අරක්කු සිගරට් මිල වැඩිකිරීම සහනය ආණ්ඩුවට
අරක්කු සිගරට් මිල වැඩිකිරීම සහනය ආණ්ඩුවට ද? කුස්සියට ද?

— December 12, 2015
රජය විසින් කිසිදු වග විභාගයකින් තොරව අරක්කු සහ සිගරට් මිල අධික ලෙස වැඩි කිරීම සම්බන්ධයෙන් කතා කරන්නට කිසිවකුත් ඉදිරිපත් නොවන්නේ වාමාංශිකයන් ද ඇතුලුව බහුතරයක් දෙනා තවමත් සදාචාරාත්මක අගතීන් මත පදනම් වෙමින් මේ සම්බන්ධයෙන් කල්පනා කරනු ලබන නිසාය. සත්‍ය වශයෙන්ම මත්පැන් පානය කිරීම යනු මිනිසෙකුට සංස්කෘතික ජීවිතයක් සදහා ඇති මූලික අයිතිවාසිකමකි. නමුත් වැරදි බෞද්ධ මතවාද මත පදනම් වෙමින් තමන් තුල නැති වෙනත් කෙනෙක් තුලත් නැති බව දනිමින්ම නමුත් එසේ ඇතැයි විශ්වාස කරන නරුමවාදී ආඛ්‍යානයක් වටා ලාංකීය සමාජය ගොනුව ඇති නිසාය.
විජේවීර නම් සිංහල බෞද්ධ මාක්ස්වාදියා එදා රුසියාවෙන් ලද විප්ලවීය ආභාෂය පවා ලංකාවේ පොළොවට ගැලපෙන ලෙස වෙනස් කළ යුතු යැයි කල්පනා කර මාක්ස්වාදය- ජාතිවාදය සමග මුහු කරමින් විකෘති දේශපාලන ගොන් නාම්බෙකු ජාතක කල නිසා වසර 89 දී හැට දහසකට අධික සිංහල තරුණයන් ද 2009 දී ලක්ෂයකට ආසන්න දෙමළ තරුණයන් ද සිය ජීවිතයෙන් වන්දි ගෙවීය.
එවන් පුහුදුන් සමාජයක ලංකාවේ වාමාංශික ව්‍යාපාරයේ පේටන්ට් අයිතිය තමන්ට ඇතැයි සිතා සිටින ජ.වි.පෙ සිය සංශෝධනවාදී දේශපාලන ගමන් පථය තුල සිංහල බෞද්ධ ජන පදනම රැක ගන්නට ජාතිවාදය පවා භාවිතා කළ නිසා ඔවුන් අරක්කු සහ සිගරට් සම්බන්ධයෙන් විරුද්ධ මතවාදයක් දැරීම ඔවුන්ගේ දේශපාලන භාවිතාවේ නරුමවාදී රංගනය යැයි සිතා අපට සිත හදා ගන්නට පුලුවන. නමුත් පුබුදු ජයගොඩ සහෝදරයා මේ සම්බන්ධයෙන් සිය මතය අප සමග සාකච්ඡා කරනු ඇතැයි අප විශ්වාස කරන්නෙමු.
ලංකාවේ වාමාංශික පක්ෂ බහුතරයක් මේ සම්බන්ධයෙන් කට හොල්ලන්නේ නැති මොහොතක අරක්කු සහ සිගරට් යනු තවත් එක පාරිභෝගික භාණ්ඩයක් බවත් මේ වන විට ඒ මත අධික ලෙස බදු අය කරන බවත් මේ නිසාම ආණ්ඩුව තම බදු ආදායම වැඩි කර ගන්නට අනියමින් කුස්සිය ගැන කල්පනා නොකර කටයුතු කරන බවත් එය පැහැදිලිවම ආණ්ඩුවේ වංචාකාරී හැසිරීම ප්‍රදර්ශණය කිරීමක් බවත් කිව යුතුය.
ලංකාවේ මිනිසුන්ට මත්පැන් සදහා සංස්කෘතියක් නැති බව පැහැදිලිය. ඒ නිසා කළ යුතතේ මත්පැන් පානය කිරීම සංස්කෘතික කාරණයක් දක්වා වර්ධනය කර උදේ පටන් රෑවනතුරු අරක්කු බොන මිනිසුන් වෙනුවට ජීවිතයට සංස්කෘතික අර්ථයක් ජනිත කරවීම සදහා මත්පැන් උගුරක් පානය කරන මිනිසුන් ලෙස සමාජය වෙනස් කිරීමට උත්සහ කිරීමය.
උදාහරණයක් ලෙස ඉතාලියේ ඕනෑම සමාන්‍ය කඩේක මත්පැන් විකුනන්නට තබා ඇති අතර එම රටේ කිසිදු මිනිසෙකු මත්පැන් පානය කර කාණු පල්ලේ වැටෙන්නේ නැත. නමුත් ලංකාවේ අරක්කු විකුණන්නට ලයිෂන් අරගත යුතු වුවත් බීලා කාණු පල්ලේ වැටෙන මිනිසුන් දුලභ නැත. මෙකී තත්ත්වය වෙනස් කර මිනිසුන් ග්‍රෝත්‍රික භාවයයෙන් සංස්කෘතික ජීවිතයක් දක්වා ඔසවා තැබීම අපේ ප්‍රධාන අරමුණ වන අතර අධික ලෙස රජයට බදු ගෙවන පාරිභෝගිකයන් පිරිසක් ලෙස මේ අයටත් අයිතිවාසිකම් ඇති බව රජයට ඒතුත් ගැන්වීම අපේ අනෙක් අරමුණයි.
අරක්කු සිගරට් නිසා මිනිසුන් රෝගී වනවාද නැද්ද යන්න ගැන අපට තර්කයක් නැත. නමුත් පැහැදිලිවම නිසි වායු විමෝචන ප්‍රතිපත්තියක් නැති රටේ කාබන් මොනොක්සයිඩ් විෂ දුම සහිතව දෛනිකව රෝගී වන ප්‍රමාණය දුම්පානය නිසා රෝගී වන ප්‍රමාණයට වඩා වැඩි බව පැහැදිලිය. නමුත් දුම්පානයට ඇති සදාචාරාත්මක විරෝධය නිසා සත්‍ය යටපත් වී දුම්පානය කරන්නනන් දඩුකදේ ගසන්නට සියල්ලන්ම කතා කරයි. මේ ආකාරයට දුම්වැටි සහ මත්පැන් නිසා රෝගී වනයවා යැයි කියන ප්‍රමාණයට වඩා නිසි ආහාර වේලක් නොමැතිකමින් රෝගී වන ප්‍රමාණය සහ මිය යන ප්‍රමාණය අතිශයින්ම වැඩිය. කෘමිනාශක භාවිතය නිසා ආහාර ද්‍රව්‍ය විෂවීම මගින් කාලාන්තයක් තුල මියයන සහ රෝගී වන ප්‍රමාණය සම්බන්ධයෙන් කිසිවකුත් කතා නොකරන්නේ ඇයි? වෛද්‍යවරුන් විසින් රෝගීන්ගේ ජීවිත බිල්ලට තබා ඖෂධ සමාගම් සමග කරනු ලබන මාෆියාව නිසා දෛනිකව මියයන ප්‍රමාණය අරක්කු සහ සිගරට් නිසා මිය යන ප්‍රමාණයට වඩා අතිශයින්ම වැඩිය. ඒ අනුව බලන කළ අරක්කු සහ සිගරට් යනු තවත් එක් පාරිභෝගික භාණ්ඩ පමණක් වන අතර ඒ මගින් මිනිසුන් රෝගීවීමේ සම්භාවිතාවක් පවතයි. එය කිසිදු පරීක්ෂණාගාරයක පරීක්ෂණයක් කර සොයාගත් දෙයක් නොවන අතර වෛද්‍යවරුන් බඩේ අමාරුවකට බෙහෙත් ගන්න ගියත් සිගරට් බොනවද යැයි අසන්නේ ඔවුනටත් රෝග විනිශ්චයට ඇති දැනුම සහ පරාසය අඩු නිසා යමෙකු මත්පැන් සහ සිගරට් බොනවා යැයි දැන ගැනීමම ඔවුනට විශාල සහනයක් ජනිත කරවන්නක් වන නිසාය. හදේ සිටින මැස්සෙකුට වුවත් වෙඩි තබන්නට තරම් තමන් තාක්ෂණය අතින් දියුණු යැයි පවසන ඇමරිකාවට පවා තවමත් අඩි පහක් උස මිනිස් ශරීරය තුල සිටින පිළිකාව නම් මාරයා පරාජය කරන්නට නොහැකිව ඇත්තේ ඇයි?
ඒ අනුව වෛද්‍ය විද්‍යානුකූලව සිගරට් සහ අරක්කු වලට විරුද්ධ වන අයගෙන් අප අසන්නේ මේවා නිසාම හැදෙන ලෙඩ යැයි සහ එය අරක්කු සහ සිගරට් නොබොන අයට වැලදෙන්නේම නැති බව ඔප්පු කල හැකිද යන්නය. කෙසේ නමුත් අපේ තර්කය වෛද්‍ය විද්‍යාව සම්බන්ධ තර්කයක් නොවන අතර අප තර්ක කරන්නේ ආණ්ඩුව කොලේ හංගා අරක්කු බොන අයගෙන් බදුඅය කර ගෙදර කුස්සියේ ආර්ථිකය විනාශ කරන්නට කටයුතු කරන බවය. සාමාන්‍යෙයන් දෛනිකව මත්පැන් පානය කරන පුද්ගලයෙකු මිල අඩු වැඩි කිරීම මත තමන් බොන ප්‍රමාණය වෙනස් කරන්නේ නැත. මිල අඩු කිරීම නිසා අඩුම තරමේ බොන්නට පුරුදු වූ අයෙක් ඉතිරි මුදලින් දරුවන්ට කන්නට දෙයක් රැගෙන යන්නට පුලුවන. නමුත් මිල දිගින් දිගටම වැඩි කිරීම නිසා ඔවුන් අඩු කරන්නේ ගෙදර දරුවන්නේ කිරි පැකට් එකය.
දැන් සුචරිතවාදී මහත්වරුන් අසන්නට පුලුවන් ඉතිං බොන එක නතර කලා නම් ඉවරයි නේද කියලා. නමුත් ඇත්තටම බොන්නට පුරුදු වූ අයෙක්ට එය ඔය කියන තරම් ඉක්මනින් එය නතර කරන්නට පුලුවන් නම් මේ ලෝකයට මනෝ විශ්ලේෂණය කියා විෂයක් අවශ්‍ය වන්නේ නැත. නමුත් ආණ්ඩුවට අවශ්‍ය නම් අද සිටම අරක්කු සහ සිගරට් මුලුමනින්ම නතර කරන්නට පුලුවන. අප එයට සම්පූර්ණයෙන්ම එකගය. එක්කෝ අධික බදු මුදල්අඩුකල යුතුය. නැතිනම් මේ අරක්කු සහ සිගරට් සම්පූර්ණයෙන්ම තහනම් කල යුතුය. අරක්කු බොන අයෙකුට එය නතර කිරීම අපහසු කාරණයක් වීම යථාර්ථයක් වන්නාසේම රජයට අරක්කු සහ සිගරට් තහනම් කිරීම කිසිසේත්ම කළ නොහැකි බවට අප පවසන්නෙමු. අපි රජයට අභියෝග කරන්නේ පුලුවන් නම් අරක්කු සිගරට් නතර කර පෙන්වන ලෙසය. මෙය හරියට කොලේ හංගා බද්ද ගැසීමක් බවත් සිගරට් අරක්කු බොන්නන් අපතයන් යැයි ආණ්ඩුව උපකල්පනය කිරීමත් නිසා සිදුව දෙයකි.
ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් මතින් තොර රටක් හදමු යැයි විකාර දොඩමින් සම්මාන ලබා ගන්නා ආණ්ඩුව අනිත් පැත්තෙන් අරක්කු සහ සිගරට් වලින් උපයන බදු ආදායම ලංකාවේ වැඩිම බදු අදායම බව කිසිවකුත් කල්පනා කරන්නේ නැත.
මේ නිසා අප විසින් ලියාපදිංච් සංවිධනයක් වන පාරිභෝගකයින් සුරැකිමේ සංවිධානය ලෙස මේ අධික බදු අය කිරීමට විරුද්ධව සමාජ කතිකාවක් ගොඩ නගන්නට අදහස් කලෙමු. ඒ අනුව අප ලබන 15 වන දින මරදාන සමාජය හා සාමයික කේන්ද්‍රෙය් දී හවස 2.00 ට මේ සම්බන්ධයෙන් මාධ්‍ය දැනුවත් කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරන්නෙමු. එම අවස්ථාවට සියළු මාධ්‍ය ආයතන වල උදවිය පැමිණ රටේ පාරිභෝගිකයන් ගේ අයිතිවාසිකම් උදෙසා අප ගෙන යන සටනට සහය පල කරවු ඇතැයි අප විශ්වාස කරන්නෙමු.
මෙම අවස්ථාවට සහභාගි වන පිරිස
නීතීඥ තුෂාර එන් දස්කොන් – සභාපති ( පාරිභෝකියින් සුරැකීමේ සංවිධානය)
නීතීඥ සේනක පෙරේරා- ලේකම් ( පාරිභෝකියින් සුරැකීමේ සංවිධානය)
විරාජ් ලියනාරච්ච්- ජාතික කැදවුම්කරු ( පාරිභෝකියින් සුරැකීමේ සංවිධානය)
විදර්ශන කන්නන්ගර- මාධ්‍ය ප්‍රකාශක ( පාරිභෝකියින් සුරැකීමේ සංවිධානය)
නීතීඥ සුපුන් විශ්ව බුද්ධි – නීති උපදේශක ( පාරිභෝකියින් සුරැකීමේ සංවිධානය)
මනෝ වෛද්‍ය කේවියන් රංජන් – වෛද්‍ය උපදේශක ( පාරිභෝකියින් සුරැකීමේ සංවිධානය)
ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න-නව සමසමාජ පක්ෂය
සිරිතුංග ජයසූරිය-එක්සත් සමාජවාදී පක්ෂය
ඩබ්. ජයසිරි- ප්‍රවීණ කලාකරු
කේ.කේ සමන් කුමාර-ප්‍රවීන ලේඛක