අරලියගහ මන්දිරයට ගිය කලක්

arrow445

Well-known member
  • Aug 14, 2018
    701
    756
    93


    අගමැති නිල නිවස වන අරලිය ගහ මන්දිරයේ සේවය කරමින් සිටි සේවකයන් වහාම ක‍්‍රියාත්මක වන පරිදි රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය විසින් කැදවා තිබේ.

    මේ අතර අරලිය ගහ මන්දිරය බාර ආරක්‍ෂක අංශ ප‍්‍රධානියා විසින් දන්වා ඇත්තේ එම ස්ථානය මේ වන විට දැඩි අනාරක්‍ෂිත තත්වයට පත්ව ඇති බවයි.

    එහි විවිධාකාරයේ පුද්ගලයන් යන එන බැවින් මන්දිරයේ ඇති පෞරාණික වටිනාකමින් යුතු දේපල මෙන්ම එතුල ඇති ආයුධ ගබඩා දෙකද අනාරක්‍ෂිත වී ඇති බවද ඔහු පොලිස්පතිවරයා වෙත දන්වා ඇත.

    මේ අතර තව දුරටත් බලහත්කාරයෙන් එහි රැුදී සිටින හිටපු අගමැතිවරයා ඇතුළු එජාප ආධාරකරුවන් නිසා එම ස්ථානය දැඩි ලෙස නාස්ති වී යමින් තිබේ.

    ආහාර පාර්සල් එතු කොල කැබලි තැන තැන විසිකර හා ගොඩගසා ඇති අතර මුළු ප‍්‍රදේශයේම දැඩි මුත‍්‍රා ගදක්ද වහනය වෙයි.

    මංගල උත්සව සදහා ගිය ආණ්ඩුව යොදා ගත් උත්සව ශාලාව සම්පූර්ණයෙන්ම නරකාදියක් තත්වයට පත්ව ඇත.


    :oo::oo::oo: