අර්බුදයට හුරු වී වැනසෙන යක්කයින්

Hankook

Well-known member
  • Apr 4, 2022
    5,283
    8,176
    113
    ගම්වල අනුන්ගෙ කාල ඉන්න ඩයි හාර්ඩ් බය්යෝ තාමත් රාජපුක්ලට තමයි. කොච්චර බඩු ගණන් ගියත් කන්ඩ නැතුව හාමත් උනත් ගුණ වයනවා.
    @Die-hard 🤣
     
    • Wow
    Reactions: Die-hard

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    මිනිස්සුන්ට එහෙම දොස් කියන එක වැරදියි. වගකීම් තියෙන පවුලක් තියෙන මිනිස්සු ඒ වගකීම් පැත්තක දාල අරගලේ කරන්න ඒවි කියල හිතනවා නම් එක ලොකු වැරදි වැටහීමක්. උතුරේ යුද්ධ කාලෙත් දෙමළ මිනිස්සු බහුතරය යුද්ධ කරන්න නෙවෙයි යුද්ධයෙන් ගැලවිලා කොහොමහරි සාමාන්‍ය ජීවිතයක් ගතකරන්න උත්සාහ දැරුවා, ඉතින් ත්‍රස්තවාදීන්ට පිරිස් බලය වැඩි කරගන්න බලයෙන් සාමාජිකයන් එකතුකරගන්න පුහුණු කරන්න බ්‍රේන් වොෂ් කරන්න වුනා. ලෝකේ කොහෙත් අරගල කරන්න එහෙම මිනිස්සු එකතු වෙන්නේ අතිවිශේෂ අවස්ථා වල විතරයි.

    අනිත් එක අපට මරා හොරෙක් තක්කඩියෙක් වුනත් ගම් වල මිනිස්සු, හමුදා පවුල් වල මිනිස්සු එහෙම හිතන්නේ නැහැ. ඉඳල හිටලා ඔන්ලයින් කමියුනිටි වල බය්යෙක් දකින්න බයි මතවාද අහන්න ලැබුනට සාමාන්‍ය මහපොළවේ යතාර්ථය ඊට වඩා බොහෝ වෙනස්. ගම් වල හැම එකාම වගේ බය්යෝ.විශේෂයෙන් වයසක කාන්තාවන් එහෙම, උන් යුද්ධය නැවතුනු එක ගැන ඇති විශාල පැහැදීමකින් ඉන්නවා, පාරවල් හැදුනු එක ගැන හිතනවා, ළමයින්ට ආණ්ඩුවේ රස්සා තියෙන එක ගැන හිතනවා. ඔවුන්ට කන්න බොන්න ලොකු අමාරුකම් නැහැ. උතුරේ කිළිනොච්චිය පෝලිම් නැති එක ගැන ආටිකල් එකක් මේ ළඟදි පත්තරේ තිබුන. ඒ ඇති වෙන්න අදාළ ද්‍රව්‍ය තියෙන නිසා නෙවෙයි, ඒ මිනිස්සුන්ගේ උවමනා එපාකම් ටවුන් වල ඉන්න මිනිසුන්ට වඩා වෙනස් නිසයි. දකුණේත් ගම් වල ඊට වඩා ලොකු වෙනසක් නැහැ. ඉතින් දේශපාලනය කරනවා නම් මිනිස්සු පහත් කරලා හිතන්නේ නැතිව ඒ මිනිස්සුන්ගේ පැත්තෙනුත් කරුණු
    කාරනා දකින්න.
    මිනිස්සු පවු කියල හිතන්න තිබ්බා අද ඊයේ මේ ප්‍රශ්න ආවනම්. අවරුදු 74ක් තිස්සේ එකම බොරුව වෙද්දී එක තේරෙන්නේ නෑ කියන්නේ ලොකු ප්‍රශ්නයක්. දැන් යුද්දේ ඉවර වෙලත් සෑහෙන කාලයක් වෙනවා කවදා වෙනකම් මෙහෙම රැවටෙන්න ද? මෙහෙමයි හැමදේටම වඩා ලොකුයි නේ බඩගින්න. බඩට වැදුනම වත් තේරෙන් නැත්නම් කරන්න දෙයක් නෑ