අලුත් කුඩක් මොරටුවන් අල්ලයි

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    image_bee6788c78.gif




    ශ්‍රි ලංකාව තුළ මෙතෙන් හමු නොවු මෙරට හා පිටරට ධන කුවේරයන් භාවිතා කරන කොකේන් හා සමාන නව මත්කුඩු විශේෂයක් මොරටුව සමන්පුර ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරිකයකුගේ නිවසින් අද (5) සොයාගත් බව පානදුර වලාන මධ්‍යම දුෂණ මර්දන ප්‍රහාරක බලකාය කියයි.

    මෙම මත්කුඩු ශ්‍රි ලංකාව තුළ හමුවු සහ අත්අඩංගුවට ගත් ප්‍රථම අවස්ථාව මෙය බවත්, මෙම මත්ද්‍රව්‍ය සමග මෙරට ජාවාරම සිදුකරන කෝටිපති ව්‍යාපාරිකයන් දෙදෙනකු හා ඔවුන්ට ආධාර අනුබල ලබා දීම සම්බන්ධයෙන් තිදෙනකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

    හදුනානොගත් මත්ද්‍රව්‍ය ජාවාරමක් සම්බන්ධයෙන් වලාන දුෂණ මර්දන ඒකකයට ලද තොරතුරකට අනුව විශේෂ පොලිස් කණ්ඩායමක් මොරටුවේ සමන්පුර පිහිටි කෝටිපති ව්‍යාපාරිකයකුගේ තෙමහල් නිවසක අද පෙරවරුවේ සිදුකළ වැටලීමකින් එම කෝටිපති ව්‍යාපාරිකයාගේ (29) හැවිරිදි පුතා මෙම මත්ද්‍රව්‍ය ඇසුරුම් කරමින් සිටියදි අත්අඩංගුවට ගත් බව උසස් පොලිස් නිලධාරියකු පැවසීය.

    එම අවස්ථාවේ සැකකරු සතුව ඉහත මත්ද්‍රව්‍ය ග්‍රෑම් 115 ක ප්‍රමාණයක් තිබී ඇත.

    එම සැකකරු ඉතා සුක්ෂම ලෙස සෙල්ලම්බඩු තුළට අසුරමින් සිටි බවද එම උසස් පොලිස් නිලධාරියා කීය. එම සැකකරුගෙන් හෙළි වු තොරතුරු අනුව මෙම මත්ද්‍රව්‍ය මෙරටට ගෙන්වන තවත් කෝටිපතිව්‍යාපාරිකයකු සම්බන්ධයෙන් තොරතුරු හෙළි වු බවත්, ඔහු අත්තිඩිය ප්‍රදේශයේ ඔහුගේ නිවසේ දී අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

    අත්තිඩියේ කෝටිපති ව්‍යාපාරිකයා (30) හැවිරිදි වියේ පසුවන බවත්, ඔහු බෝට්ටු හා බෝට්ටු එංජින් ව්‍යාපාර සිදුකරන බවත් ඔහුට මෙරට හා මාලදිවයිනේ ව්‍යාපාර රැසක් හිමි පුද්ගලයකු බවද පොලිසිට පවසයි.


    lankawe dana kuwerayan pawichchci karanawa kiyala dannawa lu, eth methek hamu nowu kudu lu
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,429
    100,395
    113
    අර වලහ ගෙනත් අමතක වෙලා දාල ගිය එකක් වෙන්න පුලුවන් හැබයි. අහින්සක මිනිස්සු අල්ලගත්තට.

    @monson අඩෝ මේවනෙ සන්වර්ධන නිව්ස්.

    උද්දමනය අඩුම අඩු වෙයි දැන් ලන්කාවෙත් ධනවතුන්ගේ මත්කුඩු විශේෂ
    ------ Post added on Jul 6, 2023 at 6:22 AM
     
    • Like
    Reactions: Cypress and NRTG

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    ව්‍යාපාරිකයට වයස 30, පුතාට 29. මුගෙ අම්මගෙ ළමයි හැදිල්ලක්නෙ ඒක.

    ඔන්න ලංකාවේ news 🖕🏼


    සමන්පුර පිහිටි කෝටිපති ව්‍යාපාරිකයකුගේ තෙමහල් නිවසක අද පෙරවරුවේ සිදුකළ වැටලීමකින් එම කෝටිපති ව්‍යාපාරිකයාගේ (29) හැවිරිදි පුතා.

    එම සැකකරුගෙන් හෙළි වු තොරතුරු අනුව මෙම මත්ද්‍රව්‍ය මෙරටට ගෙන්වන තවත් කෝටිපතිව්‍යාපාරිකයකු සම්බන්ධයෙන් තොරතුරු හෙළි වු බවත්, ඔහු අත්තිඩිය ප්‍රදේශයේ. අත්තිඩියේ කෝටිපති ව්‍යාපාරිකයා (30) හැවිරිදි වියේ පසුවන බවත්
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,774
    28,148
    113
    සමන්පුර පිහිටි කෝටිපති ව්‍යාපාරිකයකුගේ තෙමහල් නිවසක අද පෙරවරුවේ සිදුකළ වැටලීමකින් එම කෝටිපති ව්‍යාපාරිකයාගේ (29) හැවිරිදි පුතා.

    එම සැකකරුගෙන් හෙළි වු තොරතුරු අනුව මෙම මත්ද්‍රව්‍ය මෙරටට ගෙන්වන තවත් කෝටිපතිව්‍යාපාරිකයකු සම්බන්ධයෙන් තොරතුරු හෙළි වු බවත්, ඔහු අත්තිඩිය ප්‍රදේශයේ. අත්තිඩියේ කෝටිපති ව්‍යාපාරිකයා (30) හැවිරිදි වියේ පසුවන බවත්

    උට්ටො හරියට කියවපන්. :rofl:

    පේනවා නේද ලංකාවේ උන්ගෙ news කියවිල්ල. 😏
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,594
    86,945
    113
    ආශ්චර්යමත් රටක
    පේනවා නේද ලංකාවේ උන්ගෙ news කියවිල්ල. 😏

    ලියන එවුනුත් වැරදියි. ඔහේ දාන්නං වාලෙ වරහන් දාලා. වැරදියි. මොකටද දාන්නෙ කියලා කිසිම idea එකක් නෑ.
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,389
    8,554
    113
    රූකඩ රාජ්ජේ
    ව්‍යාපාරිකයට වයස 30, පුතාට 29. මුගෙ අම්මගෙ ළමයි හැදිල්ලක්නෙ ඒක.

    ඔන්න ලංකාවේ news 🖕🏼
    මොරටුවේ එකාගේ පුතාට තමා 29. අත්තිඩියේ එකාට තමා 30
     

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,622
    7,691
    113
    ව්‍යාපාරිකයට වයස 30, පුතාට 29. මුගෙ අම්මගෙ ළමයි හැදිල්ලක්නෙ ඒක.

    ඔන්න ලංකාවේ news 🖕🏼
    මේපාරවත් හරියට කතිරෙ ගහපන් තෝ වගේ උන් හින්ද තමයි මේ රටේ මිනිස්සු විදවන්නෙ..

    :nakiwesidancingapegota: