අරුමය 💔

Ameesha2

Well-known member
  • May 17, 2011
    678
    1,811
    93
    colombo



    නුඹේ හද ලඟ පිපුනු මා සිත

    මේ තරම් දුර ආපු අරුමය

    මටත් නොකියාම වෙන්ව යනවද

    ඒ වසන්තය නිමිද අද සිට



    ජීවිතේ වේදනා කඳු ලඟ

    නුඹේ උරහිස තමයි සැනසුම

    හඬන මේ රතු රෝස පෙති අග

    තියා යනවද නුඹේ උණුහුම



    ලොවම මා හට එරෙහි වූ දින

    නුඹේ එක් වදනක්ම ඇති මට

    අපේ මතකය ඉතිරි කර දා

    තරහා නෑ නුඹ යන්න නිහඬව



    ගායනය : කල්පනා කාවින්දි

    පද රචනය : තරිඳු අමිල

    සංගීතය : බිබිලදෙනියේ මහානාම හිමි