අලි සෙල්ලන් බලන්න දිගාමඩුල්ලට යන්න

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    image_0034df4508.jpg


    (වසන්ත චන්ද්‍රපාල)

    අලි බැලිල්ල සහ බලි බැලිල්ල එපා නොවන බව අපේ පැරැන්නන් ගේ කියමනක් පවතී.

    දිගාමඩුල්ල යනු ස්වභාව ධර්මයාගේ පහස ලැබිය හැකි දිස්ත්‍රික්කයකි. බැලු බැලු අත ඇත්තේ දිගාමඩුල්ලේ සුන්දර භාවයයි.

    එක පැත්තකින් ඓතිහාසික දිඝවාපි රජමහා විහාරය, ලාහුගල මගුල් මහා විහාරය, පොතුවිල් මුහුදු මහා විහාරය , බුද්ධංගල ආරණ්‍ය සේනානසනය , පියංගල ආරණ්‍ය සේනාසනය , රජගල පුදබිම ඇතුලු විහාරස්ථාන සිය ගනනක් ඇති දිස්ත්‍රික්කයකි.

    ගල්ඔය ජාතික වන උද්‍යානය ,අම්පාර අභය භුමිය, කුමන ජාතික වනඋද්‍යානය,ලාහුගල ජාතික වනඋද්‍යානය,මාදුරුඔය .ජාතික වන උද්‍යානය, නිසා වන සතුන් දිගාමඩුල්ලේදි බහුලව දැකිය හැකිය.

    වන අලියා , දිවියා,වලි කුකුලා,වලහා ,මුවන්, ගෝනුන්,විශේෂිත කුරුලු වර්ග ද දිගාමඩුල්ල පිංබිමේදි දැක ගැනිමට හැකිය.

    වැවිවල පීනන අලි ද අම්පාරේ දි දැක ගැනිමට හැකියාව තිබේ.

    මේ දිනවල අම්පාර දිස්ත්‍රික්කයේ ගොයම් අස්වනු නෙලන කාලයයි. ගොයම් අස්වනු නෙලන කාලය ලංවෙන විට සිය ගනනක් අලිරංචුවක් මාදුරුඔය ප්‍රදේශයේ සිට අම්පාර බුද්ධංගල අභය භුමියට පැමිණේ.

    එසේ පැමිණෙන අලි වි අස්වනු නෙලා අවසන් වු පසු කුඹුරවල ඇති නිරි වගාව කෑමට මහත් ආශාවක් දක්වයි. බුද්ධංගල අභය භුමියට පැමිණෙන අලි සවස් වෙනවිට වලතාපිටිය වැව ඉස්මත්තට පැමිණේ. එතැන අලි රජ දහනකි.

    image_48331ceb1a.jpg


    image_a57da95b56.jpg


    image_433521cfbf.jpg


    image_2563362996.jpg