අරුම පුදුම චලන මූර්ති

sachithmadu

Active member
  • May 9, 2011
    224
    113
    43
    අරුම පුදුම චලන මූර්ති

    මේක එක පරට උඹලට මීටර් වෙන්න නැතුව අති:confused::confused::confused: ඒ නිසා මුල සිට සරලව කියවපල්ලා..
    වැඩි කතා පසුවට ... මේක බලල පුදුම උනාට පස්සෙ මේක ගැන විස්තර කියල දෙන්නම්
    amazingsculpturesthatloz.jpg

    ඇත්තටම මේ පාවෙන ස්ට්‍රෝබෙරි පලසක්ද ??
    නැත්නම් මේක වීඩියෝ එකක් නවත්තල ගත්ත පින්තූරයක්වත්ද ??
    නැත්නම් Syber-Shot CAM එකකින් ගත්ත පින්තූරයක්වත්ද ??
    එහෙමත් නැතිනම් මම ෆොටෝෂොප් වලින් ඔයගොල්ලොන්ට වැඩක් පෙන්නනවද ??(
    මට ඒවා බෑ):Dඅපේ කොල්ලෙක් නම් ඉන්නවා suku කියලා:D
    මේ වගේ දහසක් සිතුවිලි ඔයගොල්ලොන්ගේ සිතට එන්න පුලුවන් ...


    ඇත්තම කියනවනම් පළමු හදිසි බැල්මෙන් මේ වස්තු සෙලවෙනව කියල ඔයගොල්ලන්ට දැනේවි... මේ ස්ට්‍රෝබෙරි පොරෝනාව සම්පූර්ණයෙන්ම වගේ කඩා හැලෙන බවක් තමයි දිස්වෙ න්නේ .. නමුත් විශිෂ්ට ගණයේ චලන මූර්ති ශිල්පියෙකුගේ සැබෑ දක්ෂතාවයත් ඒකමයි.... චලන මූර්ති කලාව කෙසේ වෙතත් මෙය නම් චලන මූර්ති කලාවේ වෙනම පැතිකඩක්. වෙනස් ආකාරයක වුවත් සෑබෑ චලන මූර්ති කලාව මෙය බවයි මගේ හැඟීම.

    දැන් ඔයගොල්ලොන්ට හිතෙයි මේ සඳහා මිල අධික විශේෂ අමුද්‍රව්‍ය යොදාගන ඇති කියලා... නමුත් සත්‍ය වශයෙන්ම මේ සියල්ලම සඳහා යොදාගෙන තියෙන්නේ කුරුළු පිහාටු, පළතුරු, මල්(පෙති),නූල්
    වැනි ස්වභාවික අමුද්‍රව්‍ය. මඳක් සිතා බලන්න මේ වගේ විශිෂ්ට නිර්මාණයක් කරන්න කෙතරම් කාලයක්, ශ්‍රමයක් වැය කරන්න සිදුවෙනවාද කියා. ඒ වගේම මෙවැනි නිර්මාණයක් කිරීමට ඔහු හෝ ඇය ඉවසීම කොතරම් දුරට ප්‍රගුණ කරන්නට ඇතිද ??

    මූර්ති ශිල්පී ක්ලෙයා මෝගන් [Claire Morgan](නිකම් නෙමෙයි මේ ගෑනු වැඩක්):yes::yes:
    ඇය එංගලන්තයේ නෝතම්බ්‍රියා විශ්වවිද්‍යාලයෙන් [ Northumbria University,UK ] මූර්ති කලාව පිලිබඳව පලමු පෙළ උපාධියක් ලබාගෙන තිබෙනවා ...:shocked::shocked:

    බලන්නකො මේ නිර්මාණ කොතරම් තාත්වික විදිහට සියුම්ව නිර්මාණය කරල තියෙනවද කියලා..
    තමයි මේ විශිෂ්ට කලා නිර්මාණයේ නිර්මාතෘ.. ඇය වෙසෙන්නේ උතුරු අයර්ලන්තයේ ප්‍රධාන සහ විශාලතම නගරය වන Belfast කියන නගරයේ..
    amazingsculpturesthatlo.jpg

    10clairemorganfluid.jpg

    amazingsculpturesthatloe.jpg

    amazingsculpturesthatlo.jpg

    ytjbnbqc34.jpg

    lwtua3s550x366.jpg
    amazingsculpturesthatlo.jpg

    amazingsculpturesthatlo.jpg
    amazingsculpturesthatlo.jpg

    amazingsculpturesthatlo.jpg

    amazingsculpturesthatlo.jpg

    amazingsculpturesthatlo.jpg

    amazingsculpturesthatlo.jpg


    සලකලා යන්න හොඳේ....:D:D:D