අරුම පුදුම

wiki

Well-known member
  • Nov 13, 2008
    895
    737
    93
    Galle
    විවෘත ආර්ථිකයක් එක්ක ලංකාවට ජපානෙන් ලැබුණ ලොකුම තෑග්ග ගමයි ටෙලිවිෂන් එක කියන්නෙ. ඒකාලෙ ගමටම එකක් දෙකක් තිබුණ ටෙලිවිෂන්එක අද දඹානෙ ආදී වාසීන්ගෙ කටු මැටි ගෙදරත් තියෙන තරමට ජනප්‍රිය වෙලා.

    කොහොම හරි අපි හැමෝටම නැතුවම බැරි දෙයක් වෙලා තියෙන මේ අරුම පුදුම යන්ත්‍රය අපේ සංස්කෘතියෙ වෙනමම උප සංස්කෘතියක් බිහිකරල ඉවරයි. ඉස්සර තම තමන්ගෙ වැඩ කරල ඉඩක් තිබුණොත් බලපු ටෙලිවිෂන් එක අද ඒක සම්පුර්ණයෙන් වෙනස් කරල ටෙලිවිෂන් බලල ඉඩක් තිබුණොත් තමන්ගෙ වැඩක් කරගන්න තත්වෙට‍ පත් වෙලා ඉවරයි. හවස හතට වාඩි උනාම රෑ දහය එකොළහ වෙනකන් බලන්න ටෙලි නාට්‍ය හැම චැනල් එකකම යනවා.

    සතියට එක දවසක් පෙන්නපු ටෙලිනාට්‍ය සතියෙ දින පහේම පෙන්නන්න අරගෙන මුලින්ම අපේ ප්‍රේක්ෂකයන්ගෙ ඉවසීම නැති කරා. මේකෙන් තමයි මෙගා කියල ටෙලි නාට්‍ය මොඩලයක් හැදෙන්නෙ. මුලින් මුලින් ගුණාත්මකව බිහි වෙච්ච මේ මෙගා නාට්‍ය
    කලාව බොහොම ටික කාලෙකින් ලොකු බිස්නස් එකක් බවට පෙරළුනා. ඒ එක්කම මේවයෙ ගුණාත්මක බවත් ටික ටික දිවවෙලා ගියා. අන්තිමට ඉතුරු උනේ කොහේටත් නැති ටෙලි නාට්‍ය කලාවක්. පස්සෙ ඉන්දියාවෙ හදපු දීර්ග ටෙලිනාට්‍ය අපේ චැනල් වල පෙන්නන්න ගත්තෙ ලංකාවේ ප්‍රේක්ෂකයන්ගෙ රසඥ්ඥතාවෙ අඩුව පුරවලා චැනල්වල මඩිය තර කරගන්න. ඒ උත්සහය ලොකුවටම හරි ගියේ අන්තිමට ශාන්ති, ප්‍රගති තුල්සිලා ලංකාවේ ජාතික වීරවරියො වෙලා.මේ එක්කම අපේ ටෙලිනාටය කලාව කඩාගෙන වැටුණ. රත්තරං පොරවගෙන රෑටත් සාරි ඇදගෙන නිදාගන්න ගෑහැණු චරිත වල අතාත්වික ප්‍රශ්න අපේ ප්‍රේක්ෂකයන් විශ්වාසකරන්න ගත්ත. අන්තිමට තාත්වික වෙච්ච අපේ නාට්‍ය කලාව නන්නත්තාර උනා. කොහොම හරි ලොකු ගේමක් ගහලා අපේ නාට්ටිත් එතනට ඇවිත් ශාන්තිලා ප්‍රගතිලා තුල්සිලා ලංකාවෙන් එළවලා දැම්මා. අපේ කට්ටිය ගොඩාක් ඒකට මහන්සි උනා. කොහොම හරි ටික කාලයක් යනකං අපේ දීර්ඝ නාට්‍ය කලාවත් එක්ක හැප්පෙන්න බැරිවෙච්ච පිටරට නාට්‍ය ලංකාවෙන් නැති
    වෙලාම ගියා.

    ලොකු ජයග්‍රහණයක් ලබපු අපි ඒ අතාල් එකෙන්ම ඉස්සරහට ගියා. ටික කාලයක් යද්දී අපේ කට්ටියට ලොකු තණ්හාවක් ආවා. ගුණාත්මක නාට්‍ය පැත්තකින් තියලා සල්ලි හම්බකරන ටෙලිනාට්‍ය හදන්න අපේ කට්ටිය සෙට් උනා. එක දවසින් කොටස් තුන හතර ෂුට් කරල ලාබ ගන්න ක්‍රම හොයාත්ත. අන්තිමට ආයෙත් අපේ ටෙලිනාට්‍ය කලාව හරසුන් නාට්‍ය ගොන්නක් බවට දවසින් දවස පත් උනා. ගියේ බොහොම පුංචි කාලයයි මෙකෙත් වෙලා පසු බැහැල කෙල හල හල හිටපු පිටරට ටෙලිනාට්‍ය ආයෙත් අපේ ප්‍රේක්ෂකාගාරය අර හිඩැසින් රිංගුව...කොහාම හරි දැන් හැම චැනල් එකකම විදෙස් දීර්ඝ නාට්ටි පෝලිමට ටෙලිකාස්ට් වෙනවා. කාටත් නොදැනීම මේවයෙ රේටින්ස් ගොඩාක් උඩට ගිහින්...දැන් ආයෙත් අපේ කට්ටියට ටික ටික තරුපේන්න අරගෙන.අපරාදේ අපි එහෙම කලේ කියල තනි තිනයම හිතනවා. කොහොම උනත් දැන් පරණ යුද්ධ පටන් අරගෙන ආයෙත් පිටරට ටෙලිනාට්ටි ටික එලව ගන්න හැමෝටම මොකක් හරි කරන්න වෙයි.
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    [size="4]අමතක කරන්න එපා ඔය බයින ටෙලිවිසොං එකේම තමා ගේම් ඔෆ් ත්‍රෝන්ස් වැනි අති විශිෂ්ඨ උත්ථුංග ශ්‍රේෂ්ඨ හර බර ලොවක් අගයන අනර්ග කතා පෙන්නුවෙත් :D[/size]
     

    TDesh86

    Member
    Apr 15, 2009
    241
    19
    0
    39
    pita rata unath hoda teledrama nam awulak na nehda ban..ara pawul katha nam cha...kaalina post ekak machan.ela
     

    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    lanakawe channels balanne na.balanawatath padu jarawa.discovery science ,nat geo,travel ,turbo wage channels witharai mama balanne.

    sirasa indian labbawal wagayak dala lanakwa kala thiyenne.