13-16. අහස්හි සහ මහපොළොවෙහි රබ්(පරමාධිපති) කවුරුදැයි (නබි මුහම්මද්) අසනු. අල්ලාහ් යැයි පවසනු. ඔහු(අල්ලාහ්) හැර තමන්ටවත් යහපතක් හෝ අයහපතක් කරගන්නට බැරි ආරක්ෂකයින් නුඹලා (දෙවියන් වශයෙන්) පත්කර ගත්තාදැයි අසනු, දෑස් පෙනෙන්නාත් අන්ධයාත් එක සමානද? නැතහොත් ආලෝකය හා අන්ධකාරයන් එක සමානද? (එසේ නැති නම්) ඔවුන් අල්ලාහ්ට ආදේශ කළ අය ඔහු(අල්ලාහ්) මැවූ වැනි කිසිවක් මැවීම ගැන ඔවුන් තුළ සැකයක් ඉපිද තිබේ දැයි (නබි මුහමිමද්) පවසනු. සෑම දෙයකම මැවුම්කරු අල්ලාහ්ය. එකීය හා සර්ව බලධා;හු ඔහුමය.
13-37. එලෙස (සැබෑ) විනිශ්චය සේ එය(අල්-කුර්ආනය) අරාබි බසින් අපි පහළ කළෙමු. ඥානය පහළවීමෙන් පසු ඔවුන්ගේ රාග තෘෂ්ණාව නුඹ අනුගමනය කළෙහි නම් අල්ලාහ්ගෙ(දඬුවමි)න් නුඹට (උදවුකරන) පාලකයකු හෝ ආරක්ෂකයකු නැත.