Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අලී සහීර් මවුලානා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

1. මීට වසර 17කට පෙර 2004 ජූනි මාසයේදී රනිල් වික්‍රමසිංහ, එවක මාගේ පක්ෂ නායකයා, තම "සාම කුමාර වෙස් මූණ" රැක ගැනීමට මාව ප්රභාකරන්ට පාවා දී මගේ ආරක්ෂාව අනතුරේ දැම්මා. මා කරුණා සමග ගණුදෙනු කළේ රනිල් වික්‍රමසිංහ ගේ උපදෙස් මත යි. ඒ කරුණාව කොටි සංවිධානයෙන් බිඳවීම රටට යහපතක් වේ යැයි සිතා. නමුත් 2004 සිංහල දෙමළ අලුත් අවුරුදු සමයේදී අප සැලසුම් කළ පරිදි කරුණා ඇත්තටම ප්රභාකරන් ගෙන් වෙන් වූ විට 2004 අප්‍රේල් 2 දා මැතිවරණයෙන් පැරදී එවිට විපක්ෂයේ සිටි රනිල් වික්‍රමසිංහ කරුණා ගැන සියලු වගකීම් මා පිට දමා මට පාර්ලිමේන්තුවෙන් ඉල්ලා අස් වන ලෙස බල කළා.

2. සටන් විරාම ගිවිසුම් සමයේදී එවක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ සම්පූර්ණ සහාය ඇතිව එවක ආණ්ඩු පක්ෂ එජප මන්ත්‍රීවරයෙකු වූ මා කරුණා සමග සමීපව ගණුදෙනු කළා. මෙනිසා කරුණාගේ වෙන් වීම ගැන මුලින්ම දැනගත් ආණ්ඩු පක්ෂ නියෝජිතයා මමයි.

3. නැගෙනහිර කොටි කාඩර්වරු අතර කරුණා කෙරෙහි තිබූ පක්ෂපාතීත්වය නිසා මෙබඳු බිඳීමක් සාම ක්‍රියාදාමය කෙරෙහි අහිතකර බලපෑමක් ඇති කරන බව තේරුම් ගත් මා මේ ගැන වික්‍රමසිංහ අගමැතිතුමාට හා එවක යුද හමුදාපති ලයනල් බලගල්ලට දැනුම් දුන්නා.

4. මේ දැනුම්දීම මා කළේ 2004 ජනවාරි මස අරලියගහ මන්දිරයේ දී අගමැති රනිල් හා හමුදාපතිතුමා සමග පැවති රහසිගත සාකච්ඡාවකදී යි. හමුදාපතිතුමා ඉදිරියේදීම අගමැති රනිල් මට පැවසුවේ "සාම ක්‍රියාදාමයට අවහිරයක් නොවන සේ කරුණා සමග සබඳතා පවත්වා ගන්න" කියා යි.

5. මා එම උපදෙස් පරිදි කරුණා සමග රහසිගතව ගණුදෙනු කළා.

6. කරුණාගේ ප්‍රධානතම චෝදනාව වුණේ ප්රභාකරන්ට සාමය කෙරෙහි අවංක අභිලාෂයක් නොමැති බවයි. ප්රභාකරන් සාම ක්‍රියාදාම සමය බඳවාගැනීම් (ළමා සොල්දාදුවන් ද ඇතුලුව) හා සේනා සවිබල ගැන්වීම් වෙනුවෙන් භාවිතා කරන විට කරුණාට සාමය වෙනුවෙන් ස්ථිර අභිලාෂයක් ඇති බව මට හැඟුණා.

7. තවද, කොටි සංවිධානයෙන් වෙන්වීම මගින් කරුණාට අවශ්‍ය වුණේ ප්රභාකරන් හා සටන් කිරීමට නොව කොටි බලයෙන් අඩක් පමණ වූ තමා යටතේ සිටි පිරිස් නිරායුධ කර ප්රජාතන්ත්රවාදී ප්රවාහයට එක් වී සිය අරගලයට දේශපාලන විසඳුමක් ලබා ගැනීමටයි.

8. කරුණාගේ මේ ආකල්පය යුද්ධයේ අවසානයේ ආරම්භය බව මා වටහා ගත්තා. කරුණා කොටින්ගෙන් වෙන් වුණොත් තම පිරිස් බලයේ අඩුව නිසා ප්රභාකරන් පවා අකමැත්තෙන් වුවත් සාම ක්‍රියාදාමයට සහභාගි වනු ඇති බව මට හැඟුණා.

9. මා නියෝජනය කළේ මඩකලපුව දිස්ත්‍රික්කය යි. මා යුද්ධයේ බිහිසුණු බව දැන සිටියා. අභාවප්‍රාප්ත ජයලත් ජයවර්ධන මන්ත්‍රීවරයා සමග මා 1995 දී කරුණාගේ භටයින් අතින් පහරකෑමකට ලක්වී ඝාතනයෙන් බේරුණා. මෙවැනි අත්දැකීම් නිසා මේ ගැටුම් අවසාන වනවා දැකීම මගේ ප්‍රාර්ථනාව වුණා.

10. ප්රජාතන්ත්රවාදී ප්රවාහයට එකතු වන ලෙස මා කරුණාගෙන් ඉල්ලා සිටියා. ඔහු ඊට කැමැත්ත පළ කළා. ඔහු එය දුටුවේ සිය දෙමළ ජනතාව පාවා දීමක් නොව අරගලය ඉදිරියට ගෙන යෑමක් ලෙසයි.

11. සද්චේතනාන්විත සංඥාවක් ලෙස සිය ළමා සොල්දාදුවන් රජයට භාර දෙන්න කරුණා කැමති වුණා. එය යුනිසෙෆ් හා සටන් විරාම නිරීක්ෂණ කමිටුවේ සහභාගිත්වය ඇතිව කරන ලෙස මා කළ ඉල්ලීමට ඔහු එකඟ වුණා.

12. කරුණා මගෙන් උදව් ඉල්ලුවා. නමුත් මා එවිට සිටියේ ව්‍යාකූල තත්ත්වයකයි. චන්ද්‍රිකා ජනාධිපතිතුමිය 2004 පෙබරවාරි මස පාර්ලිමේන්තුව විසිරුවා මහා මැතිවරණයක් කැඳවා තිබුණා. රනිල් නායකතුමා ඡන්ද ව්‍යාපාරයේ යෙදෙමින් කාර්යබහුලව සිටියා. මට කරුණා ගැන කතා කළ හැකිව තිබුණේ ඔහු සමග හා ඔහු හරහා පමණයි.

13. රනිල් නායකතුමා මට දී තිබූ පැහැදිලි උපදෙස නම් "සාම ක්‍රියාදාමයට අවහිරයක් නොවන සේ කරුණා සමග සබඳතා පවත්වා ගන්න" යන්නයි. මේ වන විට 2004 අප්‍රේල් 2 දා මැතිවරණයෙන් අප පක්ෂය පැරදී තිබුණා. නමුත් මා නැවත පාර්ලිමේන්තුවට තේරී පත් වුණා.

14. නව සන්ධාන රජයත් සාම ක්‍රියාදාමය ඉදිරියට ගෙන යෑමට පියවර ගෙන තිබුණා. මෙනිසා කරුණා සමග මා තවදුරටත් සබඳතා පවත්වා ගත්තා. එය පක්ෂ දේශපාලනයෙන් ඔබ්බට ගිය ජාතික වගකීමක් ලෙස මා සැලකුවා.

15. මැතිවරණයෙන් දින කිහිපයකට පසු කරුණා කොටි සංවිධානයෙන් ඉවත් වුණා. උතුරෙන් එවු ප්රභාකරන්ගේ පිරිස් නැගෙනහිර කරුණාගේ ඉදිරිපෙළට පහර දෙමින් සිටියා. සිවිල් ජනතාව අනතුරේ හෙළමින් තම පාර්ශ්වයටම එරෙහිව සටන් කරන්න කරුණා කැමති වුණේ නෑ. සටනට නොයන ලෙස මා ද ඔහුගෙන් ඉල්ලුවා.

16. ආරක්ෂිතව කොළඹට ඒමට කරුණා මගෙන් උදව් ඉල්ලුවා. මගේ නායකතුමා මෙකල කතානායකවරණය ජයගැනීමට වෙහෙසෙමින් සිටියා. එසේම මේ සිංහල දෙමළ අලුත් අවුරුදු සමයයි.

17. කරුණාගේ ඉල්ලීම ගැන මට කතා කළ හැකිව තිබුණේ රනිල් නායකතුමා සමග පමණයි. රනිල් හා සම්බන්ධ විය නොහැකි වූ කල මා කරුණා හා ඔහුගේ පරිවාර නායකයින් කොළඹට ගෙනාවා.

18. කොළඹට එන අතරතුර මා නව විදේශාමාත්‍ය ලක්ෂ්මන් කදීර්ගාමර් හා සාම ලේකම් කාර්යාල ප්‍රධානී බර්නාඩ් ගුණතිලක යන දෙපළ හා සම්බන්ධ වුණා. කරුණා ගැන වගකීම ගන්න ඔවුන් එකඟ වුණා.

19. මා කරුණා හා පිරිවර රජයට බාර දී මගේ වගකීම ඉටු කළා. මෙය සිවිල් යුද්ධයේ හැරවුම් ලක්ෂ්‍යයක් බවට ඉතිහාසය සාක්ෂි දරණවා.

20. කරුණාගේ බිඳීම ගැන කෝපාවිෂ්ට වී සිටි ප්රභාකරන් තම දේශපාලන අංශයට උපදෙස් දුන්නේ කරුණාගේ වෙන්වීම කෙරෙහි මාගේ භූමිකාව ගැන මාධ්‍ය වෙත හෙළි කරන ලෙසයි. මෙය සිදු වුණේ 2004 ජූනි 20 දා යි.

21. පසුදා (ජූනි 21) උදෑසන මට රනිල් නායකතුමාගෙන් හදිසි කැඳවීමක් ලැබුණා. ඒ මොහොතේ මංගල සමරවීර ඇතුලු සන්ධානයේ පිරිසක් මාධ්‍ය සාකච්ඡාවක් කැඳවා මගේ භූමිකාව සාම ක්‍රියාදාමය බිඳීමට එජාපය කරන කුමන්ත්‍රණයක් බව හංවඩු ගසමින් පහත් දේශපාලන ප්‍රහාරයක් එල්ල කරමින් සිටියා.

22. රනිල් නායකතුමා සිටියේ දැඩි කෝපයෙන් පෙළෙමින්. මා සංයමයෙන් යුතුව ඔහුට පැවසුවේ: "සර්, මා ක්‍රියා කළේ ඔබේ උපදෙස් අනුවයි." ඔහුගේ පිළිතුර වුණේ: "අප දැන් සිටින්නේ රජයේ නොවේ. අප සිටින්නේ විපක්ෂයේ. සාම ක්‍රියාවලිය තවදුරටත් වැදගත් නෑ" යන්නයි.

23. මා විමතියෙන් පැවසුවේ: "සර්, ඔබට කොළඹ සිට මෙසේ පැවසිය හැකියි. මා නියෝජනය කරන්නේ යුද්ධයෙන් බැට කන මිනිස්සු. ඔබ පෙර පැවසුවේ කරුණා හා සබඳතා තබාගැනීම හොඳ දෙයක් බවයි". රනිල් නායකතුමා එවිට "මා දැන් පක්ෂය ගැන සිතිය යුතුයි. මාව අපහසුතාවට පත් වී තිබෙනවා. ඔබ ඉල්ලා අස් විය යුතුයි."

24. මා ඉතා කළකිරීමෙන් යුතුව පිට වුණා. මට හමුදා බුද්ධි අංශ පැවසුවේ මගේ ආරක්ෂාව අනතුරේ බවයි. දැන් මා කොටි ඝාතන ලැයිස්තුවේ ඉහළින්ම සිටින බව මා දැන ගත්තා.

25. මාගේ බිරිඳටත් කොටි සංවිධානයෙන් තර්ජනාත්මක ඇමතුම් ලබා දෙමින් මා මඩකලපුවේ දී ඔවුන්ව මුණ ගැසිය යුතු බව දන්වා තිබුණා. කොළඹදී මාගේ දරු දෙදෙනා ද කොටි සංවිධානයෙන් පැහැර ගැනීමේ ප්‍රයත්නයකින් නූලෙන් බේරී තිබුණා.

26. කරුණා හා මාගේ භූමිකාවට පක්ෂයේ හා රනිල් නායකතුමාගේ කිසිම සම්බන්ධයක් නැති බව කියමින් පක්ෂයෙන් නිවේදනයක් නිකුත් වුණා. මාගේ ප්රකාශනය උදෙසා තවත් නිවේදනයක් සකස් වෙමින් පවතින බව මට පැවසුවා. පක්ෂය මාව කොන් කර පාවා දුන්නා.

27. නව සන්ධාන රජයේ නායකයින් මට කතා කරමින් ඉල්ලුවේ ආණ්ඩු පක්ෂයට පැමිණෙන ලෙසයි. ඔවුන් මාගේ ආරක්ෂාව සහතික කළා. මා තේරුම් ගත්තේ මේ සියල්ල ව්‍යාජ දේශපාලන මායාවන් බවයි.

28. මා කළ යුතුව තිබූ නිවැරදි දේ කළා. දැන් මගේ පවුලේ ජීවිත අනතුරේ. මා එක්සත් ජාතික පක්ෂයට දශකයකට අධික කාලයක් සේවය කළා. මට ලැබුණු තෑග්ග කොටි කටට විසි වීමයි.

29. මාගේ පවුල වෙනුවෙන් මන්ත්‍රීධුරයෙන් ඉල්ලා අස්වීමට මා තීරණය කළා. පක්ෂය සකස් කර තිබූ ලිපියෙන් කර තිබුණේ ඉතා බිහිසුණු ප්‍රතිවිපාක සහිත තත්ත්වයකට තනිව මාව යොමු කිරීමයි.

30. මා එයට අත්සන් කළේ නැ. මා වෙනමම නිවේදනයක් ප්‍රසිද්ධ කර පාර්ලිමේන්තු මන්ත්‍රීධුරයෙන් ඉල්ලා අස් වුණා. පවුල සමග ආරක්ෂාව පතා විදේශ ගත වුණා.

31. ඒ දිනය 2004 ජූනි 22 දා යි. ඉල්ලා අස්වීමට මට බල කර 17 වසරකට පසු අද පරාජිත මන්ත්‍රීවරයෙකු පාර්ලිමේන්තුවේ දිවුරුම් දෙනවා. ඔහු රනිල් වික්රමසිංහයි. ඔහු මාව පාවා දුන් පක්ෂ නායකයා යි. ඔහු තවදුරටත් රට පාවා දෙමින් සිටිනවා.

- හිටපු මඩකලපුව දිස්ත්‍රික් එ.ජා.ප. පාර්ලිමේන්තු මන්ත්‍රී අලී සහීර් මවුලානා on Twitter -

[QUOTE="nicjosh83, post: 26566811, member: 569114"] 1. මීට වසර 17කට පෙර 2004 ජූනි මාසයේදී රනිල් වික්‍රමසිංහ, එවක මාගේ පක්ෂ නායකයා, තම "සාම කුමාර වෙස් මූණ" රැක ගැනීමට මාව ප්රභාකරන්ට පාවා දී මගේ ආරක්ෂාව අනතුරේ දැම්මා. මා කරුණා සමග ගණුදෙනු කළේ රනිල් වික්‍රමසිංහ ගේ උපදෙස් මත යි. ඒ කරුණාව කොටි සංවිධානයෙන් බිඳවීම රටට යහපතක් වේ යැයි සිතා. නමුත් 2004 සිංහල දෙමළ අලුත් අවුරුදු සමයේදී අප සැලසුම් කළ පරිදි කරුණා ඇත්තටම ප්රභාකරන් ගෙන් වෙන් වූ විට 2004 අප්‍රේල් 2 දා මැතිවරණයෙන් පැරදී එවිට විපක්ෂයේ සිටි රනිල් වික්‍රමසිංහ කරුණා ගැන සියලු වගකීම් මා පිට දමා මට පාර්ලිමේන්තුවෙන් ඉල්ලා අස් වන ලෙස බල කළා. 2. සටන් විරාම ගිවිසුම් සමයේදී එවක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ සම්පූර්ණ සහාය ඇතිව එවක ආණ්ඩු පක්ෂ එජප මන්ත්‍රීවරයෙකු වූ මා කරුණා සමග සමීපව ගණුදෙනු කළා. මෙනිසා කරුණාගේ වෙන් වීම ගැන මුලින්ම දැනගත් ආණ්ඩු පක්ෂ නියෝජිතයා මමයි. 3. නැගෙනහිර කොටි කාඩර්වරු අතර කරුණා කෙරෙහි තිබූ පක්ෂපාතීත්වය නිසා මෙබඳු බිඳීමක් සාම ක්‍රියාදාමය කෙරෙහි අහිතකර බලපෑමක් ඇති කරන බව තේරුම් ගත් මා මේ ගැන වික්‍රමසිංහ අගමැතිතුමාට හා එවක යුද හමුදාපති ලයනල් බලගල්ලට දැනුම් දුන්නා. 4. මේ දැනුම්දීම මා කළේ 2004 ජනවාරි මස අරලියගහ මන්දිරයේ දී අගමැති රනිල් හා හමුදාපතිතුමා සමග පැවති රහසිගත සාකච්ඡාවකදී යි. හමුදාපතිතුමා ඉදිරියේදීම අගමැති රනිල් මට පැවසුවේ "සාම ක්‍රියාදාමයට අවහිරයක් නොවන සේ කරුණා සමග සබඳතා පවත්වා ගන්න" කියා යි. 5. මා එම උපදෙස් පරිදි කරුණා සමග රහසිගතව ගණුදෙනු කළා. 6. කරුණාගේ ප්‍රධානතම චෝදනාව වුණේ ප්රභාකරන්ට සාමය කෙරෙහි අවංක අභිලාෂයක් නොමැති බවයි. ප්රභාකරන් සාම ක්‍රියාදාම සමය බඳවාගැනීම් (ළමා සොල්දාදුවන් ද ඇතුලුව) හා සේනා සවිබල ගැන්වීම් වෙනුවෙන් භාවිතා කරන විට කරුණාට සාමය වෙනුවෙන් ස්ථිර අභිලාෂයක් ඇති බව මට හැඟුණා. 7. තවද, කොටි සංවිධානයෙන් වෙන්වීම මගින් කරුණාට අවශ්‍ය වුණේ ප්රභාකරන් හා සටන් කිරීමට නොව කොටි බලයෙන් අඩක් පමණ වූ තමා යටතේ සිටි පිරිස් නිරායුධ කර ප්රජාතන්ත්රවාදී ප්රවාහයට එක් වී සිය අරගලයට දේශපාලන විසඳුමක් ලබා ගැනීමටයි. 8. කරුණාගේ මේ ආකල්පය යුද්ධයේ අවසානයේ ආරම්භය බව මා වටහා ගත්තා. කරුණා කොටින්ගෙන් වෙන් වුණොත් තම පිරිස් බලයේ අඩුව නිසා ප්රභාකරන් පවා අකමැත්තෙන් වුවත් සාම ක්‍රියාදාමයට සහභාගි වනු ඇති බව මට හැඟුණා. 9. මා නියෝජනය කළේ මඩකලපුව දිස්ත්‍රික්කය යි. මා යුද්ධයේ බිහිසුණු බව දැන සිටියා. අභාවප්‍රාප්ත ජයලත් ජයවර්ධන මන්ත්‍රීවරයා සමග මා 1995 දී කරුණාගේ භටයින් අතින් පහරකෑමකට ලක්වී ඝාතනයෙන් බේරුණා. මෙවැනි අත්දැකීම් නිසා මේ ගැටුම් අවසාන වනවා දැකීම මගේ ප්‍රාර්ථනාව වුණා. 10. ප්රජාතන්ත්රවාදී ප්රවාහයට එකතු වන ලෙස මා කරුණාගෙන් ඉල්ලා සිටියා. ඔහු ඊට කැමැත්ත පළ කළා. ඔහු එය දුටුවේ සිය දෙමළ ජනතාව පාවා දීමක් නොව අරගලය ඉදිරියට ගෙන යෑමක් ලෙසයි. 11. සද්චේතනාන්විත සංඥාවක් ලෙස සිය ළමා සොල්දාදුවන් රජයට භාර දෙන්න කරුණා කැමති වුණා. එය යුනිසෙෆ් හා සටන් විරාම නිරීක්ෂණ කමිටුවේ සහභාගිත්වය ඇතිව කරන ලෙස මා කළ ඉල්ලීමට ඔහු එකඟ වුණා. 12. කරුණා මගෙන් උදව් ඉල්ලුවා. නමුත් මා එවිට සිටියේ ව්‍යාකූල තත්ත්වයකයි. චන්ද්‍රිකා ජනාධිපතිතුමිය 2004 පෙබරවාරි මස පාර්ලිමේන්තුව විසිරුවා මහා මැතිවරණයක් කැඳවා තිබුණා. රනිල් නායකතුමා ඡන්ද ව්‍යාපාරයේ යෙදෙමින් කාර්යබහුලව සිටියා. මට කරුණා ගැන කතා කළ හැකිව තිබුණේ ඔහු සමග හා ඔහු හරහා පමණයි. 13. රනිල් නායකතුමා මට දී තිබූ පැහැදිලි උපදෙස නම් "සාම ක්‍රියාදාමයට අවහිරයක් නොවන සේ කරුණා සමග සබඳතා පවත්වා ගන්න" යන්නයි. මේ වන විට 2004 අප්‍රේල් 2 දා මැතිවරණයෙන් අප පක්ෂය පැරදී තිබුණා. නමුත් මා නැවත පාර්ලිමේන්තුවට තේරී පත් වුණා. 14. නව සන්ධාන රජයත් සාම ක්‍රියාදාමය ඉදිරියට ගෙන යෑමට පියවර ගෙන තිබුණා. මෙනිසා කරුණා සමග මා තවදුරටත් සබඳතා පවත්වා ගත්තා. එය පක්ෂ දේශපාලනයෙන් ඔබ්බට ගිය ජාතික වගකීමක් ලෙස මා සැලකුවා. 15. මැතිවරණයෙන් දින කිහිපයකට පසු කරුණා කොටි සංවිධානයෙන් ඉවත් වුණා. උතුරෙන් එවු ප්රභාකරන්ගේ පිරිස් නැගෙනහිර කරුණාගේ ඉදිරිපෙළට පහර දෙමින් සිටියා. සිවිල් ජනතාව අනතුරේ හෙළමින් තම පාර්ශ්වයටම එරෙහිව සටන් කරන්න කරුණා කැමති වුණේ නෑ. සටනට නොයන ලෙස මා ද ඔහුගෙන් ඉල්ලුවා. 16. ආරක්ෂිතව කොළඹට ඒමට කරුණා මගෙන් උදව් ඉල්ලුවා. මගේ නායකතුමා මෙකල කතානායකවරණය ජයගැනීමට වෙහෙසෙමින් සිටියා. එසේම මේ සිංහල දෙමළ අලුත් අවුරුදු සමයයි. 17. කරුණාගේ ඉල්ලීම ගැන මට කතා කළ හැකිව තිබුණේ රනිල් නායකතුමා සමග පමණයි. රනිල් හා සම්බන්ධ විය නොහැකි වූ කල මා කරුණා හා ඔහුගේ පරිවාර නායකයින් කොළඹට ගෙනාවා. 18. කොළඹට එන අතරතුර මා නව විදේශාමාත්‍ය ලක්ෂ්මන් කදීර්ගාමර් හා සාම ලේකම් කාර්යාල ප්‍රධානී බර්නාඩ් ගුණතිලක යන දෙපළ හා සම්බන්ධ වුණා. කරුණා ගැන වගකීම ගන්න ඔවුන් එකඟ වුණා. 19. මා කරුණා හා පිරිවර රජයට බාර දී මගේ වගකීම ඉටු කළා. මෙය සිවිල් යුද්ධයේ හැරවුම් ලක්ෂ්‍යයක් බවට ඉතිහාසය සාක්ෂි දරණවා. 20. කරුණාගේ බිඳීම ගැන කෝපාවිෂ්ට වී සිටි ප්රභාකරන් තම දේශපාලන අංශයට උපදෙස් දුන්නේ කරුණාගේ වෙන්වීම කෙරෙහි මාගේ භූමිකාව ගැන මාධ්‍ය වෙත හෙළි කරන ලෙසයි. මෙය සිදු වුණේ 2004 ජූනි 20 දා යි. 21. පසුදා (ජූනි 21) උදෑසන මට රනිල් නායකතුමාගෙන් හදිසි කැඳවීමක් ලැබුණා. ඒ මොහොතේ මංගල සමරවීර ඇතුලු සන්ධානයේ පිරිසක් මාධ්‍ය සාකච්ඡාවක් කැඳවා මගේ භූමිකාව සාම ක්‍රියාදාමය බිඳීමට එජාපය කරන කුමන්ත්‍රණයක් බව හංවඩු ගසමින් පහත් දේශපාලන ප්‍රහාරයක් එල්ල කරමින් සිටියා. 22. රනිල් නායකතුමා සිටියේ දැඩි කෝපයෙන් පෙළෙමින්. මා සංයමයෙන් යුතුව ඔහුට පැවසුවේ: "සර්, මා ක්‍රියා කළේ ඔබේ උපදෙස් අනුවයි." ඔහුගේ පිළිතුර වුණේ: "අප දැන් සිටින්නේ රජයේ නොවේ. අප සිටින්නේ විපක්ෂයේ. සාම ක්‍රියාවලිය තවදුරටත් වැදගත් නෑ" යන්නයි. 23. මා විමතියෙන් පැවසුවේ: "සර්, ඔබට කොළඹ සිට මෙසේ පැවසිය හැකියි. මා නියෝජනය කරන්නේ යුද්ධයෙන් බැට කන මිනිස්සු. ඔබ පෙර පැවසුවේ කරුණා හා සබඳතා තබාගැනීම හොඳ දෙයක් බවයි". රනිල් නායකතුමා එවිට "මා දැන් පක්ෂය ගැන සිතිය යුතුයි. මාව අපහසුතාවට පත් වී තිබෙනවා. ඔබ ඉල්ලා අස් විය යුතුයි." 24. මා ඉතා කළකිරීමෙන් යුතුව පිට වුණා. මට හමුදා බුද්ධි අංශ පැවසුවේ මගේ ආරක්ෂාව අනතුරේ බවයි. දැන් මා කොටි ඝාතන ලැයිස්තුවේ ඉහළින්ම සිටින බව මා දැන ගත්තා. 25. මාගේ බිරිඳටත් කොටි සංවිධානයෙන් තර්ජනාත්මක ඇමතුම් ලබා දෙමින් මා මඩකලපුවේ දී ඔවුන්ව මුණ ගැසිය යුතු බව දන්වා තිබුණා. කොළඹදී මාගේ දරු දෙදෙනා ද කොටි සංවිධානයෙන් පැහැර ගැනීමේ ප්‍රයත්නයකින් නූලෙන් බේරී තිබුණා. 26. කරුණා හා මාගේ භූමිකාවට පක්ෂයේ හා රනිල් නායකතුමාගේ කිසිම සම්බන්ධයක් නැති බව කියමින් පක්ෂයෙන් නිවේදනයක් නිකුත් වුණා. මාගේ ප්රකාශනය උදෙසා තවත් නිවේදනයක් සකස් වෙමින් පවතින බව මට පැවසුවා. පක්ෂය මාව කොන් කර පාවා දුන්නා. 27. නව සන්ධාන රජයේ නායකයින් මට කතා කරමින් ඉල්ලුවේ ආණ්ඩු පක්ෂයට පැමිණෙන ලෙසයි. ඔවුන් මාගේ ආරක්ෂාව සහතික කළා. මා තේරුම් ගත්තේ මේ සියල්ල ව්‍යාජ දේශපාලන මායාවන් බවයි. 28. මා කළ යුතුව තිබූ නිවැරදි දේ කළා. දැන් මගේ පවුලේ ජීවිත අනතුරේ. මා එක්සත් ජාතික පක්ෂයට දශකයකට අධික කාලයක් සේවය කළා. මට ලැබුණු තෑග්ග කොටි කටට විසි වීමයි. 29. මාගේ පවුල වෙනුවෙන් මන්ත්‍රීධුරයෙන් ඉල්ලා අස්වීමට මා තීරණය කළා. පක්ෂය සකස් කර තිබූ ලිපියෙන් කර තිබුණේ ඉතා බිහිසුණු ප්‍රතිවිපාක සහිත තත්ත්වයකට තනිව මාව යොමු කිරීමයි. 30. මා එයට අත්සන් කළේ නැ. මා වෙනමම නිවේදනයක් ප්‍රසිද්ධ කර පාර්ලිමේන්තු මන්ත්‍රීධුරයෙන් ඉල්ලා අස් වුණා. පවුල සමග ආරක්ෂාව පතා විදේශ ගත වුණා. 31. ඒ දිනය 2004 ජූනි 22 දා යි. ඉල්ලා අස්වීමට මට බල කර 17 වසරකට පසු අද පරාජිත මන්ත්‍රීවරයෙකු පාර්ලිමේන්තුවේ දිවුරුම් දෙනවා. ඔහු රනිල් වික්රමසිංහයි. ඔහු මාව පාවා දුන් පක්ෂ නායකයා යි. ඔහු තවදුරටත් රට පාවා දෙමින් සිටිනවා. - හිටපු මඩකලපුව දිස්ත්‍රික් එ.ජා.ප. පාර්ලිමේන්තු මන්ත්‍රී අලී සහීර් මවුලානා on Twitter - [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom