඉටු නොවුණහොත් ඉදිරි ණය වාරිකය වන ඩොලර් මිලියන 344 ලැබීම තවත් මාස ගණනාවක් පමාවනු ඇතැයි දේශයට වාර්තා වේ. මේ සම්බන්ධයෙන් දේශයට අදහස් දැක්වූ නම සඳහන් කිරීමට අකැමැති රාජ්‍ය තාන්ත්‍රික නිලධාරියෙක් සඳහන් කළේ මූල්‍ය අරමුදලේ කොන්දේසි සමඟ ලෝක බැංකුව සහ ආසියානු සංවර්ධන බැංකුව, චීනය සහ ජපානය ද එකඟව කටයුතු කරන බැවින් මූල්‍ය අරමුදලේ නිර්දේශ සමඟ එම රටවල් සහ සංවිධාන ලබාදෙන ආධාර ද දැඩිව බැඳී ඇති බවයි.

    ඒ අතර චීනය විසින් කොළඹ ඉදිකරන ලද පෝර්ට් සිටි ව්‍යාපෘතිය සඳහා ලබාදීමට නියමිත බදු සහන ඉවත් කිරීම සම්බන්ධයෙන් වන කොන්දේසියට චීන තානාපති අංශ දැඩි කනස්සල්ල පළ කර තිබේ. බදු සහන ඉවත් කළහොත් මෙරට ඉදිරි චීන ආයෝජන සම්බන්ධයෙන් එරට විසින් දැඩි තීරණයක් ගනු ඇතැයි ද වාර්තා වේ.

    මේ හැර පාඩු ලබන රාජ්‍ය ආයතන වන ශ්‍රී ලංකන් ගුවන් සේවය සහ විදුලිබල මණ්ඩලය ඇතුළු රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් රජය කඩිනමින් පියවර ගනු ඇතැයි ලෝක බැංකුව සහ ආසියානු සංවර්ධන බැංකුව ද අපේක්ෂාවෙන් පසුවන බව දැනගන්නට තිබේ.

    - https://www.deshaya.lk/article/40/පුවත්/27269/අයි-එම්-එෆ්--ට-බෑ-කිව්වොත්-ආසියානු---ලෝක-බැංකුත්-ඉවතට
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,674
    75,747

    ගමේ උන්ට පච කෙලනවා වගේ ජාත්යාන්ත්‍රය අන්දන්න බැරුව ඇති 🤭 🤭
     
    • Haha
    Reactions: Asmodeus

    Similar threads