අරුගම්බේ මුහුදු වෙරළේත් තලෙයිබාන් නීතිය!

bohokal

Well-known member
  • Nov 21, 2006
    2,502
    250
    83
    විල්පත්තු කැලෑවේ දුටු ගෝත්‍රික නැටුම

    අපි අපූරු ගමනක්‌ ගියෙමු. ගමනට නිමිත්ත වී තිබුණේ මේ දිනවල රට උණුසුම් කර ඇති විල්පත්තු උතුරු අභයභූමියේ ඉදිකරගෙන යන පැල්පත් නිවාස ගැන සොයා බැලීමය. ගමන සංවිධානය කර තිබුණේ රිෂාඩ් බදුර්දීන් ඇමැතිතුමා ඇතුළු කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශයයි.

    පසුගිය 22 වැනිදා උදේ 8.00 ට කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශයෙන් ගමන ආරම්භ විය. දහවල් වන විට පුත්තලම එළුවන්කුලමට ළඟා විය. එතැනින් එහාට ගමන් කිරීමට කලා ඔය තරණය කළ යුතුව තිබිණි. එහෙත් කලාඔය මැදින් දමා ඇති සපත්තු පාළම මතින් වතුර ගලා යන තරමටම ජල කඳ උරණ වී තිබිණි. නොසිතු ලෙස වැඩි වූ ජල කඳ පැයක්‌ පමණ ගත වන විට බැස යන බව නඩයේ ගුරා වූ බදුර්දීන් ඇමැතිතුමා මාධ්‍යවේදීන්a අමතා කීවේය.

    පුත්තලම එළුවන්කුලම හරහා විල්පත්තු ජාතික වන උද්‍යානය මැදින් මන්නාරමට දිවෙන මෙම මාර්ගය ඉදිකර ඇත්තේ යුද සමයේ හමුදා සේනාංකවලට පහසුවෙන් සහ ආරක්‍ෂිතව උතුරට ගමන් කිරීමටය. එසේ නොමැතිව ජාතික වන උද්‍යානයක්‌ මැදින් මහ මාර්ග තැනීම වන සංරක්‍ෂණ ආඥපනතට අනුව අවසර නැත. කෙසේ හෝ යුද සමයේ කැපුණු මග දැන් ස්‌ථාවර වී ඇති සේය. මිනිස්‌ වාසයෙන් හිස්‌ යෑයි සිතෙන තරමට මග හුදෙකලා වුවද, මාර්ගය පුළුල් කරමින් තැනින් තැන කාපට්‌ අතුරමින් ද තිබෙන්නේය.

    පැය භාගයක්‌ පමණ යන විට පාළම මතින් ගලන වතුර ප්‍රමාණය අඩු විය. එසැනින් ක්‍රියාත්මක වූ ඇමැති ආරක්‍ෂක රථය පෙරමුණ ගෙන ගලා යන වතුර මතින්ම කලාඔය තරණය කළේය. සෙසු වාහන පෙළද ඇමැති ආරක්‍ෂක රථය අනුගමනය කළහ. එහා ඉවුරේ විල්පත්තු ජාතික වන උද්‍යානයට ඇතුළු වන එක්‌ දොරටුවකි. එම ස්‌ථානයේ දැන්වීම් පුවරුවක සටහන් කර ඇත්තේ අවසර පත්‍රයක්‌ නොමැතිව වන උද්‍යානයට ඇතුළුවීම තහනම් බවය. එහෙත් සියයකට වඩා වැඩි වූ අපගේ කණ්‌ඩායමට එම නීතිය වලංගු නොවීය. ජීවිතයේ පළමු වතාවට අවසර පත්‍රයක්‌ නොමැතිව වන උද්‍යානයට ඇතුළුවීමේ භාග්‍යයද අපට එම ගමනේදී උදා විය.

    මෙතැන් සිට අප ගමන් කරන්නේ විල්පත්තු ජාතික වන උද්‍යානය මැදිනි. වියළුණු පොළව කලඹාගෙන වාහන පෙළ පිම්මේ ඉදිරියට ඇදෙන්නාහ. දූවිලි තැවරුණු වඳුළු අතරින් දුඹුරු පැහැයෙන් සිත්තම් වන බොරළු පාර හීයක්‌ මෙන් විහිදී යනු දකිමු. හිරු ගිනියම්ව අවට දවාලුවද සිතිජය වැස්‌සකට අරඇඳමින් තිබේ. වන උද්‍යානයක්‌ මැදින් ගමන් කළ ද කුරුල්ලෙක්‌වත් ඇස නොගැටුනේය. කලාඔයෙන් එගොඩ වී පැය එකහමාරකට පමණ පසු මෝදරආරු ප්‍රදේශයෙන් විල්පත්තු ජාතික වන උද්‍යාන සීමාව පසු කර විල්පත්තු උතුරු අභයභූමියට සේන්දු විය. මරික්‌කාර්තිව් ලෙස හඳුන්වන මෙම ප්‍රදේශය අයිති වන්නේ මන්නාරම් දිස්‌ත්‍රික්‌කයේ මුසිල ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාසයට.

    නැවතත් කාපට්‌ පාරකි. ටික දුරක්‌ යන විට කැලෑව සුද්ද පවිත්‍ර කර මට්‌ටම් කර පොළව මත තැන තැන කූඩාරම් ඉදිකර තිබිණි. වාහන පෙළ නතර කෙරිණි. බැලූ බැල්මට අහිකුණ්‌ටික පැල්පත් වැනිය. එහෙත් අහිකු=ණ්‌ටික කූඩාරමක නම් මිනිසුන් ජීවත් වන බව හැඟෙන රෙදි පොට්‌ටනියක්‌, නයි බහාලන වේවැල් කූඩයක්‌ තරම්වත් තිබේ. කූඩාරම ඉදිරිපිට හෝ පසු පස දර ලිපක්‌ තිබේ. රිළවෙක්‌ බල්ලෙක්‌ සමග සෙල්ලම් කරන ළමයෙක්‌ දෙන්නෙක්‌ සිටිති. එහෙත් මේ කූඩාරම් තුළ මිනිසුන් ජීවත් වන බවට කිසිදු සලකුණක්‌ නැත. කූඩාරම ඉදිරිපස ත්‍රිරෝද රථයක්‌, යතුරුපැදියක්‌ නවතා තිබේ. අඹුසැමියන් යෑයි කියන පිරිමියෙක්‌ සහ ගැහැණියක්‌ සිටිති. පසුබිමෙන් පෙනෙන්නට තිබෙන්නේ එවැනි හැඩ තලයකි. එහෙත් කතාව යන්නේ මේ කූඩාරම් තුළ ජීවත් වන්නේ ඒ බිමට පරම්පරාවෙන් උරුමකම කියන මිනිසුන් බවය. එහෙත් වනජීවී නිලධාරීන් කියන්නේ ඒ භූමිය විල්පත්තු උතුරු අභයභූමියට අයිති බවය. සිද්ධිය උණුසුම් වන්නේ එසේය.

    ප්‍රදේශයේ ප්‍රධාන දේශපාලනඥයා වන රිෂාඩ් බදුර්දීන් ඇමැතිවරයා ඇතුළු මුසිල ප්‍රාදේශීය සභාවේ සභාපති ඒ. එම්. එහියාම් සහ මන්ත්‍රීවරු දෙදෙනකු ද, ප්‍රදේශයේ ඉඩම් නිලධාරිවරයා සහ ප්‍රධාන මිනින්දෝරු නිලධාරිවරයාද මෙම ස්‌ථානයට පැමිණ සිටියහ. දැන් දැන් මාධ්‍යවේදීන් නගන විවිධ ප්‍රශ්නවලට ඔවුහු උත්තර බඳින්නාහ. අපි තව තවත් අවට විපරම් කළෙමු. පොල්අතු කූඩාරම්වලට පසුපසින් සිමෙන්ති ගඩොලෙන් ඉඳිවුණු ගොඩනැඟිල්ලකි. එම ගොඩනැඟිලිල්ල ඉදිරිපස ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ, ග්‍රාමීය සංවර්ධන කාර්යාලය ලෙස දැන්වීම් පුවරුවකි. ඒ අසළම පැල්පතක්‌ ඉදිරිපිට සිටි කෙනකු සමග අපි ඔවුන්ගේ ජීවන තතු විමසුවෙමු. ඔහු නාජාඩ්ය. පැල්පත්වාසියෙකි.

    නාජාඩ්ලා මෙහෙට ඇවිත් කොච්චර කාලයක්‌ වෙනවද?

    අවුරුදු තුනක්‌ වෙනවා.

    ඔයලා ජීවත් වෙන්නේ මේ මඩුවේද...

    නෑ.

    දැන් ඔබ කිව්වේ මෙහෙට ඇවිත් අවුරුදු තුනක්‌ වෙනවා කියලා...

    ඔව්... එහා පැත්තෙ ගම තියෙනවා. ගෙවල් තියෙනවා. දැන් ඒ ගෙවල් වහලා දලා මෙතැනට ආවා..

    එහා පැත්තේ කියන්නේ...

    මරිච්චිකටුවේ.

    නාජාඩ් කසාද බැඳලද...

    ඔව්... මේ ඉන්නේ බිරිඳ.

    ඔහු අසළම සිටි කාන්තාව දෙසට නාජාඩ්ගේ දෙනෙත් ඉගිළිණි. ඇය තුරුළේ සිටින පුංචි දරුවා ද අප දෙස බලා සිටින්නේය.

    නාජාඩ්ට ළමයි කීදෙනෙක්‌ ඉන්නවද?

    දුවල තුනයි. පුතලා දෙකයි.

    දරුවෝ මොකද කරන්නේ...

    ඉස්‌කෝලේ යනවා.

    ඉස්‌කෝලේ යන්නේ කොහේද...

    පුත්තලමේ...

    පුත්තලමේ කොහේද ළමයි ඉන්නේ...

    ගෙදර.

    පුත්තලමේත් ගෙයක්‌ තියෙනවද?

    ඔව්... යුද්ධ කාලේ කුට්‌ටිගලින් අපිට ඉඩම් දුන්නා.

    ඔයාලට තැන් දෙකක ගෙවල් තියෙනවා නේද. ඇයි තවත් ඉඩම් අල්ලගෙන ඉන්නේ...

    මෙතන අපේ පරම්පරාවේ ඉඩම්. අනිත් එක අපේ පවුල දැන් ලොකුයි. දරුවන්ට ඉන්න තැනක්‌ ඕනෑ.

    ඔයාලගේ පැරැණි නිවස තිබුණේ කොතනද?

    'අතන' ඔහු කැලෑව දෙසට අත දිගු කළේය.

    නිවසක්‌ තිබුණු බවට සලකුණක්‌වත් නැහැනේ...

    අපේ ගෙවල් එල්.ටී.ටී.ඊ. විනාශ කරලා.

    ගම්මානයක්‌ තිබුණු බවට දැනට මොනවද තියෙන සාක්‍ෂි...

    පල්ලිය තියෙනවා. සොහොන තියෙනවා. ළිඳ තියෙනවා. වැව තියෙනවා... කුඹුරු තියෙනවා..

    කොහේද ඒවා තියෙන්නේ...

    ඔය තියෙන්නේ කුඹුරු.

    නාජාඩ් නැවතත් කැලෑවට අත දිගු කරන්නේය.

    මොනවත් පේන්නේ නැහැනේ...

    කැලෑ වැවිලා. අර කැලේ පැත්තට වෙන්න කුඹුරුවල නියරත් තියෙනවා.

    එහෙම නම් අපි යමුද බලන්න...

    ගොඩක්‌ දුර යන්න ඕනා. සත්තුත් ඉන්නවා.

    පල්ලිය තිබුණු තැනට බලන්න යමුද?

    දැන් කැලේ වැවිලා කිසිම දෙයක්‌ පේන්නේ නැහැ...

    අපේ පැනයන්ට නාජාඩ් එසේ පිළිතුරු දෙන විට තවත් පැල්පත්වාසියකු වන එම්. එම්. මර්සූක්‌ තවත් මාධ්‍ය සගයකු සමග මෙසේ කතා කරමින් සිටියේය.

    යුද්ධය ඉවර වුණාට පස්‌සේ රජය කිව්ව නැවත ගම් පළාත්වලට ගිහින් පදිංචි වෙන්න කියලා. එතකොට අපේ ඇමැතිතුමා කිව්වා අපිට මේ ඉඩම්වල පදිංචි වෙන්න කියලා. එතුමා කිව්ව විදිහට අපි මේ ඉඩම් එළිකරගෙන පදිංචි වුණා.

    මේ අභයභූමියට අයිති ඉඩමක්‌ කියලා කවුරුවත් ඔබලට කිව්වේ නැද්ද?

    මේක අපේ අම්මා, තාත්තා හිටපු ඉඩම්. ඒවට එන්න අපිට කාගෙන්වත් අවසරයක්‌ ඕන නැහැ.

    මෙහෙන් යනකොට ඔබ හිටියේ නැද්ද?

    අපි පොඩි ළමයි.

    දැන් ඔයාගේ වසය කීයද?

    49 යි.

    ඔබ කිව්වේ මේ ගම්බිම්වලින් ගියේ 1990 අවුරුද්දේ කියලා. දැන් ඔබගේ වයස එක්‌ක බලනකොට ඔබට අවුරුදු 25 යි. ඇයි ඔබ පොඩි දරුවෙක්‌ ගානට වැටුණේ. කව්ද ඔයලා නොදරුවෝ කරන්න හදන්නේ...

    කොටි ත්‍රස්‌තවාදයෙන් උතුරු-නැගෙනහිර විනාශ වූ තවත් ගම්බිම් ඇත්තේය. යුද්ධය නිසා නටබුqන් වූ ගොඩනැඟිලි, නිවාස එම ගම්බිම්වල අදටත් දකින්නට ලැබේ. එහෙත් පුදුමයකි. මේ මරික්‌කාර්තිව් ගම්මානයේ ගොඩනැඟිලිවල අත්තිවාරමත් ගලවා දැමීමට තරම් එල්.ටී.ටී.ඊ. සැහැසි වී තිබේ. මේ කතාව අහන විට අපේ හදවත් හිරී වැටී යන්නේය. දෙනෙත් උණු කඳුළින් පුරවාලන්නේය. ගම්මුන්ගේ කතා අසා කම්පනයට පත් වූ අපි ප්‍රදේශයේ ප්‍රාදේශීය දේශපාලන නායකයා වන මුසිල ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා සමග මොහොතක්‌ කතා කළෙමු.

    සභාපතිතුමා මේ ගම එල්.ටී.ටී.ඊ.ය විනාශ කිරීමට පෙර පවුල් කීයක්‌ ජීවත් වුණාද?

    පවුල් එකසිය පනහක්‌ විතර ජීවත් වුණා.

    දැන් පවුල් කීයක්‌ විතර ඉන්නවද?

    පවුල්වල සාමාජිකයෝ වැඩි වෙලා දැන් පවුල් එක්‌දහස්‌ පන්සීයක්‌ විතර ඉන්නවා.

    මේ ඉඩම අභයභූමිය අයිති ඉඩමක්‌ කියනවා නේද?

    ඔය අභයභූමිය කියන කතාව මට හරියට පැහැදිළි නැහැ. මේ මිනිස්‌සු පදිංචි වෙලා හිටියේ මේ ඉඩම්වල. මම දන්නේ එච්චරයි.

    ප්‍රාදේශීය සභාවේ සභාපති හැටියට අභයභූමියක්‌ කියන්නේ මොකක්‌ද කියලා ඔබතුමා දන්නේ නැද්ද?

    මම ඕවා දන්නේ නැහැ. දැන් තමයි වනජීවී එක ඔය අභයභූමි කතාව කියන්නේ. 2010 අවුරුද්දේ මේ ප්‍රජාශාලාව හැදුවේ කවුරුවත් කතා කළේ නැහැ.

    ප්‍රදේශයේ නායකයා ලෙස සිටින ප්‍රාදේශීය සභාපතිවරයා තම ප්‍රදේශයේ ඇති ජාතික වන උද්‍යානය ගැනවත් දන්නේ නැත. එවැනි ප්‍රාදේශීය නායකයකු සමග තවත් කතා කර පලක්‌ නැත. එහෙයින් අපි අපට මතු වුණු ගැටලු ප්‍රදේශය නියෝජනය කරන ඇමැතිවරයා වන කර්මාන්ත හා ඉංජිනේරු අමාත්‍ය රිෂාඩ් බදුර්දීන් මහතා වෙත යොමු කළෙමු.

    මේ මිනිස්‌සු පදිංචි වෙලා ඉන්නේ විල්පත්තුව උතුරු අභයභූමියේ නෙමෙයිද?

    1938 අවුරුද්දේ අභයභූමියක්‌ කියලා ප්‍රදේශයක්‌ ගැසට්‌ කරලා තියෙනවා කියලා වනජීවී නිලධාරීන් කියනවා. මේ ජනතාව කියනවා ඔවුන්ගේ සුසාන භූමිය මෙතන තියෙනවා. කුඹුර තියෙනවා. පරම්පරාවම ජීවත් වුණේ මෙතැන කියලා. මේ පිළිබඳව දැන් උසාවියේ නඩුවක්‌ යනවා. උසාවිය දෙන තීන්දුව අපි පිළිගන්නවා.

    ගෙවල් සීයකට වඩා හදන්න නම් මධ්‍යම පරිසර අධිකාරියෙන් අවසර ගන්න ඕනා. 'ජාසිම්සිටි' නිවාස යෝජනා ක්‍රමයේ ගෙවල් සීයකට වැඩියි. එහෙම අවසර අරගෙන තියෙනවාද?

    මේ අලුත් ප්‍රදේශයක්‌ නෙමෙයි. පැරැණි ගම්මානයක්‌. ඒ නිසා මේකට අලුතින් අවසර ගන්න ඕනා නෑ.

    දැන් මේ මාධ්‍ය සාකච්ඡාවට වන සංරක්‍ෂණ දෙපාර්තමේන්තු නිලධාරියකුට සහ ප්‍රදේශයේ දිසාපතිතුමාට ආරාධනා කළේ නැද්ද?

    නැහැ. අපි මේක හදිසියේ කරපු දෙයක්‌.

    ඔවුන්ගේ කතාව දැන් අපට ඕනෑවටත් වඩා පැහැදිළිය. ඇමැතිතුමා නටන්නට ගිය නාඩගම පසුතලයේදීම අනාගත්තේය. එහෙත් මේ ගැටලුව නිසා මරිච්චිකට්‌ටුව, මරික්‌කාර්තිව් පමණක්‌ නොව මුළුරටම නොසන්සුන්ය. බෙහෙවින්ම නොසන්සුන්ය.

    ]නිරුවතින් නටන මේ නාඩගම අපව කම්පා කරන්නේය. මේ රට විචිත්‍ර වූයේ බහුජාතික සංස්‌කෘතීන්හි සොදුරු රූ රටා අතරය. ඒ වෛර්ණ සංස්‌කෘතික ගැඹුරු රුධිර ගංගාවක ගිල්වාලන්නට කැස කවන මේ ගෝත්‍රික රංගනය අවසන් වනු ඇත්තේ ජාතියේ සොහොන් බිම මතිනි.
    තරංග රත්නවීර, සිරිමන්ත රත්නසේකර - ඡායාරූප - නිශාන් එස්‌ ප්‍රියන්ත

     

    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,727
    533
    113
    තුසර පුරය
    ethakota ubala gohenk apu kattiyada??

    indiyawe wijeya kiyala pal horekwa kattiyaththekka boatuwaka dhala elwwwa, un anthimata mathuwune lankawe.....................

    ubath pal horunta apu parammarawane.

    muslim kattiya welathamata awilla mehe padichchiwunu kattiy, ubalawage horun newai.

    apitath merate inda samanawa ayithiyak thiyanawa.

    ඔව් විජය කියන්නෙ අමුම අමු පල් හොරෙක්..සමහර විට හෙනම බඩු කාරයෙකුත් වෙන්න ඇති..
    ඒත් ඔය පරම්පාරාවෙ ගතිගුන සම්පූර්නයෙන්ම වෙනස් වෙනවා තිස්ස රජ සමයේ බුදු දහම පැමිනීමත් සමගම...අන්න එදා ඉදන් අපේ මුතුන් මිත්තන්ගෙ තිබුනු හොරකම් මැරකම් පසික්කාඩුකම් නැතිවෙලා යනවා...අන්න එදා ඉදන් සින්හල බෞද්දයා කාටවත් කරදරයක් නැතිව ජීවත් වෙන්න පටන් ගන්නවා....
    උබට නම් කරන්න පුලුවන්ද එදායින් පස්සෙ අපේ රටේ හිටපු රජ කෙනෙක් වස්තු තන්හාවෙන් හරි අධිරාජ්‍යක් ගොඩ නැගීමේ අරමුනින් හරි වෙන රටකට පහර දුන්න කියල..වෙන රටක නැවක්වත් ලන්කාවේ මුහුදෙ යද්දි කොල්ල කෑවා කියල.....
    දැන් කියන්න එපා උබලට කොහෙද වෙන රටවල් එක්ක යුද්ධ කරන්න ශක්තියක් කියලා මොකද අපි සෑහෙන ප්‍රභල ශක්තියක් තිබුනු රාජ සමයන් බර ගානක් පහු කරල ඇවිත් තියෙනවා...උබට හොදම උදාහරනයක් දෙන්නම් මම කියවලා තියෙන දුටුගැමුනු රජු එලාර එක්ක කරපු සන්ග්‍රාමය ඒ සියවසේ ලෝකෙ වෙච්ච ලොකුම සන්ග්‍රාමය කියලා...ඉතින් එහෙව් යුද්ධයක් කරන්න ශක්තියක් තිබ්බ ජාතියක් වෙන රටක් මන්කොල්ල කෑවෙ නැත්තෙ මේ ජාතිය බුදු දහමෙන් පෝශනය උනු නිසා...ඔය කාල සීමාවන් වල අනිත් රටවල් ආගම් වල නාමයෙන් වෙන රටවල් පීඩාවට පත් කරද්දි අපි අපේ අහින්සකකම තියාගෙන හිටියා..බයකට නෙවෙයි අපේ ආගමෙන් අපිට කියල දීල තිබුනු හැටි.....උබ පොඩ්ඩක් උබේ හිතෙන් අහල බලපන් විජය හොරෙක් කියන්න ඉස්සරවෙලා උබේ මුතුන් මිත්තො ආගම් වල නාමයෙන් කොච්චර මන්කොල්ල කෑම්,හොරකම් කරල තියෙනවද කියලා...
    අපි ලැජ්ජා වෙන්නෙ නෑ අපි විජයගෙන් පැවතෙනවා කියන්න....උබලත් ඒක මතක තියාගනිල්ලා....මේ මිනිස්සු සිල් රෙදි පොරවගෙන හිටියට මුන්ගෙ ජාන වල විජය කියන පල් හොරාගෙ දාමරිකයාගේ ලක්ශන සැගවිලා තියෙනවා කියල...අපි අපේ ආගමෙන් ඒක යටපත් කරගෙන ඉන්නෙ...ඒත් එහෙම කරල බැරි තැන් වල විජයගෙ ගති ලක්ශන ඉස්මතු වෙන්න පුලුවන් එදාට ඔය උඩ පනින උන්ට හැන්ගෙන්න ලෝකෙ ඉඩ මදිවෙයි...
     

    bohokal

    Well-known member
  • Nov 21, 2006
    2,502
    250
    83
    කොහෙද බන් අපි විජයගෙන් පැවතෙන්නේ ?අර දෙරෙනේ වැඩසටහනක් යනවා හෙලවංශය කියලා ,අඩුම ගානේ ඒක හරි බලලා ඇත්ත ඉගෙන ගන්න
     

    Similar threads