'අල්ලා' කියමින් ඉස්ලාම් ආගමිකයින් ඇල්ලීම
අල්ලා' කියමින් ඉස්ලාම් ආගමිකයින් ඇල්ලීම
Written by නාමල් ජයසිංහ Monday, 19 July 2010 21:26
Top Lanka News
කතෝලික සභාව මලයාසියාවේ ඉස්ලාම් අදහන්නන් කතෝලික ආගමට කොටුකිරීම සදහා ඔවුන්ගේ දෙවියන් වහන්සේව 'අල්ලා' නමින් හදුන්වන්ට ගත්හ. අන්තිමට මේ ක‍්‍රියාව කොයිතරම් දුරදිග ගියා ද කීවොත් 'ද හැරල්ඞ්' නම් කතෝලික පුවත් පත කතෝලික දෙවියන් අල්ලා කියා හදුන්වා ලිපි පළ කරන්ටවුනි. මෙවිට ඉස්ලාම් ආගමිකයෝ කලබල වුහ. මලයාසියාවේ ජනගහණයෙන් සියයට 63 ක් ඉස්ලාම් ආගම අදහති. ඉතිරි කොටස බෞද්ධ කතෝලික හින්දු ක‍්‍රිස්තියානි ආදී විවිධ ආගම්වලට අයත් වෙති. ඉස්ලාම් සමාජයේ ඉතා දීර්ඝ කාලයක සිට ඉන්නා බෞද්ධයින් හෝ හින්දුන් කිසිම විටක ඉස්ලාම්වරුන්ගේ දෙවියන් අල්ලා කොල්ලකන්ඩ උත්සාහ දරා නැත. කතෝලිකයින් පමණක් අපි දෙවියන් සදහා භාවිතා කරන අල්ලා වචනය භාවිතා කරන්නේ මන්දැයි ඔවුන් ප‍්‍රශ්න කරන්ට වන්හ.
කතෝලික සභාව ඉස්ලාම් දෙවියන්ව හදුන්වන අල්ලා ඔවුන්ගේ දෙවියන් සදහා යොදාගන්නේ වචන පැටලීම මගින් නූගත් හා දිලිදු ඉස්ලාම් ආගමිකයින් කතෝලික ආගමට කොටුකර ගැනිමේ උපායක් වශයෙන් බව ඉස්ලාම් උගත්තු තේරුම් ගන්ඩ වන්හ. කතෝලික සභාවේ උපක‍්‍රමය ඉස්ලාම් ආගමිකයින්ට වැටහුනි.
කතෝලික සභාවද නිකන් නොසිටියේ ය. රටේ මහජනතාවගේ භාෂාවෙන් කතෝලික ආගම ඔවුන්ට ඇදහීමට නිදහස් ඇතැයි වාද කරන්ට වන්හ. මෙම වාදය අධිකරණය වෙත යද්දී කුපිතවු ඉස්ලාම් අදහන්නන් ක්වාලාලම්පුර් නගරයේ කතෝලික දේවස්ථාන කිහිපයක්ටම පහර දුන්හ.
මලයාසියාවේ ප‍්‍රධාන දුපත් රාජධානි 9 ක තිබේ. මේ නමයේම සුල්තාන් හෙවත් ඉස්ලාම් ආගමික නායකයින් 9 දෙනෙකි. මෙයින් සෙලන්ගොර් හි ෂාරුෆ්දීන් ඉද්රිෂ් ෂා ප‍්‍රකාශයක් නිකුත් කරමින් ක‍්‍රිස්තියානින්ට ඉස්ලාම් අදහන්නන් තමන්ගේ දෙවියන් සදහා භාවිතා කරන අල්ලා නාමය භාවිතා කළ නොහැකි යයි කීවේය.
පසුගිය ජුලි 13 වෙනි දා පාර්ලිමේන්තුවේ අදහස් ප‍්‍රකාශකළ නීති සම්පාදක ඇමති මොහොමඞ් නස්රි අසිස් රටේ කිසියම් පුද්ගලයෙක් සුල්තාන්වරයාගේ වචනයට අගෞරව වෙන ලෙසට අදහස් ප‍්‍රකාශ කළොත් හෝ පිටුපා ක‍්‍රයා කළොත් ෂාරියාර් නීති සංග‍්‍රහයේ 13 වෙනි වගන්තිය යටතේ එම පුද්ගලයාට විරුද්ධව කටයුතු කරන බවටත් එවැනි වැරදි කරුවකුට ඩොලර් 930 ක දඩයක් හෝ දැවුරුදු සිරදඩුවමක් හෝ ඒ දෙකම හෝ පමුණුවන බවටක් දැන්වීය.
සෙලන්ගෝර් සුල්තාන් මෙවැනි ප‍්‍රකාශයක් කළාට එය පිළිගැනිමට තමන්සුදානම් නැතැයි කතෝලික බිස්කුවරු කියති.
මලයාසියා කතෝලික සභාව ඉස්ලාම්වරුන්ගේ කොල්ල කා ඇත්තේ එක වචනයක් පමණකි. එකත් කොල්ල කා අවසන් නැත. පටන් ගත්තා පමණි. ඉස්ලාම්වරුන්ට මොළේ තියෙන නිසා කාරණය වැටහුනි. ශ‍්‍රී ලංකාවේ සිංහල බෞද්ධයන්ගේ හැම දෙයක්ම කොල්ල කා හමාරය. තව ටික කලකින් යේසු බුද්ධ කියමින් යේසුස් වහන්සේව හැදින්වුවෙත් ඒක පුදුමයට කාරණයක් නොවේ. කතෝලිකයන්ටත් පෙර ඒ වචනය කීමට සුදානම් වු අමන බෞද්ධ පිරිසක් ලංකාවේ සිටිති.
http://www.toplankanews.com/index.p...415:2010-07-19-21-29-38&catid=4:yaka&Itemid=2