අලුත් එළඹුමකට උත්සාහයක්
අලුත් එළඹුමකට උත්සාහයක්
හැර යන්න හිත නැති
දඩබ්බර හිතක සැටි
හඬන්නට හිතන හැටි
පුදුමයිද යළිත් නිති
ගැයෙන මේ ගී වැල්
නොකී නම් ළතැවුල්
මවන්නේ වියවුල්
සිතේ බැඳ ආරවුල්
ගී පදය ඉතිරිව
සොයයි නම් හිමි පදය
ඇමුණුමක සේයාව
කොයිබදෝ කියන් මට
පෙමක් නම් හදවතට
යළිත් නම් එපා මට
සදහටම ගිය හැම
මුළාවකි මිරිඟුවක
හිනාවෙන් පිරි මට
තනිකඩව ඉන්න හැක
කුමකටද නැති දුක
මියෙන මේ සිරුරට
ආවෙ අපි තනියමයි
යන්නෙ අපි තනියමයි
ජීවිතේ එහෙමයි
කළ දෙයක් අරන් යයි
-මාලන් විදානපතිරණ
අලුත් එළඹුමකට උත්සාහයක්
හැර යන්න හිත නැති
දඩබ්බර හිතක සැටි
හඬන්නට හිතන හැටි
පුදුමයිද යළිත් නිති
ගැයෙන මේ ගී වැල්
නොකී නම් ළතැවුල්
මවන්නේ වියවුල්
සිතේ බැඳ ආරවුල්
ගී පදය ඉතිරිව
සොයයි නම් හිමි පදය
ඇමුණුමක සේයාව
කොයිබදෝ කියන් මට
පෙමක් නම් හදවතට
යළිත් නම් එපා මට
සදහටම ගිය හැම
මුළාවකි මිරිඟුවක
හිනාවෙන් පිරි මට
තනිකඩව ඉන්න හැක
කුමකටද නැති දුක
මියෙන මේ සිරුරට
ආවෙ අපි තනියමයි
යන්නෙ අපි තනියමයි
ජීවිතේ එහෙමයි
කළ දෙයක් අරන් යයි
-මාලන් විදානපතිරණ
