අලියෙක්‌_දුම්රියට බිලි

dimuthmike

Well-known member
  • Jan 26, 2010
    15,894
    9,690
    113
    අලියෙක්‌_දුම්රියට බිලි

    තවත් අලියෙක්‌ දුම්රියට බිලි

    ele700.jpg


    කොළඹ සිට මඩකලපුව බලා ගමන් කරන රාත්‍රි තැපැල් දුම්රියේ ගැටීමෙන් පසුගිය 9 දා අලුයම අලි මරණයක්‌ සිදුවී ඇත. කොළඹ - මඩකලපුව දුම්රිය මාර්ගයේ හබරණ සහ හතරැස්‌කොටුව අතර දෙසිය තිස්‌පස්‌වැනි කණුව අසලදී මෙම අලියා ගැටී ඇත. අලියා දුම්රියේ ගැටී මීටර් සියයක්‌ පමණ ඇදී ගොස්‌ දෙකට වෙන් වී මියගොස්‌ සිටියේය.

    මින්නේරිය හා කවුඩල්ල වැව් ජලයෙන් පිරී ඇති නිසා මේ දිනවල මින්නේරිය හා කවුඩුල්ල ජාතික උද්‍යානවල වාසය කළ වල් අලි හුරුළු රක්‍ෂිතයට සංක්‍රමණය වෙති. මීට සති දෙකකට පමණ පෙර ද මේ ආසන්නයේම අලියකු දුම්රියේ ගැටී ඇත.



    :(:(:(:(මෙහෙම ගියොත් අලි බලන්න ලංකාවේ අයට ඉන්දියාවේ යන්න වෙයි..:angry: