අර්ජුන් ඇලෝසියස් ට නැවතත් නඩු....

ElaBaba

Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP

    366859.png

    රුපියල් කෝටි 103 ක වැට් බදු ගෙවීම පැහැර හැරලා..! ඇලෝසියස්ට නඩු පිට නඩු..!​

    අර්ජුන් ඇලෝසියස් ඇතුළු පිරිසකට නඩු​

    රජයට අයවිය යුතු වැට් බදු ගෙවීම පැහැර හැරීම සම්බන්ධයෙන් දේශීය ආදායම් පනත යටතේ මැන්ඩිස් සමාගමේ අධ්‍යක්ෂකවරුන් වන අර්ජුන් ඇලෝසියස්ට සහ ඇන්තනි රන්දෙව් ජිනේන්ද්‍ර ජෝන්ට එරෙහිව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ නඩුවක් ගොනු කර තිබෙනවා.

    ඒ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පවිත්‍රා සංජීවනි පතිරාජ මහත්මිය හමුවේයි.

    දේශීය ආදායම් කොමසාරිස් ජෙනරාල්වරයා වෙනුවෙන් පෙනී සිටි නීතීඥ දිනේෂ් පෙරේරා මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් 2019 සහ 2020 වර්ෂ වලට අදාළව රුපියල් 1,035,473,988 ක වැට් බදු මුදලක් ගෙවීම වග උත්තරකරුවන් විසින් පැහැර තිබෙන බව සඳහන් කළා.

    ඒ අනුව වගඋත්තරකරුවන්ට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා සිතාසි නිකුත් කරන ලෙසත් ඔහු අධිකරණයෙන් ඉල්ලා සිටියා.

    එම ඉල්ලීම සලකා බැලූ අතිරේක මහේස්ත්‍රාත්වරිය වගඋත්තරකරුවන්ට ලබන ඔක්තෝබර් මස 13 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා සිතාසි නිකුත් කරන ලෙසත් නියෝග කළා.

    වැට් බදු ගෙවීම පැහැර හැරීම සම්බන්ධයෙන් අර්ජුන් ඇල්සියස් ඇතුළු වග උත්තරකරුවන් දෙදෙනාට එරෙහිව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පැවරූ නඩුවකට වරදකරුවන් කෙරුණු අදාල වගඋත්තර කරුවන් දෙදෙනාට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් මීට පෙර මාස හය බැගින් සිර දඬුවම් නියම කර තිබුණා.

    අර්ජුන් ඇලෝසියස් මීට පෙර ද, වැට් බදු නොගෙවා පැහැර හැරීම සම්බන්ධයෙන් මාස හයක සිරදඩුවමක් භුක්ති වින්දේ ය. එවර ඔහුට නොගෙවා පැහැර හැර තිබුණු වැට් බදු ප්‍රමාණය රුපියල් බිලියන 3.5 කි.
     
    • Like
    Reactions: vito and SDCR

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    ඕවට මුකුත් වෙන්නේ නෑ
    අර්ජුන් ඇලෝසියස් මීට පෙර ද, වැට් බදු නොගෙවා පැහැර හැරීම සම්බන්ධයෙන් මාස හයක සිරදඩුවමක් භුක්ති වින්දේ ය.