අරුම පුදුම හත....බලේ හතේ

magicwithhasitha

Well-known member
  • Sep 15, 2011
    3,195
    866
    113
    සංසාරේ
    අරුම පුදුම හත....හතේ බලේ

    seven.gif


    ගණිත ශස්ත්‍රයේ මූලාරම්භකයින් වන බැබිලෝනියනුවෝ සහ ඇසිරියවරුන් එදා ඔවුන්ගේ සෑම ප්‍රධාන කාර්යයකදීම හතට ප්‍රධාන තැන දී සියලුම කාර්යයන් හතෙන් අවසන් කිරීමට පුරුදුව සිටි බව පැරණි ඉතිහාස ග්‍රන්ථ පරික්ෂා කරන විට පෙනෙයි....

    මෙම හතේ බලය පැහැදිලි අවබෝධයක් ලබා ගෙන සිටි පුරාණ ග්‍රීකයන් තමන් සිටින දිශාව හැර අනික් හත් දිශාවටම නමකාර කිරීමට පුරුදුව සිටියහ....තමන්ගෙන් අයෙකු මරණයට පත් වූ විට නැවත වෙනස් ස්ථාන හතක උප්පත්තිය ලබන බව ඔවුන් තුල විශ්වාසයක් තිබින.තවද මියගිය පුද්ගලයා වෙනුවෙන් විවිධ අවමන්ගල්‍ය චාරිත්‍ර විධි පැවත්වූහ....එසේම මිසරයේ පාලනය කළ පාරාවෝ රජවරුද හත පිළිබදව විශ්වාසයක් තැබීය....

    මෙම හත පිළිබදව වූ අසීමිත විශ්වාසය නිසා ග්‍රීකයන් මියගිය විට පුද්ගලයෙකුගේ සිරුර බෙහෙත් ගල්වා දින හතක් නිවස තුළ තබා හැනීමටත්,එයට පසු සත් දිශාව පැදකුණු කර මළසිරුර සොහොන් ගෙයක තැන්පත් කිරීමටත් ,එම සොහොනේ ගෙය තුල බළලුන් හත් දෙනෙකු තැබීමටත්,එසේම එම සොහොන් ගෙය පැති හතේ මල් පැළ හතක් සි‍ටුවා තැබීමටත් පියවර ගත් හ....

    ග්‍රීසියේ පුනර්ජීවයක් ඇතිවූයේ බුද්ධිමත් පුතුන් හත් දෙනෙකුගේ උත්සහය නිසා බවට ඔවුන් තුළ විශ්වාසයක් තිබින...එසේම අතීතයේ රෝම නගරය වටා උස් කදු වැටි හතක් පිළිබදව අපූර්ව කතා ඔවුන් අතර තිබීය......

    ආගමික නායකයන් හා සම්බන්ධ ජීවිත සිද්ධීන් පිළිබදව සැලකීමේදී ද හත සම්බන්ධව වී ඇති බවක් පෙනී යයි......

    බුද්ධ චරිතය දෙස බැලීමේදී,සිදුහත් කුමරු මව් කුසින් බිහිවී මිහිතලය මත පියතබන අවස්ථාවේදී නෙළුම් මල් හතක් පුබුදු වූ බවත් බිළිදු කුමරු නෙළුම් මල් මත සත් පියවරක් තැබූ බවත් කියැවෙයි...දුෂ්කර ක්‍රියා කල බුදුන්වහන්සේ බුද්ධතවයට පත් වුයේ හත් වන වසරේදි ය......උන් වහන්සේ සත් සතියක් ගත කළේද ඉන් පසුව ය..

    එසේම ජේසුතුමාගේ චරිත කතාව විමසීමේ දී එතුමා කුඩා කාලයේදී සත් දවසක් නැතිවී සිටිබව පැවසේ......එසේම ජේසු තුමා කුරුසුයේ මරණයට පත් වූ මොහොතේ ආශ්චර්යයන් හතක් සිදු වූ බව සදහන් ය.....

    සමහර ඓතිහාසික කරුණු පිළිබදව විමසීමේදී...සොලමන් රජතුමාගේ ඓතිහාසික දේව මන්දිරයෙහි ස්වර්ණමය ඉටිපන්දම් හතක් මෙන්ම,ශුද්ධ වූ ග්‍රන්ථ හතක් තිබූ බවත් පූජකවරුන් හත් දෙනෙක් ඒවාට දිනකට හත් වරක් සුවද දුන් ඇල්ලූ බවත් ඉතිහාසයේ සදහන් වේ....

    කුස රජතුමා පබාවතී දේවීය ලබාගැනීම සදහා විවිධ දුක් කම්කටොළු විදිද්දී,ඇය ලබා ගැනීමට රජවරුන් හත් දෙනෙකු ශක්‍ර දේවේන්ද්‍රයා එවූ බව පැරණී සාහිත්‍ය ග්‍රන්ථ වල සදහන් වෙයි......

    එසේම උමන්දාවෙහි දැක්වෙන ලෙස දික්තලාව ලබාගැනීම පිණිස කාල ගෝලයා හත් වසරක් කඹුරණ ලද බව කියැවේ.....

    බුදුවරුන් පස්දෙනෙකු පහළ වීමෙන් පසු කාලීනව කල්ප විනාශයේදී ඉරවල් හතක් පායා,වැසි හතක් වැස්ස පසු ලෝක විනාශය සිදුවේ යයි බොහෝ මිනිසුන් ඈත අතීතයේ පටන් විශ්වාස කරයි.....

    යමෙකු මියගිය විට හත් දවසේ දානය දීම,කිරිමව් වරුන් සදහා භාර ඔප්පු කිරීමේදී කාන්තාවන් හත් දෙනෙකු කැදවීම,තොවිල් පවිල් කටයුතු කිරීමේදී හත් මාළුව උයා,ත‍ටු හතක යකුන් සදහා කැප කිරීම වැනි,චාරිත්‍ර විධි බැලීමේදී ද වෙනත් ඉලක්කම් වලට වඩා හතේ ඉලක්කම කෙරෙහි විශේෂ අවධානයක් තිබුනු බව පැහැදිලි වේ.....

    දෙදෙනෙකු විවහපත් වන විට ඔවුන්ගේ අනාගත යුග ජීවිතයේදී මතුවන ප්‍රශ්න පිළිබදව ජ්‍යේතිෂයට අනුව කරුණු පැහැදිලි කරන්නේ කෙන්ද්‍රයේ හත් වන කො‍ටුව පරික්ෂාකර බලාය......

    කාඩ් කූට්ටමේ හතේ ඉලක්කමට ද එයින් ක්‍රිඩාකරන්නන් අතර විශේෂ සැලකිල්ලක් ඇත...ඔවින් එය හදුන්වන්නේ වාසනාවන්ත හත යනුවෙන් ය....(මගේ විෂයෙනුත් මොකක් හරි දාන්න එපැයි)....

    7-Cover.jpg


    ඔන්න එහෙනම් මම ගියා නොදන්න දෙයක් දැන ගන්න ඇති කියල හිතනවා තව ත්‍රේඩ් එකකින් හමු වෙමු.......

    තෙරුවන් සරණයි
     
    Last edited:

    kterulz

    Well-known member
  • Jun 23, 2011
    2,383
    590
    113
    ගොඩක් ස්තුතියි අපිත් එක්ක බෙදාගත්තට...:)
    අරවා දෙන්න බෑලු යාලු...:(
     
    • Like
    Reactions: magicwithhasitha

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    හැමදාම වගේ වටින ත්‍රඩ් එකක් මචං..
    උඹ දාපු හැම ත්‍රඩ් එකකම අපේ ජීවිත වලට යමක් එකතුකලා ඒකට උඹට ගොඩක් පිං වගේම ගොඩක් ස්තුතියි..

    මේ උඹගෙ ත්‍රඩ් වලින් මගේ හිතට අල්ලපුවා..

    ඕන නෑ කියලා හිතුවට මේකනම් ඕනා
    භූත සන්නිවේදන ක්‍රම....(18+)
    ජීවත් වෙන්න වැඩි කාලයක් නැහැ බොලව්
    PART 02- ඔබ ළගම සිටින ඇසට නොපෙනෙන මරණීය අනතුර
    ඔබ ළගම සිටින ඇසට නොපෙනෙන මරණීය අනතුර
    බස් එකේදි සිද්ධියක්
    ඔබත් දුම් පානය කරන්නෙක්ද? ( Read is a must )
    කෝච්චියෙදි කැත වැඩක්.
    මිස්ටර් බීන්ව මතකනේ........බලන්න නොදන්න දෙයක් ද

    මේ කිහිපයක් විතරයි..
    රෙප් +7


    මේ වගේ වැදගත් දේවල් තව තවත් ඉදිරියට දාන්න උඹට ශක්තිය දෛර්යය ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා.. ජය..!
     
    • Like
    Reactions: magicwithhasitha

    magicwithhasitha

    Well-known member
  • Sep 15, 2011
    3,195
    866
    113
    සංසාරේ
    හැමදාම වගේ වටින ත්‍රඩ් එකක් මචං..
    උඹ දාපු හැම ත්‍රඩ් එකකම අපේ ජීවිත වලට යමක් එකතුකලා ඒකට උඹට ගොඩක් පිං වගේම ගොඩක් ස්තුතියි..

    මේ උඹගෙ ත්‍රඩ් වලින් මගේ හිතට අල්ලපුවා..

    ඕන නෑ කියලා හිතුවට මේකනම් ඕනා
    භූත සන්නිවේදන ක්‍රම....(18+)
    ජීවත් වෙන්න වැඩි කාලයක් නැහැ බොලව්
    PART 02- ඔබ ළගම සිටින ඇසට නොපෙනෙන මරණීය අනතුර
    ඔබ ළගම සිටින ඇසට නොපෙනෙන මරණීය අනතුර
    බස් එකේදි සිද්ධියක්
    ඔබත් දුම් පානය කරන්නෙක්ද? ( Read is a must )
    කෝච්චියෙදි කැත වැඩක්.
    මිස්ටර් බීන්ව මතකනේ........බලන්න නොදන්න දෙයක් ද

    මේ කිහිපයක් විතරයි..
    රෙප් +7


    මේ වගේ වැදගත් දේවල් තව තවත් ඉදිරියට දාන්න උඹට ශක්තිය දෛර්යය ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා.. ජය..!

    බෝහෝම ස්තුතියි යාලුවා.........මේවගේ අගේ කිරීමක් කලාට.....ඔබටත් ජය.....
    තෙරුවන් සරණයි

    24 hrs waiting