අලී සහීර් මවුලානා

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    22,664
    10,445
    113
    1. මීට වසර 17කට පෙර 2004 ජූනි මාසයේදී රනිල් වික්‍රමසිංහ, එවක මාගේ පක්ෂ නායකයා, තම "සාම කුමාර වෙස් මූණ" රැක ගැනීමට මාව ප්‍රභාකරන්ට පාවා දී මගේ ආරක්ෂාව අනතුරේ දැම්මා. මා කරුණා සමග ගණුදෙනු කළේ රනිල් වික්‍රමසිංහ ගේ උපදෙස් මත යි. ඒ කරුණාව කොටි සංවිධානයෙන් බිඳවීම රටට යහපතක් වේ යැයි සිතා. නමුත් 2004 සිංහල දෙමළ අලුත් අවුරුදු සමයේදී අප සැලසුම් කළ පරිදි කරුණා ඇත්තටම ප්‍රභාකරන් ගෙන් වෙන් වූ විට 2004 අප්‍රේල් 2 දා මැතිවරණයෙන් පැරදී එවිට විපක්ෂයේ සිටි රනිල් වික්‍රමසිංහ කරුණා ගැන සියලු වගකීම් මා පිට දමා මට පාර්ලිමේන්තුවෙන් ඉල්ලා අස් වන ලෙස බල කළා.

    2. සටන් විරාම ගිවිසුම් සමයේදී එවක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ සම්පූර්ණ සහාය ඇතිව එවක ආණ්ඩු පක්ෂ එජප මන්ත්‍රීවරයෙකු වූ මා කරුණා සමග සමීපව ගණුදෙනු කළා. මෙනිසා කරුණාගේ වෙන් වීම ගැන මුලින්ම දැනගත් ආණ්ඩු පක්ෂ නියෝජිතයා මමයි.

    3. නැගෙනහිර කොටි කාඩර්වරු අතර කරුණා කෙරෙහි තිබූ පක්‍ෂපාතීත්වය නිසා මෙබඳු බිඳීමක් සාම ක්‍රියාදාමය කෙරෙහි අහිතකර බලපෑමක් ඇති කරන බව තේරුම් ගත් මා මේ ගැන වික්‍රමසිංහ අගමැතිතුමාට හා එවක යුද හමුදාපති ලයනල් බලගල්ලට දැනුම් දුන්නා.

    4. මේ දැනුම්දීම මා කළේ 2004 ජනවාරි මස අරලියගහ මන්දිරයේ දී අගමැති රනිල් හා හමුදාපතිතුමා සමග පැවති රහසිගත සාකච්ඡාවකදී යි. හමුදාපතිතුමා ඉදිරියේදීම අගමැති රනිල් මට පැවසුවේ "සාම ක්‍රියාදාමයට අවහිරයක් නොවන සේ කරුණා සමග සබඳතා පවත්වා ගන්න" කියා යි.

    5. මා එම උපදෙස් පරිදි කරුණා සමග රහසිගතව ගණුදෙනු කළා.

    6. කරුණාගේ ප්‍රධානතම චෝදනාව වුණේ ප්‍රභාකරන්ට සාමය කෙරෙහි අවංක අභිලාෂයක් නොමැති බවයි. ප්‍රභාකරන් සාම ක්‍රියාදාම සමය බඳවාගැනීම් (ළමා සොල්දාදුවන් ද ඇතුලුව) හා සේනා සවිබල ගැන්වීම් වෙනුවෙන් භාවිතා කරන විට කරුණාට සාමය වෙනුවෙන් ස්ථිර අභිලාෂයක් ඇති බව මට හැඟුණා.

    7. තවද, කොටි සංවිධානයෙන් වෙන්වීම මගින් කරුණාට අවශ්‍ය වුණේ ප්‍රභාකරන් හා සටන් කිරීමට නොව කොටි බලයෙන් අඩක් පමණ වූ තමා යටතේ සිටි පිරිස් නිරායුධ කර ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවාහයට එක් වී සිය අරගලයට දේශපාලන විසඳුමක් ලබා ගැනීමටයි.

    8. කරුණාගේ මේ ආකල්පය යුද්ධයේ අවසානයේ ආරම්භය බව මා වටහා ගත්තා. කරුණා කොටින්ගෙන් වෙන් වුණොත් තම පිරිස් බලයේ අඩුව නිසා ප්‍රභාකරන් පවා අකමැත්තෙන් වුවත් සාම ක්‍රියාදාමයට සහභාගි වනු ඇති බව මට හැඟුණා.

    9. මා නියෝජනය කළේ මඩකලපුව දිස්ත්‍රික්කය යි. මා යුද්ධයේ බිහිසුණු බව දැන සිටියා. අභාවප්‍රාප්ත ජයලත් ජයවර්ධන මන්ත්‍රීවරයා සමග මා 1995 දී කරුණාගේ භටයින් අතින් පහරකෑමකට ලක්වී ඝාතනයෙන් බේරුණා. මෙවැනි අත්දැකීම් නිසා මේ ගැටුම් අවසාන වනවා දැකීම මගේ ප්‍රාර්ථනාව වුණා.

    10. ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවාහයට එකතු වන ලෙස මා කරුණාගෙන් ඉල්ලා සිටියා. ඔහු ඊට කැමැත්ත පළ කළා. ඔහු එය දුටුවේ සිය දෙමළ ජනතාව පාවා දීමක් නොව අරගලය ඉදිරියට ගෙන යෑමක් ලෙසයි.

    11. සද්චේතනාන්විත සංඥාවක් ලෙස සිය ළමා සොල්දාදුවන් රජයට භාර දෙන්න කරුණා කැමති වුණා. එය යුනිසෙෆ් හා සටන් විරාම නිරීක්ෂණ කමිටුවේ සහභාගිත්වය ඇතිව කරන ලෙස මා කළ ඉල්ලීමට ඔහු එකඟ වුණා.

    12. කරුණා මගෙන් උදව් ඉල්ලුවා. නමුත් මා එවිට සිටියේ ව්‍යාකූල තත්ත්වයකයි. චන්ද්‍රිකා ජනාධිපතිතුමිය 2004 පෙබරවාරි මස පාර්ලිමේන්තුව විසිරුවා මහා මැතිවරණයක් කැඳවා තිබුණා. රනිල් නායකතුමා ඡන්ද ව්‍යාපාරයේ යෙදෙමින් කාර්යබහුලව සිටියා. මට කරුණා ගැන කතා කළ හැකිව තිබුණේ ඔහු සමග හා ඔහු හරහා පමණයි.

    13. රනිල් නායකතුමා මට දී තිබූ පැහැදිලි උපදෙස නම් "සාම ක්‍රියාදාමයට අවහිරයක් නොවන සේ කරුණා සමග සබඳතා පවත්වා ගන්න" යන්නයි. මේ වන විට 2004 අප්‍රේල් 2 දා මැතිවරණයෙන් අප පක්ෂය පැරදී තිබුණා. නමුත් මා නැවත පාර්ලිමේන්තුවට තේරී පත් වුණා.

    14. නව සන්ධාන රජයත් සාම ක්‍රියාදාමය ඉදිරියට ගෙන යෑමට පියවර ගෙන තිබුණා. මෙනිසා කරුණා සමග මා තවදුරටත් සබඳතා පවත්වා ගත්තා. එය පක්ෂ දේශපාලනයෙන් ඔබ්බට ගිය ජාතික වගකීමක් ලෙස මා සැලකුවා.

    15. මැතිවරණයෙන් දින කිහිපයකට පසු කරුණා කොටි සංවිධානයෙන් ඉවත් වුණා. උතුරෙන් එවු ප්‍රභාකරන්ගේ පිරිස් නැගෙනහිර කරුණාගේ ඉදිරිපෙළට පහර දෙමින් සිටියා. සිවිල් ජනතාව අනතුරේ හෙළමින් තම පාර්ශ්වයටම එරෙහිව සටන් කරන්න කරුණා කැමති වුණේ නෑ. සටනට නොයන ලෙස මා ද ඔහුගෙන් ඉල්ලුවා.

    16. ආරක්ෂිතව කොළඹට ඒමට කරුණා මගෙන් උදව් ඉල්ලුවා. මගේ නායකතුමා මෙකල කතානායකවරණය ජයගැනීමට වෙහෙසෙමින් සිටියා. එසේම මේ සිංහල දෙමළ අලුත් අවුරුදු සමයයි.

    17. කරුණාගේ ඉල්ලීම ගැන මට කතා කළ හැකිව තිබුණේ රනිල් නායකතුමා සමග පමණයි. රනිල් හා සම්බන්ධ විය නොහැකි වූ කල මා කරුණා හා ඔහුගේ පරිවාර නායකයින් කොළඹට ගෙනාවා.

    18. කොළඹට එන අතරතුර මා නව විදේශාමාත්‍ය ලක්ෂ්මන් කදීර්ගාමර් හා සාම ලේකම් කාර්යාල ප්‍රධානී බර්නාඩ් ගුණතිලක යන දෙපළ හා සම්බන්ධ වුණා. කරුණා ගැන වගකීම ගන්න ඔවුන් එකඟ වුණා.

    19. මා කරුණා හා පිරිවර රජයට බාර දී මගේ වගකීම ඉටු කළා. මෙය සිවිල් යුද්ධයේ හැරවුම් ලක්ෂ්‍යයක් බවට ඉතිහාසය සාක්ෂි දරණවා.

    20. කරුණාගේ බිඳීම ගැන කෝපාවිෂ්ට වී සිටි ප්‍රභාකරන් තම දේශපාලන අංශයට උපදෙස් දුන්නේ කරුණාගේ වෙන්වීම කෙරෙහි මාගේ භූමිකාව ගැන මාධ්‍ය වෙත හෙළි කරන ලෙසයි. මෙය සිදු වුණේ 2004 ජූනි 20 දා යි.

    21. පසුදා (ජූනි 21) උදෑසන මට රනිල් නායකතුමාගෙන් හදිසි කැඳවීමක් ලැබුණා. ඒ මොහොතේ මංගල සමරවීර ඇතුලු සන්ධානයේ පිරිසක් මාධ්‍ය සාකච්ඡාවක් කැඳවා මගේ භූමිකාව සාම ක්‍රියාදාමය බිඳීමට එජාපය කරන කුමන්ත්‍රණයක් බව හංවඩු ගසමින් පහත් දේශපාලන ප්‍රහාරයක් එල්ල කරමින් සිටියා.

    22. රනිල් නායකතුමා සිටියේ දැඩි කෝපයෙන් පෙළෙමින්. මා සංයමයෙන් යුතුව ඔහුට පැවසුවේ: "සර්, මා ක්‍රියා කළේ ඔබේ උපදෙස් අනුවයි." ඔහුගේ පිළිතුර වුණේ: "අප දැන් සිටින්නේ රජයේ නොවේ. අප සිටින්නේ විපක්ෂයේ. සාම ක්‍රියාවලිය තවදුරටත් වැදගත් නෑ" යන්නයි.

    23. මා විමතියෙන් පැවසුවේ: "සර්, ඔබට කොළඹ සිට මෙසේ පැවසිය හැකියි. මා නියෝජනය කරන්නේ යුද්ධයෙන් බැට කන මිනිස්සු. ඔබ පෙර පැවසුවේ කරුණා හා සබඳතා තබාගැනීම හොඳ දෙයක් බවයි". රනිල් නායකතුමා එවිට "මා දැන් පක්ෂය ගැන සිතිය යුතුයි. මාව අපහසුතාවට පත් වී තිබෙනවා. ඔබ ඉල්ලා අස් විය යුතුයි."

    24. මා ඉතා කළකිරීමෙන් යුතුව පිට වුණා. මට හමුදා බුද්ධි අංශ පැවසුවේ මගේ ආරක්ෂාව අනතුරේ බවයි. දැන් මා කොටි ඝාතන ලැයිස්තුවේ ඉහළින්ම සිටින බව මා දැන ගත්තා.

    25. මාගේ බිරිඳටත් කොටි සංවිධානයෙන් තර්ජනාත්මක ඇමතුම් ලබා දෙමින් මා මඩකලපුවේ දී ඔවුන්ව මුණ ගැසිය යුතු බව දන්වා තිබුණා. කොළඹදී මාගේ දරු දෙදෙනා ද කොටි සංවිධානයෙන් පැහැර ගැනීමේ ප්‍රයත්නයකින් නූලෙන් බේරී තිබුණා.

    26. කරුණා හා මාගේ භූමිකාවට පක්ෂයේ හා රනිල් නායකතුමාගේ කිසිම සම්බන්ධයක් නැති බව කියමින් පක්ෂයෙන් නිවේදනයක් නිකුත් වුණා. මාගේ ප්‍රකාශනය උදෙසා තවත් නිවේදනයක් සකස් වෙමින් පවතින බව මට පැවසුවා. පක්ෂය මාව කොන් කර පාවා දුන්නා.

    27. නව සන්ධාන රජයේ නායකයින් මට කතා කරමින් ඉල්ලුවේ ආණ්ඩු පක්ෂයට පැමිණෙන ලෙසයි. ඔවුන් මාගේ ආරක්ෂාව සහතික කළා. මා තේරුම් ගත්තේ මේ සියල්ල ව්‍යාජ දේශපාලන මායාවන් බවයි.

    28. මා කළ යුතුව තිබූ නිවැරදි දේ කළා. දැන් මගේ පවුලේ ජීවිත අනතුරේ. මා එක්සත් ජාතික පක්ෂයට දශකයකට අධික කාලයක් සේවය කළා. මට ලැබුණු තෑග්ග කොටි කටට විසි වීමයි.

    29. මාගේ පවුල වෙනුවෙන් මන්ත්රීධුරයෙන් ඉල්ලා අස්වීමට මා තීරණය කළා. පක්ෂය සකස් කර තිබූ ලිපියෙන් කර තිබුණේ ඉතා බිහිසුණු ප්‍රතිවිපාක සහිත තත්ත්වයකට තනිව මාව යොමු කිරීමයි.

    30. මා එයට අත්සන් කළේ නැ. මා වෙනමම නිවේදනයක් ප්‍රසිද්ධ කර පාර්ලිමේන්තු මන්ත්රීධුරයෙන් ඉල්ලා අස් වුණා. පවුල සමග ආරක්ෂාව පතා විදේශ ගත වුණා.

    31. ඒ දිනය 2004 ජූනි 22 දා යි. ඉල්ලා අස්වීමට මට බල කර 17 වසරකට පසු අද පරාජිත මන්ත්‍රීවරයෙකු පාර්ලිමේන්තුවේ දිවුරුම් දෙනවා. ඔහු රනිල් වික්‍රමසිංහයි. ඔහු මාව පාවා දුන් පක්ෂ නායකයා යි. ඔහු තවදුරටත් රට පාවා දෙමින් සිටිනවා.

    - හිටපු මඩකලපුව දිස්ත්‍රික් එ.ජා.ප. පාර්ලිමේන්තු මන්ත්‍රී අලී සහීර් මවුලානා on Twitter -
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    17,537
    22,576
    113
    තාම ලන්කාවේ
    ඒ වුනාට යු ඈන් පී එවුන් කියන්නේ නම් කරුණාව කෑඩුවේ රනිල් .. ඒ හින්දා තමා යුද්ධේ දිනාගන්න පුලුවන් වුනේ කියලා.. බලනකොට මොන්ගලලා රනිල්ලා කරලා තියෙන්නේ ඒකේ අනිත් පෑත්ත.. කදිරගාමර්ලා තමා අඩුම ගානේ කරුණාව කොළබට ගේන්න උදව් කරලා තියෙන්නේ. මේකේ ට්විටර් එකේ ලින්ක් එක නෑද්ද?

    හොයා ගත්තා... මේකේ කියන විදිහට කරුණායි මූයි පවුල් වලින් සම්බන්ධයක් තිබ්බ එවුන්ද?


    E4KBhXqXEAsL6LS

    ------ Post added on Jun 20, 2021 at 2:27 PM
     
    Last edited:
    • Like
    Reactions: nicjosh83

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    22,664
    10,445
    113
    ඒ වුනාට යු ඈන් පී එවුන් කියන්නේ නම් කරුණාව කෑඩුවේ රනිල් .. ඒ හින්දා තමා යුද්ධේ දිනාගන්න පුලුවන් වුනේ කියලා.. බලනකොට මොන්ගලලා රනිල්ලා කරලා තියෙන්නේ ඒකේ අනිත් පෑත්ත.. කදිරගාමර්ලා තමා අඩුම ගානේ කරුණාව කොළබට ගේන්න උදව් කරලා තියෙන්නේ. මේකේ ට්විටර් එකේ ලින්ක් එක නෑද්ද?

    හොයා ගත්තා... මේකේ කියන විදිහට කරුණායි මූයි පවුල් වලින් සම්බන්ධයක් තිබ්බ එවුන්ද?


    E4KBhXqXEAsL6LS

    ------ Post added on Jun 20, 2021 at 2:27 PM
    රනිල්ටයි මහින්දටයි පොදු එක දෙයක් තියනවා. බලේ තියෙනකොට හොඳ වැඩ වගේම ඕන දහජරා වැඩක් කිසි හිරිකිතක් නැතුව කරන්න පුළුවන් . බලේ නැති උනාම කාට කෙල උනත් කමක් නෑ.
     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    11,370
    7,032
    113
    හස්තිශෛලපුර
    රනිල්ටයි මහින්දටයි පොදු එක දෙයක් තියනවා. බලේ තියෙනකොට හොඳ වැඩ වගේම ඕන දහජරා වැඩක් කිසි හිරිකිතක් නැතුව කරන්න පුළුවන් . බලේ නැති උනාම කාට කෙල උනත් කමක් නෑ.
    මහින්ද එහෙම නෑ..


    27. නව සන්ධාන රජයේ නායකයින් මට කතා කරමින් ඉල්ලුවේ ආණ්ඩු පක්ෂයට පැමිණෙන ලෙසයි. ඔවුන් මාගේ ආරක්ෂාව සහතික කළා. මා තේරුම් ගත්තේ මේ සියල්ල ව්‍යාජ දේශපාලන මායාවන් බවයි.
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    22,664
    10,445
    113
    මහින්ද එහෙම නෑ..


    27. නව සන්ධාන රජයේ නායකයින් මට කතා කරමින් ඉල්ලුවේ ආණ්ඩු පක්ෂයට පැමිණෙන ලෙසයි. ඔවුන් මාගේ ආරක්ෂාව සහතික කළා. මා තේරුම් ගත්තේ මේ සියල්ල ව්‍යාජ දේශපාලන මායාවන් බවයි.

    ඔය මහින්දට බලේ තියනකොට ….රනිල්ට බලේ නැතිකොට….
     

    castellain

    Well-known member
  • Jan 24, 2010
    7,658
    18,218
    113
    රනිල්ටයි මහින්දටයි පොදු එක දෙයක් තියනවා. බලේ තියෙනකොට හොඳ වැඩ වගේම ඕන දහජරා වැඩක් කිසි හිරිකිතක් නැතුව කරන්න පුළුවන් . බලේ නැති උනාම කාට කෙල උනත් කමක් නෑ.
    මොකද මේ හදිසියේ විමල්ටයි ගම්මම්පිලටයි අරින්නේ?
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    22,664
    10,445
    113
    මොකද මේ හදිසියේ විමල්ටයි ගම්මම්පිලටයි අරින්නේ?

    හේතුව නම් දන්නේ නෑ.බැසිල්ට තම්බින්ව ලං කරගන්න ඕන වෙලාද දන්නේ නෑ ? පහල හේතු ටිකත් වෙන්න පුළුවන්.


    E8763B57-556D-46C5-91EA-1D610ED73725.jpeg
     
    • Like
    Reactions: castellain

    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    3,304
    2,432
    113
    ඒ කාලේ කරුණා වෙන්වුනාට පස්සේ පලවෙනි පාරට පත්තරේකින් ඉන්ටර්විව් එකක් කලේ ජවිපෙට සම්බන්ධ ලංකා පත්තරෙන්.ඕකට සම්බන්ධ හමුදා බුද්ධි අංශ කැප්ටන් කෙනෙකුත් පවුල් පිටින් රටින් පිටවෙලා තිබ්බා ආරක්ෂාවට.
     
    • Like
    Reactions: nicjosh83

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    17,537
    22,576
    113
    තාම ලන්කාවේ
    හේතුව නම් දන්නේ නෑ.බැසිල්ට තම්බින්ව ලං කරගන්න ඕන වෙලාද දන්නේ නෑ ? පහල හේතු ටිකත් වෙන්න පුළුවන්.


    View attachment 131756
    ගම්මාන්පිල නොකියා කියනවා නේ කවුද මේ සීන් එක පස්සේ ඉන්නේ කියලා
     
    • Like
    Reactions: nicjosh83