අලි බබාලාගේ - බලි බලමු
අලි බැලිල්ලයි බලි බැලිල්ලයි එපා වෙන්නේ නෑලු.අපි අද යමු එහෙනම් අලි බලන්න.ලංකාවේ රක්ෂිතයන් හා අභය භූමී ඇරුනම පහසුවෙන් අලියෙක් බලාගන්න පුලුවන් තැන් කිහිපක්ම තියෙනවා.කොළඹ ඉන්න අය නම් අලි බලන්න ඉක්මනටම යන්නේ දෙහිවල සත්වෝද්‍යානයට.ඒ වගේම අලිබලන්න අනිත් ප්‍රසිද්ධම තැන තමයි පින්නවල අලි ගෙදර.හැබැයි ඒ ඔක්කොටම වඩා වෙනස් විධියට අලි වගේම ඇත්තු බලන්න තියෙන තැනක් තමයි උඩවලව ඇත් අතුරු සෙවන කියන්නේ.මොකද්ද මේ වෙනස..
උඩවලවේ ඇත් වගේම අලි පැටව් කොහේවත් හිරකරලා නෑ.සත්වෝද්‍යානයක රඳවලත් නෑ.එයාලා ඉන්නේ උඩවලව කැලේ.උඩවලව ජලාශය අවට තිබෙන උඩවලව රක්ෂිතය ගැන අපි කාලෙකට කලින් walk121 හරහා කිව්වා.අන්න ඒ රක්ෂිතයට මායිම් වෙලා තමයි උඩවලව ඇත් අතුරු සෙවන තියෙන්නේ.ඔය කියන රක්ෂිතයේ ඉන්න අම්මාගේ කිරි පොදක් අහිමි වුන පුංචි අලි බබාලට අවශ්‍ය කිරි දීලා ඔවුන්ගේ ලෙඩට දුකට බෙහෙත් එහෙම දීලා බලාගන්න එක තමයි උඩවලව ඇත් අතුරු සෙවනේ මූලික රාජකාරිය.
ඉතින් අර වනාන්තරේ ඉන්න අලි පැටව් පුරුදු වෙලා ඉන්නවා කිරි බඩගිනි හැදුනාම ඇත් අතුරු සෙවනට ඇවිල්ලා බඩ පිරෙන්න කිරි බීලා යන්න.එයාලට කිරි දෙන්න පුරුදු කරපු වෙලාවල් වලට ඔබටත් එහි ගියොත් හරිම අපූරු අලි බබාලා රොත්තක්ම දැකගන්න පුලුවන්.උදේ 9ට, දවල් 12ට, හවස 3ට වගේම දවසේ අවසාන වතාවට හැන්දෑවේ 6ට තමයි අලි පැටවුන්ට කිරි දෙන වෙලාවන්.මේ කියන වෙලාවල් වලට විතරයි එහි යන කෙනෙක්ට ඇතුලට යන්න ඉඩ දෙන්නේ.එහෙම නැතිව පින්නවල වගේ ඔබ යන ඕනෑම වෙලාවක ඇත් අතුරු සෙවනට යන්න අවසරයක් ලැබෙන්නේ නැහැ.ඒ වගේම අලි බබාලට ආදරය කරන ඔබට ඒ අලි බබාලට බොන්න කිරි අරන් දෙන්න දායක වෙන්නත් අවස්ථාව තිබෙනවා.
අලි බබාලා බලනවාට අමතරව ඇත් අතුරු සෙවනේ හරිම වැදගත් කෞතුකාගාරයකුත් තියෙනවා.අලි ගැන බොහෝමයක් දේවල් එතැනින් ඉගෙන ගන්නත් පුලුවන්.එතෙන්ට වෙන දවසක යමු.අද අලි බලලා විතරක් එමු.