අලුත් අගමැතිවරයෙක්

kavindu84

Well-known member
  • Mar 7, 2017
    3,725
    1,272
    113
    matara
    අලුත් අගමැතිවරයෙක්

    අලූත් අග‍්‍රාමාත්‍යවරයෙකු පිළිබද මේ වනවිට දේශපාලන කරලියේ කතාබහක් මතුව ඇතැයි දේශපාලන ආරංචිමාර්ග සදහන් කරනවා. ඒ සඳහා එක්සත් ජාතික පෙරමුණ පාර්ශවයෙන් නම් 3 ක් යෝජනා වී ඇති බවයි වාර්තා වන්නේ. තිලක් මාරපන, රංජිත් මද්දුම බණ්ඩාර සහ රාජිත සේනාරත්න යන පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන්ගේ නම් ඒ අතරට අයත්.

    රනිල් වික‍්‍රමසිංහ මහතාට යළි අග‍්‍රාමාත්‍ය ධුරය ලබා නොදෙන බව ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා මීට පෙර අවධාරණය කළා. කෙසේවෙතත් රනිල් වික‍්‍රමසිංහ හැර එම පෙරමුණේ හෝ එක්සත් ජාතික පක්‍ෂයේ හෝ වෙනත් කිසිදු මන්තී‍්‍රවරයෙකු මේ මොහොතේ අග‍්‍රාමාත්‍ය ධුරය සදහා නම් නොකිරීමටයි එක්සත් ජාතික පෙරමුණේ පාර්ලිමේන්තු කණ්ඩායම ඉකුත්දා ඒකමතිකව තීරණය කළේ.

    කිසිවෙකුත් අපේක්‍ෂා නොකරන පුද්ගලයෙකු අග‍්‍රාමාත්‍ය ධුරය සදහා යෝජනා විය හැකි බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්තී‍්‍ර ලක්‍ෂ්මන් යාපා අබේවර්ධන ඊයේ ප‍්‍රකාශ කළේ මේ අතරතුරයි.

    පුද්ගලිකව කිසියම් අයෙකුට ජනාධිපති සහ අගමැති ධුරයන් පිළිබදව ආශාවන් ඇතිවීමට ඉඩක් ඇතත් අදාළ ධුරයන්ට යායුතු වන්නේ නිසි ක‍්‍රමවේදයකින් බව එක්සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්තී‍්‍ර සජිත් පේ‍්‍රමදාස ඊයේ ප‍්‍රකාශ කළා.


    http://nethnews.lk/article/60918