අරක්කු තිත්ත කරන disulfiram
කලින් ලිපියකින් මත්පැන් සහ අතුරු අබාධ ගැන හැදින්වීමක් කළා මතක ඇති නේ.එදා ලිපිය අවසානයේදී your family doctor පොරොන්දු උනා දීර්ඝ කාලීනව මත්පැන් පානය කරන අයට එයින් මිදීමට උදව් කරන බෙහෙත් මොනවද කියලා කියනවා කියලා.
මේ එහි පළමු ලිපිය disulfiram/දිස්සල්ෆිරම්
කලින් කිව්වා වගේම් disulfiram දෙන්නේ කාලයක් තිස්සේ අරක්කු පානය කරන වගේම එයින් මිදීමේ උවමනාව තියන අයට විතරයි.
අරක්කු බොන අයෙකු දිහා බැලුවොත් ඇයි මෙයාලා අරක්කු මොන්නේ,මොනතරම් අපහසුතාවක් විදිනවද කියලා හිතෙන ලක්ෂණ කිහිපයක් තියනවා නේද.
ඔවුන් වමන ගතියකින් පෙළෙනවා,වමනය දානවා,කලන්තය,කරකැවිල්ල,මුහුණ රතුවීම(flushing),හුස්ම ගැනීමේ අපහසුතාවය,දහදිය දැමීම,ඔලුව කැක්කුම....ඔය වගේ දහසකුත් එකක් අපහසුතා ඇතිවෙනවා නේ මත්පැන් පානය කලාම.
හැබැයි මෙයාලා බොන එක නවත්තන්නේ නැත්තේ අරක්කු බිව්වම එයාලට හොදයි කියලා හිතෙන ලක්ෂණ වගයකුත් ඇති වෙන නිසානේ.
disulfiram මොනවද කරන්නේ
disulfiram හරියම කරන්නේ අරක්කු නිසා ඇතිවෙන නරක ලක්ෂණ ඉස්මතු කරන එකයි.ඒ කියන්නේ disulfiram බෙහෙත ගන්න රෝගියෙක් අරක්කු හෝ අරක්කු අඩංගු ආහාරයක් හරි ගත්තොත් එයාලට ඇතිවෙන්නේ අර අපි ඉස්සෙල්ලා කියපු අපහසුතා ලක්ෂණ විතරයි.ප්‍රසන්න ලක්ෂණ කිසිවක් ඇතිවෙන්නේ නැ.ඉතින් එයාලට අරක්කු බිම තිත්ත කසාය බිමක් හා සමයි.
පොඩ්ඩක් විද්‍යාත්මකව හිතුවොත් disulfiram මොනවද කරන්නේ ඇත්තටම
අරක්කු කියන්නේ ඇල්කොහොල්.ඇල්කොහොල් අක්මාවේදී ඇසිටල්ඩිහඩ්/acetaldehyde බවට පත්වෙනවා.ඇසිටල්ඩිහඩ් අක්මාවෙදීම ඇසිටල්ඩිහයිඩ් ඩිහඩ්ගිනේස්/acetaldehyde hydrogenase කියන එන්සයිමය මගින් ඇසිටල්ඩිහයිඩ් කියන රසායනික සංගටකය කුඩා අක්‍රිය කොටස් වලට කඩා දමනවා.
disulfiram වලින් කරන්නේ අපි කලින් කියපු ඇසිටල්ඩිහයිඩ් ඩිහඩ්ගිනේස්/acetaldehyde hydrogenase කියන එන්සයිමය අක්‍රිය කරනවා.එතකොට ඇසිටල්ඩිහයිඩ් කියන රසායනික සංගටකය ඇග තුල එක්රැස් වෙනවා.ශරීරය අප්‍රසන්න ලක්ෂණ ඇතිවෙන්නේ ඇසිටල්ඩිහයිඩ් එකතු වීම නිසයි.
disulfiram හැමෝටම දෙන්න බැහැ වෛද්‍ය නිර්දේශයකින් තොරව.සමහර බෙහෙත් වර්ග වලට ප්‍රතික්‍රියා දක්වනවා වගේම ඇලර්ජික් වෙන්නත් පුළුවන්.
ඔබට දැනුමක් ලැබුනා කියලා හිතවනම් යහළුවන් අතරේ බෙදාහරින්න අමතක කරන්න එපා.ඔබගේ අදහස් දැනගැනීමටත් කැමතියි අපි.
ස්තුතියි...

Last edited: