අරක්කු කොම්පැණි පහකින් “සුරාවට” කෝටි 205 ක පොල්ලක්

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    මත්පැන් නිෂ්පාදන ආයතන 5ක් සුරාබදු දෙපාර්තමේන්තුවට රුපියල් කෝටි 205 කට වැඩි වටිනා විවිධ ගාස්තු ගෙවීම (2020.7.20 දිනට) පැහැර හැර ඇතැයි රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව (කෝපා) පවසයි.

    එම කාරක සභාව මේ සම්බන්ධයෙන් සුරාබදු දෙපාර්තමේන්තු ප්‍රධානීන්ගෙන් පසුගියදා කරුණු විමසා ඇත. මෙහිදී එම ප්‍රධානීන් පවසා ඇත්තේ මේ සම්බන්ධයෙන් සමාගම් දෙකකට එරෙහිව දැනටමත් නීතිමය කටයුතු ආරම්භ කර ඇති බවයි.


    තවත් සමාගම් දෙකක් ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනා ඉදිරිපත් කර ඇති බව එම ප්‍රධානීන් කෝපා කමිටුව වැඩිදුරටත් දැනුම් දී ඇත.


    මෙලෙස අය විය යුතු හිඟ මුදල් අතරින් වැඩි ප්‍රමාණයක් ඇත්තේ ප්‍රමාද ගාස්තු බව කෝප් කමිටු නිලධාරීහු පැවසූහ. මේ අතර සුරාබදු දෙපාර්තමේන්තුව සිදුකරන ග්‍රහණ සංඛ්‍යාව නිලධාරී හිඟකම නිසා විශාල වශයෙන් අඩුවී ඇතැයි කෝප් කමිටු විමර්ශනවල දී තොරතුරු අනාවරණ වී ඇත.