අයි.එස්.අයි.එස්.
මාධ්‍යවේදී ජේම්ස් ෆොලි වයඹ දිග සිරියාවේදී අතුරුදන් වූයේ 2012 නොවැම්බර් 22 වැනිදාය. ඇත්තෙන්ම ඒ කාලයේ අයි.එස්.අයි.එස්. සංවිධානය බිහිව තිබුණේ නැත. බ්‍රිතාන්‍ය මාධ්‍ය ප්‍රකාශ කරන්නේ ජේම්ස් පැහැරගනු ලැබුවේ ජිහාඩ් කණ්ඩායමක් විසින් නොව අපරාධකරුවන් පිරිසක් විසින් බවයි. පසුව මොවුන් මේ ඇමරිකාවේ මාධ්‍යවේදීයාව අල් නුෂ්රා ත්‍රස්ත කණ්ඩායමට විකුණා ඇත. අබුබකර් බැග්ඩැඩිගේ සහචරයෝ ඒ කාලයේ අල් නුෂ්රා කණ්ඩායම සමඟ එක්ව බෂාර් අල් අසාද් පාලනයට එරෙහිව සටන් වැදුනහ. අද ලෝකයම ජේම්ස් ෆොලි ගැන කතා කරන්නේ මේ මාධ්‍යවේදියා අයි.එස්.අයි.එස්. සංවිධානය විසින් ගෙල සිඳ මරාදමා ඒ වීඩියෝව මාධ්‍යයට මුදාහැර ඇති නිසාය. ඇත්තෙන්ම මේ මාධ්‍යවේදියාව මරා දැමුවේ ඇමරිකාවට පාඩමක් ඉගැන්වීම සඳහාය. මේ ඝාතනයෙන් සලිත වූ ජනාධිපති ඔබාමා ප්‍රකාශ කර සිටියේ අබු බකර් බැග්ඩැඩිගේ අන්තවාදි සංවිධානය පිළිකාවක් බවයි. ඇමරිකන් හමුදා අයි.එස්.අයි.එස්. සංවිධානයට එල්ල කරන ගුවන් ප්‍රහාරවලට එරෙහිව ජේම්ස්ගේ හිස ගසා දැමිණි. ඒ කුරිරු ඝාතනය සිදු කරනු ලැබුවේ ජෝන් නමැති බ්‍රිතාන්‍ය ජාතික ජිහාඩ් අන්තවාදියකු විසිනි. ජේම්ස් මරා දැමීමෙන් පසුව තම අත්අඩංගුවේ පසුවන අනෙක් ඇමරිකන් මාධ්‍යවේදියා එනම් ස්ටීවන් ස්කොට්ලොµa පෙන්වීමටද මේ වහාබ් අන්තවාදීහු අමතක නොකළහ. ඔවුන් ටයිම් සඟරාවේ සේවය කරන ස්ටීවන් පෙන්වා ප්‍රකාශ කළේ කුමක්ද ඉදිරියේදී ගුවන් ප්‍රහාර එල්ල වුවහොත් ජේම්ස්ට අත් වූ ඉරණමම ස්ටීවන්ටත් අත්වන බවයි. 40 හැවිරිදි ජේම්ස් මීට පෙර ලිබියාවේදී පැහැරගැනීමකට ලක්වුවද කිසිම විටක මාධ්‍ය ජීවිතයට සමුදීමට උත්සාහ කළේ නැත. ඔහු බොස්ටන්හි ඨකදඉaක ඡදිඑ පුවත් පතේ නිදහස් මාධ්‍යවේදියකු ලෙස කටයුතු කරමින් සිටියදී මෙලෙස සිරියාවේදී පැහැරගැනීමට ලක්විය.
ජේම්ස් බේරා ගන්නා අරමුණින් ඉකුත් ජූලි මස 04 වැනිදා ඇමරිකානු විශේෂ බළකාය සිරියාවේ රඛා නගරය අසල පිහිටි ෂේක් ඩසාන කඳවුරට පහර දුන්නද එම ස්ථානයේ මේ මාධ්‍යවේදියා හමුවූයේ නැත. ඇමරිකන් විශේෂ බළකාය එල්ල කළ ප්‍රහාරයෙන් ජිහාඩ් සාමාජිකයන් සිවුදෙනකු මරණයට පත්විය. ඇමරිකන් ඔත්තු සේවා මෙම කඳවුරේ ජේම්ස්ව සිරකරගෙන ඇතැයි යන විශ්වාසය මත මෙහෙයුම දියත් කළද ඒ බුද්ධි තොරතුරු වැරදි බව පසුව හෙළිවිය. දැන් ජනාධිපති ඔබාමාගේ හිසරදය වන්නේ අනෙක් ඇමරිකානුවා එනම් ස්ටීවන්ගේ ගෙල සිඳලීම වළක්වන්නේ කෙසේද යන්නයි. අපි පසුගිය සතියේදී මේ සුන්නි වහාබ්වාදය මනුෂ්‍ය ශිෂ්ටාචාරයම අවුලට ඇද දමන බව ප්‍රකාශ කළෙමු. ජේම්ස්ගේ ගෙල සිඳලීමත් සමඟම මේ අවුල් තවදුරටත් සත්‍ය වන බව නම් පැහැදිලිය.
ඇමරිකාව මීට වසර කිහිපයකට පෙර අල් නුඡ්රා කණ්ඩායම බසාර් අල් අසාද්ට එරෙහිව සටන් කරන විට සතුටින් බලා සිටියේය. නමුත් දැන් ජේම්ස්ගේ බෙලි කැපෙන විට වහාබ් යක්ෂයාගේ තරම හොඳින්ම තේරී ගොස් ඇත.
කුර්දි හා ඉරාක හමුදාවන්ට යළිත් මොසුල් වේල්ල අල්ලා ගැනීමට හැකි වූයේ ඇමරිකානු ගුවන් ප්‍රහාර නිසාය. ගුවනින් අයි.එස්.අයි.එස්. ත්රස්තයන්ගේ කඳවුරු මෙන්ම වාහනද විනාශ කළ නිසා කුර්දි හමුදාවට ලෙහෙසියෙන්ම මොසුල් වේල්ල අල්ලා ගත හැකිවිය. අබුබකර් බැග්ඩැඩි මේ වාඩුව ගත්තේ බටහිර සිරියාවේ කාන්තාර ප්‍රදේශයකදී ජේම්ස් ෆොලීගේ බෙල්ල කැපීමෙනි. ජේම්ස්ව නිදහස් කිරීමට අවශ්‍ය නම් ඩොලර් මිලියන ගණනක් ගෙවන ලෙස අයි.එස්.අයි.එස්. සංවිධානය මීට පෙර ඇමරිකානු රජයට දැනුම් දී තිබිණි. නමුත් ඇමරිකාව කප්පම් ගෙවීම හෝ ඒ ගැන සාකච්ඡා කිරීම ප්‍රතික්ෂේප කර තිබිණි. මීට මාස ගණනකට පෙර අයි.එස්.අයි.එස්. සංවිධානය තමන් විසින් පැහැරගෙන ගොස් සිටි ප්‍රංශ ජාතික මාධ්‍යවේදීන් සිව්දෙනෙක් හා ස්පාඤ්ඤ ජාතික මාධ්‍යවේදීන් දෙදෙනකු නිදහස් කර තිබිණි.
ඔවුන්ට නිදහස ලැබුණේ කෙසේද? ප්‍රංශ හා ස්පාඤ්ඤ ආණ්ඩු ඉතා ඉක්මනින්ම මේ ත්‍රස්ත කණ්ඩායමට කප්පම් මුදල් ගෙවූ නිසා ඒ මාධ්‍යවේදීන් තුන්දෙනාගේ ජීවිත සුරැකිණි. නැත්නම් ඔවුනගේද උගුරු දණ්ඩ අහිමිවීමට බොහෝදුරට ඉඩ තිබේ. කවරක් නමුත් ඇමරිකානු හා බ්‍රිතාන්‍ය ආණ්ඩු කප්පම් මුදල් ගෙවීමට උනන්දුවන්නේ නැත.
අද ලෝකයේ ඇති ධනවත්ම ත්‍රස්ත කල්ලිය වන්නේ අයි.එස්.අයි.එස්. සංවිධානයයි. ඔවුනට ඇති වත්කම් ප්‍රමාණය ඩොලර් බිලියන 1.4 ක් බව කියෑවේ. මෙය අති විශාල මුදල් කන්දරාවකි. තලෙබාන් සංවිධානයටත් එවැනි ධනයක් නැත. පැහැර ගැනීම් හා කප්පම්වලින් අබුබකර් බැග්ඩැඩිගේ කණ්ඩායම විශාල මුදලක් උපයාගෙන ඇත. මොවුන් තම සටන්කරුවන්ටද මාසික වේතනයක් ලබාදෙයි. එම නිසාම ඔවුනට සාමාජිකයන් එකතු කිරීමද පහසුවී තිබේ. මීට පෙර ඔසාමා බින් ලාඩන්ගේ අල් ඛයිඩාවද පැහැරගැනීම් සිදුකර පසුව ඒ පුද්ගලයන්ව නිදහස් කිරීම සඳහා ලබාගත් කප්පම් මුදල් ප්‍රමාණය 2008 දී පමණක් ඩොලර් මිලියන 125 කි. පසුගිය වසරේදී ඔවුන් ඩොලර් මිලියන 66 ක කප්පම් මුදල් ලබාගෙන ඇත. අල් ඛයිඩාවේ අරාබි අර්ධද්වීපයේ නායකයා ලෙස කටයුතු කළ නසෙර් අල් වුහේෂි ප්‍රකාශ කර තිබුණේ ඉතාම ලාභදායි ව්‍යාපාරය වන්නේ මෙලෙස පුද්ගලයන් පැහැරගෙන ඔවුන්ව නිදහස් කිරීම වෙනුවෙන් කප්පම් මුදල් ලබාගැනීම බවය. ජේම්ස් මාස 21 ක් ත්‍රස්ත ග්‍රහණයේ පසුවිය. පළමු මාස 16 දී ඔහු ගැන කිසිම විස්තරයක් ආරංචි වුණේ නැතත් අවසන් මාස පහේදී මොහු නිදහස් කිරීමට අවශ්‍ය නම් කප්පම් මුදලක් ගෙවන ලෙසට ඇමරිකානු රජයට දන්වා තිබිණි. ජේම්ස් ද තමන්ව බේරා ගැනීමට ඇමරිකානු රජය කටයුතු කරනු ඇතැයි බලාපොරොත්තුව සිටි බව ඔහුගේ පවුලේ උදවිය පවසති. නමුත් අවසානයේ සිදු වූයේ කුමක්ද?
සිය බෙල්ල කැපීමට පෙර ජේම්ස් ෆොලි ප්‍රකාශ කළේ කවරක්ද? "මම හිතාගෙන හිටියා නිදහස ලැබිලා මගේ පවුලේ උදවිය බලන්න අවස්ථාවක් ලැබෙයි කියලා. නමුත් දැන් ඒ නැව පිටත් වෙලා ඉවරයි. මම හිතනවා ඇත්තටම මම ඇමරිකානුවෙක් නොවුනා නම් කියලා" ජේම්ස් මෙසේ කීවේ තමා බේරා ගැනීමට ඔබාමා පාලනය උනන්දු නොවූ නිසාද? සත්‍ය දන්නේ කවුරුද?
චතුර පමුණුව