අරාබියේ රස්සාවකට යන්න ඉන්නවා නම් මේ කරුණ&#354

hodakolla

Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    අරාබියේ රස්සාවකට යන්න ඉන්නවා නම් මේ කරුණ&#354

    දැන් මිඩ්ල් ඊස්ට් කිව්ව ගමන් මතකෙට එන දේවල් මොනවද? ගෘහ සේවිකා ඇබෑර්තු, රට රස්සා වලට ගිහින් කට්ට කාලා රස්සා කරන්න වෙන එක. අනික් පැත්තට ඩුබායි වගේ රටකට ගිහින් සල්ලි හොඳට හම්බ කරලා කුවේරයෝ වගේ ලංකාවට එන ඩයල්. ඉතින් මැදපෙරදිග රස්සා කරන එකේ හොඳ නරක ගැන නෙවෙයි අපි මේ කතා කරන්න යන්නේ. ඒවා තමන් විසඳගන්න ඕන ප්‍රශ්න. හැබැයි දැන ගියොත් ඩුබායි, නොදැන ගියොත් ආයෙමත් ලංකාවට කියලා උපහැරණ එහෙමත් තියෙනවනේ. ඒ නිසා අපි කියලා දෙන්න යන්නේ ගොඩක් දෙනෙක් නොහිතන, හැබැයි මිඩ්ල් ඊස්ට් රටක ‍රැකියාවකට යනකොට දැනගෙන ඉන්න ඕන කාරණා කීපයක් ගැන.



    1. ඒජන්සියෙන් යමුද? :sorry::sorry::sorry::sorry::sorry::sorry:

    Before-You-Go-to-Work-in-the-Middle-East-aniwa-01.jpg




    Before You Go to Work in the Middle East
    Source – www.hannaninternationalmanpower.com
    ගොඩක් වෙලාවට රට ‍රැකියාවලට යන්නේ මෑන් පවර් ඒජන්සි හරහා කියල අමුතුවෙන් කියන්න ඕන නැහැනේ. විශේෂයෙන්ම ගෘහ සේවිකා ඇබෑර්තු එහෙම එන්නේ ඒජන්සි හරහා. හැබැයි ඒජන්සියකින් රට රස්සාවකට යනකොට බොහෝම කල්පනාකාරී වෙන්න ඕන දේවල් තියෙනවා. එකක් මේක නීත්‍යානුකූල ව්‍යාපාරයක්ද කියන එක. ඒක දැනගන්න මෙන්න මේ ප්‍රශ්න ටික අහලා ඒකට සෑහෙන උත්තර ලබාගන්න ඕන.

    ඒජන්තවරයා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්‍යාංශයේ ලියාපදිංචි වී බලපත්‍රයක් ලබාගෙන තියෙනවද?
    බලපත්‍රය වලංගුද?
    ඒජන්තවරයා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්‍යාංශයේ නිසි අනුමැතිය ලබාගෙන තියෙනවද?
    ප්‍රථම අනුමැතිය බඳවාගැනීමේ කාලය දක්වා වලංගු වේද?
    දෙක, මෙතනදී තමන්ට ලැබෙන්නේ මොනවද, තමන් ලබාදෙන්න ඕනේ මොනවද කියන එකත් හරියට අහලා දැනගන්න ඕන. ඒ කියන්නේ ‍රැකියා කොන්දේසි වල ඉඳන්, පඩි නඩි, වෛද්‍ය ආවරණ, රක්ෂණ ආවරණ, ඉඳුම් හි‍ටුම් වගේ හැමදෙයක්ම.

    හොර ඒජන්සිකාරයෝ හොයාගන්න ලේසියි. එක්කෝ කියයි වැඩේ කරල දෙන්න පුලුවන් හැබැයි ලක්ෂයක් එහේ ඒජන්ට්ට ගෙවන්න ඕනේ සතියක් ඇතුළත කියලා. එහෙම නැතිනම් කියයි වැඩේ කරල දෙන්නම්, හැබැයි පාස්පෝට් එක අපි ගාව තියන්න ඕනේ කියලා. එහෙමත් නැතිනම් කියයි වැඩේ කරල දෙන්නම් කියලා හැබැයි කොහේද, කින්ද මන්ද කිසිම දෙයක් කියන එකක් නැහැ.

    හැබැයි මෙහෙම නැතුව හොඳ විනිවිද භාවයකින් වැඩේ ගොඩදාන නීත්‍යානුකූල මෑන්පවර් ඒජන්සි ඕන තරම් තියනවා, ඒ වගේ තැනක ගොඩක් වෙලාවට සම්මුඛ සාකච්ඡාවකට පෙනී ඉන්න වෙනවා අදාළ රටේ, අදාළ ආයතනයේ නිලධාරීන් එක්ක. එතකොට සමහර තැන්වල මූලික වියදම් විතරයි ගෙවන්න වෙන්නේ. ඒකත් වැඩේ ස්ථිරයි කියන ලිපිලේඛන ලැබුණට පස්සේ. ඉන් පස්සේ මාස කිහිපයක් යනකල් අදාළ රටේ තමන්ට ලැබෙන පඩියෙන් කොටසක් ඒජන්සියට යනවා.

    ඉතින් ඒජන්සියකින් රට රස්සාවකට යනවා නං එක්කෝ තමන්ට මොලේ තියෙන්න ඕන මේක නීත්‍යානුකූලද නැද්ද කියලා තේරුම් ගන්න. නැතිනම් දන්න කෙනෙක් එක්ක යන්න ඕන.



    2. එහේ ගිහින් රස්සාවක් හොයමුද? :no::no::no::no::no::no::no:




    Before-You-Go-to-Work-in-the-Middle-East-aniwa-02.jpg



    Before You Go to Work in the Middle East
    Source – davidsonmorris.com
    මෙන්න මේක පුතේ ගොඩ ගියොත් එහෙමයි, වැරදුනොත් මෙහෙමයි වැඩක්. ඒ කියන්නේ අපිට වීසා එකට ස්පොන්සර් කෙනෙක් වෙන්න පුලුවන් යාලුවෙක් මිත්තරයෙක් නැන්දෙක් මාමෙක් ඩුබායි වගේ රටක ඉන්නවා නං, අපිට තියෙන්නේ ‍ටුවරිස්ට් වීසා හදාගෙන, ටිකට් එකත් අරගෙන යන එක. කොහොමත් ඩුබායි වගේ රටක් ගත්තොත් වීසා එකට මාස තුනකට රුපියල් අසූදාහක් විතර යනවා. මේවා වෙනස් වෙන්න පුලුවන් ගණන්. එතකොට රිටර්න් ටිකට් එකත් රුපියල් හතළිස් දාහකට වැඩි වෙයි. දැන් ඉතින් ගිහිල්ලා රස්සා හොයන්න තමයි පුතේ තියෙන්නේ!



    3. එහේ ගිහින් රස්සා හොයනවා නං මෙහෙමයි :confused::confused::confused::confused:







    Before You Go to Work in the Middle East
    Source – freeatlastmilwaukee.org
    මැදපෙරදිග රටකට ‍ටුවරිස්ට් වීසා හදාගෙන ගිහින්, එහේ නැවතිලා රස්සාවක් හොයනවා නං කරන්න ඕන දේවල් ටිකක් තියෙනවා. එකක් මුලින්ම එහේ මොබයිල් නම්බර් එකක් ගන්න ඕන. ඊලඟට තමන් යාලුවෙක් ගාව හෝ නැවතිලා ඉන්න තැන ඇඩ්‍රස් එක ඕන. දැන් ඔය විස්තර දාලා තමන්ගේ සීවී එක අප්ඩේට් කරලා වැඩ පටන් ගන්නයි තියෙන්නේ. විශේෂයෙන්ම පත්තර වල වගේම වෙබ් සයිට් වලත් තියෙන වේකන්සි බලලා, ඒවලට තමන්ගේ සීවී/බයෝ ඩේටා එක දාලා, ඒවලින් ඉන්ටර්වීව් ආවහම ගිහින් බලන්න ඕන. සමහර සුපර් මෝල් වල, රෙස්‍ටුරන්ට් වල එහෙම වෝක් ඉන් ඉන්ටර්වීව් තියෙනවා. අන්න ඒවලටත් ගිහින් බලන එක වටිනවා.



    4. එක්ස්පර්ට් කෙනෙක් නං වැඩේ ගොඩද? :lol::lol::lol::lol::lol:






    Before You Go to Work in the Middle East
    Source – telegraph.co.uk
    මෙන්න මේක මිඩ්ල් ඊස්ට් යනකොට ඒජන්සියෙන් ගියත්, තමන් ගිහින් රස්සාවක් හෙවුවත් හිතලා බලන්න ඕන කාරණාවක්. අපි හිතමු ඔයා මෙහේ සේල්ස් එක්සකටිව් කෙනෙක් කියලා. හැබැයි එහේ සේල්ස් එක්සෙකටිව් රස්සා ඔයා එනකල් කවුරුවත් තියාගෙන බලං ඉන්නෙ නෑ. ඒ නිසා මුලින්ම කරන්න ඕන දේ තමයි ඇත්තටම තමන්ට යන්න ඕන මැදපෙරදිග රටේ, එහෙම නැතිනම් පොදුවේ මැදපෙරදිග රටවල නැගලා යන ජොබ් මාකට් එක මොකක්ද කියලා බලන්න ඕන. ඒක සමහර වෙලාවට වේටර් වැඩක් වෙන්න පුලුවන්. සුපිරි වෙළඳ සංකීර්ණයක කම්කරු ‍රැකියාවක් වෙන්න පුලුවන්. ඒ නිසා ඕන දේකට ලැහැස්ති පිට යන්න වෙනවා, විශේෂයෙන්ම ගල්ෆ් එක්ස්පීරියන්ස්, එහෙමත් නැතිනම් ගල්ෆ් කලාපයේ ‍රැකියා පළපුරුද්දක් නැතිනම්.



    5. රස්සාව හම්බුණොත්? :eek::eek::eek::eek::eek:
    Before You Go to Work in the Middle East
    Source – slbfe.lk
    රස්සාව හම්බුණොත් ගොඩක් වෙලාවට වර්ක් වීසා වලට ඇපෘවල් එක අරගෙන, ඒකට සල්ලි බඳින්නේ අදාළ ‍රැකියා ස්ථානයෙන්. හැබැයි ඒ කොහොම කලත් රටින් පිටවෙලා ආයෙමත් රටට එන්න වෙනවා. ඒ කියන්නේ ලංකාවට එන්න බෑ වගේ නම් අඩු ගාණේ ළඟ තියෙන වෙන රටකට ටිකට් එකක් අරගෙන ගිහිල්ලා අනික් පැත්තට එන්න වෙනවා. හැබැයි ලංකාවට ඇවිත් යන්න පුලුවන් නම් විදේශ ‍රැකියා නියුක්ති කාර්යංශයෙන් කෙරෙන්න ඕන වැඩ ටික කරගන්න එක ලේසියි. ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්‍යාංශයේ ප්‍රධාන කාර්යාලයට හරි ළඟම පිහිටි පුහුණු මධ්‍යස්ථානයට හරි ගිහින් ලියාපදිංචි වන්න ඕන. ඒකට විදේශ ගමන් බලපත්‍රය, පුහුණු සහතිකය, වලංගු වීසා බලපත්‍රය, රැකියා ගිවිසුම කියන ලියකියවිලි දෙන්නත් ඕන. මේකේ පුහුණු සහතිකය ගැන අපි පස්සේ කතා කරනවා.

    හැබැයි ඔය මැදපෙරදිග රටවල පාට්-ටයිම් රස්සා එහෙමත් තියෙනවා. ඒවා කරන්න වර්ක් වීසා බලන්නෙ නෑනේ. හැබැයි පු‍තෝ ඒක නීතිවිරෝධියි. අහුවුණොත් බඩු. ඒ නිසා අපි කියන්නේ රට රස්සා හොයන්න කියලා ගිහින් එහෙම ඉල්ලගෙන කන්න වෙන අවදානම් වැඩ නොකරන් කියලා තමයි!



    6. රට ගැන අනිවා දැනගෙන ඉන්න ඕන :yes::yes::yes::yes::yes::yes:


    Before-You-Go-to-Work-in-the-Middle-East-aniwa-06.jpg





    Before You Go to Work in the Middle East
    Source – macaronmagazine.com
    මෙන්න මේක මැදපෙරදිග රස්සා වලට යන ඕනම කෙනෙක් තරයේ හිතේ තියාගන්න ඕන කාරණාවක්. මැදපෙරදිග රටවල් හැම එකක්ම වගේ මුස්ලිම් ආගම අදහන රටවල්. ඉතින් මේ සමහර රටවල් පට්ට නිදහස්, තව සමහර රටවල් මාරම නීති තදයි. ඒත් මේ පට්ට නිදහස් රටවල වුනත් අපි ලංකාවේ ආතල් එකට කරන වැඩ කරන්න ගියොත් කෙලින්ම හිරේ ගිහින් නවතින්න සිද්ධ වෙන්න පුලුවන්. ආන්න ඒ නිසා රට ගැන, රටේ සිරිත් විරිත් ගැන ඉගෙන ගන්න ඕන. එතකොට රටේ භාවිතා වෙන භාෂාව – ඒ කියන්නේ අරාබි භාෂාව – ඉගෙන ගෙන ඉන්න එක සෑහෙන්න වටිනවා.

    ලංකාවේ විදේශ ‍රැකියා නියුක්ති කාර්යාංශයෙන් මේ සඳහා විශේෂ පුහුණුවක් දෙනවා. ඇත්තම කියනවා නං, විදේශ ‍රැකියාවකට මැදපෙරදිග යන කෙනෙක්, ඊට කලින් විදේශ ‍රැකියා නියුක්ති කාර්යාංශයේ තියෙන මේ පුහුණු වැඩසටහනට සහභාගී වීම අනිවාර්යයි. හැබැයි රස්සා හොයන්න ගිහින් හරි ටික කාලයක් ඒ රටේ හිටපු කෙනෙක්ට මේකට සහභාගී නොවී යන්න පුලුවන්. ඒත් අනිවා යන්න කලින් ඒ ගැන අදාළ නිලධාරියෙක් එක්ක කතාබහ කරගත යුතුයි.



    7. රස්සාවත් හම්බුණා, වීසත් හම්බුණා, එහෙමනං ටටා කියලා යමුද? :no::no::no::no:


    Before-You-Go-to-Work-in-the-Middle-East-aniwa-07.jpg




    Before You Go to Work in the Middle East
    Source – guide2dubai.com
    හෝව් පොඩ්ඩක්. එහෙම යන්න බෑ. මෙන්න මේ කරුණු සම්පූර්ණ කරන්න ඕන. එකක්, වෛද්‍ය පරීක්ෂණයකට මුහුණ දීලා වෛද්‍ය වාර්තාවක් ලබාගන්න ඕන. ඒක ගොඩක් වෙලාවට වීසා එක ගන්න කලින් එහාට දෙන්න වෙනවා. ඒ වෛද්‍ය පරීක්ෂණයට යන්න ඕන අදාළ රටේ ලංකාවේ තානාපති කාර්යාලයේ/මහ කොමසාරිස් කාර්යාලයේ අනුමැතිය තියෙන වෛද්‍ය ආයතනයකට. හිතෙන හිතෙන තැන්වලින් ගන්න බෑ.

    ඊලඟට කලිනුත් කිව්වා වගේ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වෙන්න ඕන. ඒකට ලියාපදිංචි ගාස්තුවක් ගෙවන්න ඕන. අන්න ඒ ඩොකියුමන්ට් එක නැතුව පුතා රට රස්සාවකට එයාර්පෝට් එකෙන් එහාට යන්න බෑ. දැන් ඔය ලියාපදිංචි වෙන සීන් එකට තමන්ගේ වීසා එක විතරක් නෙවෙයි, රස්සාවේ ඇග්‍රීමන්ට් එක, ඒ කියන්නේ ‍රැකියා ගිවිසුම හෝ ඒකේ පිටපතක් භාරදෙන්න ඕන. හැබැයි දැන් ඔය වැඩේ එයාර්පෝට් එකේම තියෙන විදේශ ‍රැකියා නියුක්ති කාර්යාංශයෙන් කරගන්නත් පුලුවන්. හැබැයි එතකොට සල්ලි ගෙවන්න වෙන්නේ ක්‍රෙඩිට් කාඩ් එකකින්.

    අපි කියමු ඒජන්තවරයෙක් මාර්ගයෙන් තමයි යන්නේ කියලා. එතකොට ඔය වැඩකටයුතු කරන්නේ ඒජන්සිය මාර්ගයෙන් නේ. හැබැයි රටින් පිටවෙන්න කලින් ඒජන්තවරයා විසින් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්‍යාංශයේ නිල මුද්‍රාව සහිතව ඔබ‍ගේ විදේශ ගමන් බලපත්‍රය, වලංගු වීසා බලපත්‍රය, ගුවන් ටිකට් පත, රැකියා ගිවිසුම, බැංකු තුණ්ඩුවේ ගනුදෙනුකරුගේ පිටපත, රක්ෂණ සහතිකය කියන ලියකියවිලි ටික ඔබේ අතට දෙන්න ඕන.

    දැන් ඔය ඔක්කොම හරි නම් තමන්ගේ පවුලේ දේවල් සැලසුම් කරලා, තමන්ගේ අවසන් නොකරපු ලංකාවේ ප්‍රශ්න, ගැටළු හැමදෙයක්ම ඉවරයක් කරලා හිතේ සැනසිල්ලේ මැදපෙරදිග ගිහිල්ලා, පොඩි කට්ටක් කාලා කීයක් හරි හම්බු කරගෙන එන්නයි තියෙන්නේ!