අරුන්දික ගුවන් හමුදාවේ සේවය කළේ නැත - ගුවන් හමුදාව

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී අරුන්දික ප්‍රනාන්දු ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ගුවන් නියමුවෙකු ලෙස හෝ කැඩෙට් නිලධාරියෙකු ලෙස සේවය කර ඇති බවට පාර්ලිමේන්තුවේදී පෙරේදා (19) කළ ප්‍රකාශය ශ්‍රී ලංකා ගුවන් හමුදාව ප්‍රතික්ෂේප කර තිබේ.
    ඩේලි මිරර් පුවත්පත මේ ගැන ගුවන් හමුදාව අමතා තහවුරු කර තිබෙන අතර ප්‍රකාශක ගෲප් කපිතාන් දුෂාන් විජේසිංහ කියා සිටියේ මන්ත්‍රීවරයා මෙතෙක් ගුවන් හමුදාවේ සේවය කළ බවට වාර්තා නොමැති බවයි.
    මන්ත්‍රීවරයා වරක් පියාසර යෝග්‍යතා පරීක්ෂණයට සහභාගි වූ නමුත් එහිදී ඔහු අසමත් වූ බව ඔහු පැවසීය.


    ගෲප් කපිතාන් විජේසිංහ කියා සිටියේ මන්ත්‍රීවරයා කැඩෙට් නිලධාරියෙකු ලෙස ශ්‍රී ලංකා ගුවන් හමුදාවට එක් වූ බවට පවා වාර්තා නොමැති බවයි.


    පසුගියදා ඇති වූ ප්‍රචණ්ඩ ක්‍රියාවලදී මැර පිරිසක් තම නිවසට ගිනි තැබීම හේතුවෙන් තම නිවස සහ ගුවන් හමුදාවේ පියාසර සටහන් ඇතුළු වැදගත් ලියකියවිලි කිහිපයක් විනාශ වූ බව මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේදී පැවසීය.තමන්ට ගුවන් හමුදාවේ තිබුණ වටිනා රැකියාව අතහැර දේශපාලනයට ආ බවත් එසේ කැපකිරීමක් කර පැමිණි තමාට සිද්ධවූ දේ ගැන විස්සෝපයට පත්ව සිටින බවත් ඔහු කීය.


    “මෙම විනාසය නිසා අද මට පෙන්වන්න දෙයක් නැහැ මම ගුවනේ හිටියා කියලා.. ශ්‍රී ලංකන් ගුවන් සේවය ඒ දවස්වල ගුවන් යානයක් ගුවන් ගත වුණාම ඒවා ලොග්වල සටහන් කළේ ඒ කාලේ පරිගණක ගත කරන්න පහසුකම් තිබුණේ නැති නිසා. ගින්නෙන් එම සටහන් සියල්ල විනාශ කරලා"
     

    prasanna1992

    Well-known member
  • Apr 18, 2018
    1,505
    2,474
    113
    කොලොම්තොට
    අතුරුදහන් මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ තමා විසින් ප්‍රංශයේදී ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරයෙකුට හඳුන්වා දෙන ලද බවට එම මන්ත්‍රීවරයා කරන ප්‍රකාශය සම්පූර්ණ අසත්‍යයක් බව ප්‍රංශයේ වෙසෙන මාධ්‍යවේදියෙක් පවසයි.

    පාර්ලිමේන්තුව අමතමින් සිකුරාදා විශේෂ ප්‍රකාශයක් කළ පාර්ලිමේන්තු මන්ත්‍රී අරුන්දික ප්‍රනාන්දු, ප්‍රගීත් එක්නැලිගොඩ ප්‍රංශයේ ජීවත් වන බව මෑතදී ප්‍රංශයේ සංචාරය කළ අවස්ථාවේ එහිදී හමුවුන සිය පාසල් මිතුරකු වන මාධ්‍යවේදී මංජුල වෙඩිවර්ධන තමාට දැනුම් දුන් බවක් කියා සිටියේය.
    "මංජුල වෙඩිවර්ධන සිරුරින් උස නැති පුද්ගලයකු මට හඳුන්වල දුන්නා. ඔහු ප්‍රගීත් එක්නැලිගොඩ. ඊට පස්සේ ඒ පුද්ගලයා මාව මඟ හැරලා, මට කථා කරන්නේවත් නැතිව යන්න ගියා," යනුවෙන් මන්ත්‍රීවරයා පැවසීය.
    මන්ත්‍රීවරයා කරන ප්‍රකාශය සම්පූර්ණ සාවද්‍ය ප්‍රකාශයක් බවයි, මංජුල වෙඩිවර්ධන බීබීසී සංදේශයට කියා සිටියේ.

    'අමූලික බොරුවක්'​

    අරුන්දික ප්‍රනාන්දු මන්ත්‍රීවරයා අවසාන වරට දුටුවේ, 2007 සැප්තැම්බර් මාසයේ ශ්‍රී ලංකාවේදී යයි පවසන මංජුල වෙඩිවර්ධන, ඉන් අනතුරුව පසුගිය වසරේ අගභාගයේදී ප්‍රංශයට පැමිණ සිටි මන්ත්‍රීවරයා දුරකථනයෙන් තමාට කතාකළ බවත් ප්‍රකාශ කරයි.
    ප්‍රංශයේදී තමා විසින් ප්‍රගීත් එක්නැලිගොඩ හඳුන්වා දුන් බවට මන්ත්‍රීවරයා කරන ලද ප්‍රකාශය "අමූලික බොරුවක්" බව පවසන මංජුල වෙඩිවර්ධන, තමා කිසි දිනෙක ප්‍රංශයේදී අරුන්දික ප්‍රනාන්දු මන්ත්‍රීවරයා හමු නොවූ බව අවධාරණය කරයි.
    ළමා වියේ සිටම හඳුනන අරුන්දික ප්‍රනාන්දු සමඟ එකම පාසලේ උගත් නමුත්, ඔහු කිසිසේත්ම තමාගේ මිත්‍රයෙක් නොවන බවත් මාධ්‍යවේදී මංජුල වෙඩිවර්ධන සංදේශයට පැවසීය.
    රටින් පිටුවහල්ව සිටින මාධ්‍යවේදී සුනන්ද දේශප්‍රිය ජටාවක් පැළඳගෙන ජිනීවා නුවරදී ශ්‍රී ලංකා විරෝධී උද්ඝෝෂණයකට සහභාගි වී සිටි බවත්, එම උද්ඝෝෂණයට එක්ව සිටි තවත් පුද්ගලයෙක් ප්‍රගීත් එක්නැලිගොඩ ලෙසින් හඳුනාගෙන ඇති බවත් අරුන්දික ප්‍රනාන්දු මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුව අමතමින් පැවසීය.
    එමෙන්ම සිය ස්වාමි පුරුෂයා ජීවතුන් අතර සිටින බව හොඳින්ම දන්නා සන්ධ්‍යා එක්නැලිගොඩ, ශ්‍රී ලංකාවට එරෙහිව ජාත්‍යන්තර ප්‍රචාරක ව්‍යාපාරයක් ගෙන යමින් සිටින බවටද මන්ත්‍රීවරයා චෝදනා කරයි.
    එක්නැලිගොඩ මාධ්‍යවේදියා ප්‍රංශයේ ජීවත්වන බවට තමා පසුගියදා කළ ප්‍රකාශයෙන් අනතුරුව, ජනමාධ්‍ය මගින් තමන්ට "මඩ ගැසීමේ" ව්‍යාපාරයක් දියත් කොට තිබෙන බව පවසන මන්ත්‍රීවරයා, ඒ පිළිබඳව වරප්‍රසාද ප්‍රශ්නයක් කථානායකවරයාට යොමුකර ඇත.

    (BBC Sinhala )7 ජූනි 2013
     
    • Haha
    Reactions: SLK_sri

    Similar threads