අරක්කු බොරුව

yaan

Well-known member
  • Jun 13, 2007
    1,063
    240
    63
    Dehiwala
    ප්‍රශ්න අමතක වෙන්නේ නෑ.. හැබැයි හැම වෙලාවෙම ප්‍රශ්නේ ගැන හිත හිත ඉන්න එක නැති වෙන්න තමයි බොන්නේ.. බිව්වයින් පස්සේ එක එකාගේ ආතල් තියෙනවනේ.. සමහරු සින්දු කියනවා, සමහරු සින්දු අහනවා, සමහරු වලි දාගන්නවා, සමහරු නටනවා, සමහරු ලොකු සංවාද වලට සෙට් වෙනවා.. එතින් ඒ දේවල් එහෙම කරද්දි අර ප්‍රශ්නේ තාවකාලිකව අමතක වෙනවා..

    නැත්තන් මනුස්සයෙක්ට ප්‍රශ්නයක් තියෙන වෙලාවට සින්දු කියන්න තරම් මූඩ් එකක් ලොවෙත් එන්නේ නෑ.. අනිත් එක කොල්ලෝ කියන්නේ ටිකක් තද හිත් තියෙන; ගෑනු වගේ හැමදේටම අඬන ජාතියක් නෙමේනේ.. ඉතින් උන්ට emotional වෙන්න ඕන උනාම බොනවා.. ඊට පස්සේ හිතේ තියෙන දේවල් වමාරනවා.. අන්න ඒ වගේ සරල දෙයක් තමයි..