අරුම පූදුම දේශකයාණන් වහන්සේලා
අරුම පූදුම දේශකයාණන් වහන්සේලා
බූදු දහම විකෘති කරන්න හදනවා
වැලමිටියාවේ කුසලධම්ම නාහිමි
අද ධර්මය විකෘති කරන කාලයක්. ධර්ම විද්*යාල මගින් එක් එක් අයගේ ප්*රතිරූප ගොඩනඟා ගැනීමේ ව්*යාපාරයක් ක්*රියාත්මක වෙනවා. අරුම පූදුම දේශකයන් වහන්සේලා බිහිවී ඉන්නවා. මේ විදියට ගියොත් අපේ දරුවන්ට මොනවා වෙයිද කියන්න බැරි තත්ත්වයක් උදාවන හෙයින් දහම් පාසල් පිළිබඳව දෙමාපියන් සැලකලිමත් විය යූතු කාලය උදාවි ඇතැයි කැලණිය විශ්වවිද්*යාලයේ කුලපති වැලමිටියාවේ කුසලධම්ම නාහිමියෝ පැවසූහ.
කඩවත ශ්*රී බිම්බාරාම විහාරස්ථානයට අනූබද්ධිත ශ්*රී රතනපාල දහම් පාසලේ සහතිකපත් හා ත්*යාග පිරිනැමීමේ උළෙලට සහභාගි වූ වැලමිටියාවේ කුසලධම්ම නාහිමියෝ එසේ කීහ.
අපේ සූත්*ර පිටකයේ සෑම සූත්*රයක්ම ආරම්භ වන්නේ "ඒවං මේ සූතං ඒකං සමයං සාවත්තියං විහරති ජේතවනේ අනාථ පිණ්ඩි කස්ස ආරාමේ" කියලා. එහෙත් අද සමහර දේශකයන් වහන්සේලා මේකත් සංශෝධනයකරලා අනාථ පිණ්ඩි කස්ස ආරාමේ වෙනූවට අනාථ පිණ්ඩි කස්ස අසපූවේ යනූවෙන් සංශෝධනය කරලා. තව ඉදිරියට මොන මොනවා වෙනස් කරයිද කියන්න බෑ. ඒ නිසා අපේ දහම් පාසල් දරුවන්ගේ දෙමාපියන් මේ පිළිබඳව සැලකිල්ලකින් සිටිය යූතුයි.
එවැනි අසපූ ඒ කාලයේ තිබූණා. එහෙත් අසපූ භීක්ෂූන් වහන්සේලා පාවිච්චි කළේ නැහැ. අද පන්සල් කියන වචනය පවා ජනතාවගෙන් ඈත් කරන්නයි මේ අය සූදානම් වෙන්නේ.
අපේ දහම් පාසල්වලින් සිදුවන්නේ බූදු හාමූදුරුවන් දේශනා කළ යහපත් මිසිස් සමාජයක් බිහිකිරීමයි. මෙලොව ජීවිතය හැඩ ගසා ගන්නා අන්දම දරුවන්ට කියා දීමයි දහම් පාසලකින් සිදු වන්නේ. අපි කවූරුත් පන්සල් රැකගෙන ජීවත් වූණොත් යහපත් ජීවිතයක් ගත කළ හැකියි. පන්සිල් රකින, සීලාචාර ආගමට දහමට ගරු කරන පිරිසක් බිහි කිරීම අපේ අරමූණ විය යූතුයි.
divaina 2009/2/14