අරියෝපවාදය කර්මය ගැන දැන ගන්න ඕනි
බුදු වරයෙකුට හෝ පසේ බුදු වරයෙකුට හෝ ආර්ය වූ (එනම් සෝවාන් සිට ඉහළ මාර්ග ඵල ඕනෑම එකකට පත්) ස්වාමීන් වහන්සේ උතුමෙකුට හෝ ගිහි උතුමෙකුට ද්වේෂ සහගත සිතින් ගර්හා කිරීම (ගැරහීම” නින්දා කිරීම” නිග්රහ කිරීම) ආර්යෝපවාද පාප කර්මය නම් වෙයි
මාර්ගඵල නොලද්දෙකු ආර්යෝපවාද පාප කර්මය කළේ නම් මරණින් මතු අනිවාර්යෙන්ම නිරයෙහි උපදියි’ කෝකාලික සූත්රයේ දැක්වෙන පරිදි ආර්යෝපවාද පාප කර්මයේ විපාක අතිශය බරපතලය’
කෝකාලික භික්ෂුව සැරියුත් මුගලන් අගසව් දෙනමට අපවාද කර එහි විපාක ලෙස ශරීරයේ ගෙඩි සැදෙන රෝගයක් වැළඳී මියගොස් දුරස්ථ අපාය භූමියක උපත ලද්දේය’......
(උපුටා ගැනීමක්)
Last edited: