අරළු – හැදුනේ මෙහෙමෙයි !
ලෝකය හටගත් මුල් කාලයේ ප්‍රධාන වශයෙන් ඖෂධ ශාක විදියට තිබුණේ අරළු, බුළු හා නෙල්ලි කියන ඒවායි. අදටත් ආයුරුවේදයේ එන ප්‍රධානතම ඖෂධ තුනක් තමයි මේවා. මේ ලෝකය හටගත් මුල් කාලයේ දස අකුසල්වලින් තොරව ජීවත් වුණු මනුෂ්‍ය පිරිසක් ගැනත්, ඔවුන් ක්‍රමක් ක්‍රමයෙන් පිරිහිලා, අට අනූවක් රෝග ආදිය හැදුනු හැටිත් අපි මීට පෙර කතා කළා මතක ඇති.
දස අකුසල් වලින් තොර වුණාම දූෂ්‍යතාවයක් නෑ. එතකොට ලෙඩ රෝග වලට මුලක් නෑ. හැබැයි මෙතන අකුසල් වලින් තොරයි කිව්වට ඒවා ප්‍රහීන කරලා (නැත්තටම නැති කරලා) නැහැ. ඒවා යටපත් වෙලා තිබීමක් විතරයි තිබුණේ. මොකද ප්‍රහීන කළා කියන්නේ ආපහු මතුවෙන්නේ හෝ නැගිලා ඒමක් නෑ. ඒ තමයි අරිහතුන් වහන්සේගේ ස්වභාවය. හැබැයි, යටපත් වෙලා තිබුනම, ඒවට අවශ්‍ය පරිසරය හා සාධක ගොඩ නැගුණු මොහොතකදී ඒවා ආපහු නැගිලා (මතුවෙලා) එන්න පුලුවන්. ඒවා ඇවිත් ඊට පස්සේ දස අකුසල් එක්කම ලෙඩ රෝග වලට මුල් වුණා – දස කුසල් ඉවත දැමුනා; සාර ධර්ම ඉවත් කළා. හරවත් දේ ඉවතට දැමුවා. “හරය” කියන්නේ සාර ධර්ම වලට. හරය ඉවත ලූ නිසා (හර + ලූ) “අරළු” කියන ශාකය හැදුණා. හැබැයි ඉවත් වුණාට විනාස වුණේ නැති නිසා ඒක ගිහින් වෙනත් විදියකට තැම්පත් වුණා. “අරළු” වල තියෙන්නේ ඒ විදියට ඉවත් වෙච්ච ශක්තිය.
උපුටා ගැනීම ~ හෙළ බොදු පියුම, 18 කලාපය