රවීගේ නිවසට ආරක්ෂාව

$onny

Well-known member
  • May 21, 2012
    3,245
    4,039
    113
    නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ සහ සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර සඳහා සභිකයින් නම් කිරීම මේ වනවිට අභ්‍යන්තර අර්බුදයක් දක්වා ඔඩුදුවා තිබේ.

    ඒ, ඔවුන්ට හිමිවූ සීමිත මන්ත්‍රී ධුර සංඛ්‍යාව නියෝජනය කිරීම සඳහා විශාල පිරිසක් කැමැත්තෙන් පසුවීම හේතුවෙනි.

    ජාතික ලැයිස්තුවෙන් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට ආසන 2ක් සහ සමගි ජන බලවේගයට ආසන 5ක් හිමිවිය.ක

    ඊට අමතරව, සන්ධානගතව තරග කළ පාර්ශ්වයන්ගේ අනුමැතියකින් තොරව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් සඳහා නම් කළ රවී කරුණානායක මහතාගේ නම ඊයේ (18) රාත්‍රියේ ගැසට් මඟින් ප්‍රකාශයට පත්කළේය.

    පසුගිය මහ මැතිවරණයෙන් ඒ ඒ දේශපාලන පක්ෂවලට හිමි වූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර සඳහා නියෝජිතයින් නම් කිරීම අර්බුදයකට ලක්ව ඇත්තේ ගෑස් සිලින්ඩරය ලකුණෙන් මහ මැතිවරණයට තරග කළ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ සහ සමගි ජන බලවේගයේයි.

    ඊයේ දිනයේදී එම අර්බුදය උත්සන්න වූයේ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ එක් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් සඳහා රවී කරුණානායක මහතාගේ නම පක්ෂයේ මහ ලේකම් ශ්‍යාමිලා පෙරේරා මහත්මිය විසින් මැතිවරණ කොමිසම වෙත ලිඛිතව යොමු කිරීමත් සමගයි.

    එහෙත් ඔහුගේ නම ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය සඳහා යොමුකර ඇත්තේ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ පක්ෂවල සහ තමාගේ කිසිදු අනුමැතියකින් තොරව අත්තනෝමතික ආකාරයකට බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එම පෙරමුණේ නියෝජිතයන්ට දැනුම් දී තිබුණි.

    ඒ අනුව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ පාර්ශ්වකරුවන් අද කොළඹදී රැස්වී රවී කරුණානායක මහතා නම් කර යැවීම ඇතුළු ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර සම්බන්ධ ගැටලුව පිළිබඳ සාකච්ඡා කිරීමට නියමිතය.

    එවන් පසුබිමක මැතිවරණ කොමිෂන් සභාව ඊයේ රාත්‍රියේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙකු ලෙස රවී කරුණානායක මහතාගේ නම ගැසට් මඟින් ප්‍රකාශයට පත්කරනු ලැබීය.

    මේ අතර, රවී කරුණානායක මහතාගේ කොළඹ පිහිටි නිවස අසළට අද පෙරවරුවේ ආරක්ෂාව යොදවා තිබෙන අයුරු දැකගත හැකිවුණි.

    නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ අනෙක් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා මාතර දිස්ත්‍රික්කයෙන් මැතිවරණයට තරග කර - තේරී පත් නොවූ කංචන විජේසේකර මහතා පොදුජන එක්සත් නිදහස් පෙරමුණ පාර්ශ්වය වෙනුවෙන් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට නම් කිරීමට යෝජනාවක් ඉදිරිපත්ව තිබේ.

    මේ අතර, සමගි ජන බලවේගයද මෙතෙක් සිය ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර 05 සඳහා කිසිවෙක් නම් කර නැහැ.

    මෙවර මහ මැතිවරණයට සමගි ජන බලවේගය සමග පාර්ශ්ව රැසක් සන්ධානගතව තරග කළ අතර, එම පාර්ශ්වයන්ගෙන් කිහිප දෙනෙකු ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර ඉල්ලා සිටීම හේතුවෙන් ඔවුන්ද මේ වනවිට නියෝජිතයින් නම් කිරීම සම්බන්ධ අර්බුදයකට මුහුණ පා තිබේ.
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,458
    86,729
    113
    ආශ්චර්යමත් රටක
    පක්ෂයක් හරියට කොන්ට්‍රෝල් කරගන්න බෑ.
    ජාතික ලැයිස්තුවට යන එවුන් තෝරගන්න බෑ.
    අඩුගානෙ ජාතික ලැයිස්තුවට හොරෙන් නම් දාල තියෙනව දන්නෙත් නෑ.


    එහෙව් එවුන් රටවල් කොරන්න කතාව 🤮
    බිංදුවෙන් ආවෙ රිණ පැත්තට යන්න තමයි
     

    $onny

    Well-known member
  • May 21, 2012
    3,245
    4,039
    113
    පක්ෂයක් හරියට කොන්ට්‍රෝල් කරගන්න බෑ.
    ජාතික ලැයිස්තුවට යන එවුන් තෝරගන්න බෑ.
    අඩුගානෙ ජාතික ලැයිස්තුවට හොරෙන් නම් දාල තියෙනව දන්නෙත් නෑ.


    එහෙව් එවුන් රටවල් කොරන්න කතාව 🤮
    බිංදුවෙන් ආවෙ රිණ පැත්තට යන්න තමයි
    Raviya president unoth kawada hari lankawama koheta hari vikunai
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    පක්ෂයක් හරියට කොන්ට්‍රෝල් කරගන්න බෑ.
    ජාතික ලැයිස්තුවට යන එවුන් තෝරගන්න බෑ.
    අඩුගානෙ ජාතික ලැයිස්තුවට හොරෙන් නම් දාල තියෙනව දන්නෙත් නෑ.


    එහෙව් එවුන් රටවල් කොරන්න කතාව 🤮
    බිංදුවෙන් ආවෙ රිණ පැත්තට යන්න තමයි
    ජාතික ලැයිස්තුවේ ඉන්න එවුන් බෝම්බ ගහනකම් දන්නේ නෑ කියලා කවුරුත් කියලා නෑ නේද?
     

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    පක්ෂයක් හරියට කොන්ට්‍රෝල් කරගන්න බෑ.
    ජාතික ලැයිස්තුවට යන එවුන් තෝරගන්න බෑ.
    අඩුගානෙ ජාතික ලැයිස්තුවට හොරෙන් නම් දාල තියෙනව දන්නෙත් නෑ.


    එහෙව් එවුන් රටවල් කොරන්න කතාව 🤮
    බිංදුවෙන් ආවෙ රිණ පැත්තට යන්න තමයි
    ඌව 2048 වෙනකන් තියාගන්න කතා කරේ😂😂😂

    ඊයා උට්ටෝ ජාතික ලයිස්තුව හදාගන්න බෑ..... රට හදන්න ලෑස්තිය.....

    ------ Post added on Nov 19, 2024 at 4:04 PM

    කලිසමක් හරියට ඇදගන්න බැරි සීයා එනවා රට හදන්න
    ------ Post added on Nov 19, 2024 at 4:05 PM


    ------ Post added on Nov 19, 2024 at 4:07 PM
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,191
    11,210
    113
    Forest
    පක්ෂයක් හරියට කොන්ට්‍රෝල් කරගන්න බෑ.
    ජාතික ලැයිස්තුවට යන එවුන් තෝරගන්න බෑ.
    අඩුගානෙ ජාතික ලැයිස්තුවට හොරෙන් නම් දාල තියෙනව දන්නෙත් නෑ.


    එහෙව් එවුන් රටවල් කොරන්න කතාව 🤮
    බිංදුවෙන් ආවෙ රිණ පැත්තට යන්න තමයි
    එපා බන් ඔහොම කියන්න
    ඔය පක්ෂවලට කඩේ යන උනුත් මේකේ ඉන්නවනේ
    උන් පව්. කොච්චර උනත් මිනිස්සු විදිහට ඉපදුනු උන්නේ
     
    • Sad
    • Haha
    Reactions: $onny and shenat

    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,120
    1,994
    113
    එපා බන් ඔහොම කියන්න
    ඔය පක්ෂවලට කඩේ යන උනුත් මේකේ ඉන්නවනේ
    උන් පව්. කොච්චර උනත් මිනිස්සු විදිහට ඉපදුනු උන්නේ
    1732012708203.png


    මේ සෙට් එකනේ උඹ කියන්නෙ.
     
    • Like
    • Haha
    Reactions: $onny and shenat

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,944
    11,678
    113
    Mun balayata kochchara kaadarada kiyala hithaganna puluwan neda? Ithin ratata mehema wechcha eka ahannath deyakda.
    Balapanko ara Tilwin Silva. Porata one nan gemak nathuwa parliament yanna puluwan. Eth yanne na
     
    • Love
    Reactions: $onny

    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,704
    1
    14,255
    113
    ඔය සජියා පන්නලා රවීයා විපක්ෂ නායක කරන්න ගහපු සීයාගේ plan එකක්. :baffled:
     
    • Wow
    Reactions: $onny

    $onny

    Well-known member
  • May 21, 2012
    3,245
    4,039
    113
    ඌව 2048 වෙනකන් තියාගන්න කතා කරේ😂😂😂



    ------ Post added on Nov 19, 2024 at 4:04 PM

    කලිසමක් හරියට ඇදගන්න බැරි සීයා එනවා රට හදන්න
    ------ Post added on Nov 19, 2024 at 4:05 PM


    ------ Post added on Nov 19, 2024 at 4:07 PM

    kattiyata dan mathakath ne 2019 wenakan hitiye seeya kiyala
     
    • Like
    Reactions: iworld