මෙය උපුටගැනීමකි. සම්පුර්ණ credit එක ඔහුට ලැබිය යුතුයි. වැදගත් කියල හිතුන නිසා දැම්මා. අයිතිකරු කිව්වොත් මම මේක අයින් කරන්නම්.
බොහොහොමයක් විදෙස් හෙදියන්, එක්සත් රාජධානියේ සේවය කරන ප්‍රධාන ආයතනය වන්නේ එක්සත් රාජධානියේ විශාලම සේවායෝජක ආයතනය වන ජාතික සෞඛ්‍ය සේවයයි (National Health Service - NHS). NHS සමග බොහොමයක් විදෙස් හෙදියන් වාර්ෂිකව එකතු වෙනවා වගේම තවමත් ඒ සඳහා ඉහල ඉල්ලුමක් තිබෙනවා. ඒ වගේම, NHS රැකියා සමග ලැබෙන ප්‍රතිලාභ පැකේජයත් බොහොම ආකර්ශනීයයි.
මගේ කලින් ලිපියක ලංකාවෙන් එංගලන්තයට ඇවිල්ලා ඉන්න බොහොම හොඳ නර්ස් නෝනා කෙනෙක් ගැන තිබුන සටහනත් එක්ක කිහිප දෙනෙක්ම මගෙන් අහලා තිබුනා, නර්ස් කෙනෙක් විදියට එංගලන්තයට එන නිවැරදි පාර මොකක්ද කියලා. ඒක ඉතිං මම දන්නා දෙයක් නෙවෙයි නේ. ඉතිං කලින් කියපු නර්ස් නෝනා හිටපු චෙස්ටර් නගරය අත හැරලා, අපි මැන්චෙස්ටර් නගරයට ආවනේ. එහෙම වුනත්, අපේ අලුත් ගෙදර අසල්වැසි පවුලේත් ඉන්නවා නර්ස් නෝනා කෙනෙක්. මේ නර්ස් නෝනත් කලින් නර්ස් නෝනා වගේම හරිම හොඳයි. හැබැයි එයා බූතාන් ජාතික කෙනෙක්. අපිට අලුත් ගෙදරට ආපු දවස දවස් හතරක පාස්කු නිවාඩුවේ පලවෙනි දවස නිසා, විදුලි සම්බන්ධතාවය ගන්න ටිකක් වෙලා ගියා. අපට විදුලිය ලබාගන්න කල්, අපිව එයාගේ ගෙදර උණුසුම්ව ඉන්නත්, විදුලි සම්බන්ධය ඉක්මනින් ලබාගන්නත් උදව් කළා විතරක් නෙවෙයි, අපිට පළවෙනි දවසෙම ප්‍රණීත රාත්‍රී ආහාරයකිනුත් සංග්‍රහ කළා. එදා එයාගේ තවත් යාලු නර්ස් නෝනා කෙනෙක් ඇවිල්ලා හිටියා. එයත් අසල්වැසි ඉන්දියාවේ කේරල ප්‍රාන්තයෙන් ආපු කෙනෙක්. අපි මෙහෙට ආපු දවසට දවස් දෙකකට පස්සේ තමයි එයාට එයාගේ ස්වාමිපුරුෂයාව මෙහෙට ගෙන්නගන්න පුළුවන් වුනේ. එයා ටිබෙට් ජාතියෙක්. දෙන්නා හම්බෙලා තියෙන්නේ ඉන්දියාවේ උසස් අධ්‍යාපනය කරන කාලේ ලු. ඉතිං එයාගේ ක්වරන්ටයින් සතිය ඉවර කරපු එක සමරන්නත් එක්ක අපි රාත්‍රී එයාලට රාත්‍රී භෝජනයකට අරාධනා කළා.
දවස් කීපයක්ම දකුණු ආසියාව, ආහාර, ඉංග්‍රීසි ජාතිකයන්ගේ ස්වභාවය, කොරෝනා වගේ මාතෘකා කතා කරලා ඉවර කරපු නිසාත්, ටිබෙටය, බූතානය කියන්නේ ලංකාව වගේම බෞද්ධ අභාෂය මත ගොඩනැගුන බොදු සමාජයක් නිසාත්, අපි ඊයේ වැඩි හරියක් කතා කලේ බුදු දහමේ හර පද්ධතිය ගැන. තදින්ම පස් පවෙන් වැළකිලා ඉන්න කෙනෙක් විදියට මම, දැනට වසර දහයකට විතර කලින් ක්‍රමයෙන් නිරාගමිකයෙක් බවට පත් වුනේ, බෞද්ධයන්ගේ ඇති ව්‍යාජ බව සහ බොරු භක්තිය නිසා ආගම ගැන කලකිරුන නිසා. නමුත් මම බෞද්ධ දර්ශනයෙන් ජිවිතයට ලබාගත්ත දේවල් වලින් ගොඩක් ලොකු තෘප්තියක් ලබනවා. සියල්ල දෙස මැදිහත් සිතින් බලන්නත්, සිත නිරවුල්ව තබාගැනීම පිණිස පස් පවෙන් වැලකෙන්නත් තිබුන පුරුද්ද මට තවම අත හරින්න බැහැ. ලංකාවේ මම වගේම බෞද්ධයන්ව සිට නිරාගමිකයන් බවට පත් වුන අයගේ ෆේස්බුක් සමූහ වල නිතර හාස්‍යට ලක් කෙරෙන බෞද්ධ විශ්වාස වලට අත්වැලක් වෙන, ලංකාවේ අපි විශ්වාස නොකරන විදියේ අමුතු විශ්වාස කිහිපයක් ගැන කිව්වා මාවත් හොල්මන් වෙලා යන්න. දෙන්නෙක්ම එකට ඒ ගැන විස්තර කියපු නිසා මට තේරුණා ලංකාවේ නැති, ඒ රටවල තියන බෞද්ධ විශ්වාස තියනවා කියන එකත්. ඒ ගැන වෙනම ලිපියකින් කියන්නම්.
මම ලියපු එකක් කියවනවා නම්, මගේ විකාරත් කියවන්න වෙනවා ඉතින්. ඒ ටික පැත්තකින් තියමුකෝ, ඔයිට අමතරව අපි කතා කළා විදෙස් රටවලින් මෙහෙට nurse කෙනෙක් විදියට එන්නේ කොහොමද, ඒකෙ තියන වාසි මොනවද, අවාසි මොනවද, එයාලට තියෙන්නේ කොහොම තැනක්ද කියන එක ගැනත් කතා කරන්න. ඉතිං එයාලගේ අදහස අනුව, ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත්‍රයට තමා දකුණු ආසියාවේ ඉහලම පිළිගැනීමක් තියෙන්නේ. ඉන්දියාවේ, භුතානේ නර්ස්ලා දෙන්නම එක හඩින් ඒක පිලිගන්නවා ඒ රටවලට වඩා සෞඛ්‍ය සේවාවේ වගේම අධ්‍යාපනය සහ පුහුණුව අතිනුත් ලංකාව බොහොම ඉදිරියෙන් ඉන්නේ කියලා. එහෙම කිව්වේ ඇයි කියන එක නම් අහගන්න බැරි වුනා. නමුත්, ලංකාවෙන් බොහොම අඩුවෙන් තමයි මේ රටට නර්ස්ලා එන්නේ කියන එක ගැන නම් පැහැදිලියි.
බ්‍රිතාන්‍ය යුරෝපියන් හවුලෙන් ඉවත් වීම (Brexit) තුල යුරෝපියන් රටවලටත් වඩා, බ්‍රිතාන්‍ය යටත් විජිත විදියට තිබුන රටවල් එක් කිරීමේ අරමුණෙන් පිහිටවපු පොදු රාජ්‍ය මණ්ඩලයට අදාළ රටවල් වලට එහෙම නැත්තන්, කොමන් වෙල්ත් රටවල් (Common Wealth Countries) වලට එක්සත් රාජධානිය තුල අමුතුම තැනක් තියනවා. උදාහරණයකට, බොහොමයක් රජයේ රැකියා වලට ඇතුල් වෙන්න පුළුවන්, ඡන්දය පාවිච්චි කරන්න පුළුවන්, කුමන හෝ හේතුවක් යටතේ එංගලන්තයේ වසර දහයක් රැඳී සිටියොත්, අනිවාර්ය ස්ථිර පුරවැසි බව ලැබෙනවා. යුරෝපියන් හවුලෙන් ඉවත් වීමෙන් පසු මේ දේවල් අපිට තරමක වාසියක් දෙනවා. මොකද කලින් වගේ යුරෝපිය ජාතිකයන්ට පහසුවෙන් බ්‍රිතාන්‍ය තුල රැකියාවකට එන්න බහ. ඉතින්, නර්ස් කෙනෙක් විදියට ලංකාවෙන් එන කෙනෙකුටත් මේ දේවල් අදාලයි. එංගලන්තයේ විතරක් නෙවෙයි, වේල්සය, ස්කොට්ලන්තය හෝ උතුරු අයර්ලන්තය තුල හෙද හෝ පවුල් සෞඛ්‍ය සේවයේ නියැලෙන්න පුළුවන්. ඒ වගේම වසර 5ක් work visa එකක ඉන්න ඕනෑම කෙනෙකුට ස්ථිර පුරවැසි භාවය ලැබෙනවා.
මූලික සුදුසුකම් මොනවද? නර්ස් කෙනෙක් විදියට එක්සත් රාජධානියට එන්න නම් පුර්ණ සුදුසුකම් ලත් නර්ස් කෙනෙක් වෙන්න ඕන. ඒ කියන්නේ, හෙද සේවයේ උපාධියක් සහ වසරක අවම පුහුණුවක් තියෙන්න ඕන. ඊට අමතරව ඉංග්‍රීසි භාෂාව සම්භන්ධයෙන් සමත් කමක් තියෙන්න ඕන. මේක IELTs (International English Language Testing System) හෝ OET (Occupational English Test) විභාගයක් සමත් වීමෙන් පෙන්නන්න පුළුවන්. IELTS Academic ගන්නවා නම්, කියවීම, සවන්දීම සහ කථනය ට 7.0කුත් ලිවීමට 6.5ක අවම අගයකුත් තියෙන්න ඕන. නමුත් මේ තරම් ඉහල ලකුණක් ගන්න එක බොහොමයක් විට නර්ස් කෙනෙකුට පහසු වෙන්නේ නැහැ. ඉතින් වියදම ටිකක් වැඩි වුනත්, IELTs General වලින් 4.5ක අවම සීමාවක් එක්ක OET exam එක B+ එකක් අරගෙන සමත් වෙන එක තමයි ලේසියි කියන්නේ. OET කියන්නේ සෞඛ්‍ය අංශයේ අයටම තියන exam එකක්. ඔස්ට්‍රේලියාව, නව සීලන්තය වගේ රටවල හෙද සේවාව ඇතුළු තවත් රැකියා වර්ග 12කට පමණ ඉංග්‍රීසි සුදුසුකම් සපුරාලන්න පුළුවන් විභාගයක්. වසර 3, 4ක ඉඳලා එක්සත් රාජධානියත් මෙම විභාගයේ ප්‍රථිපල පිලිගන්නවා. ITELTS exam නම් ලංකාවේ British Council, BMICH, ACBT වගේ ගොඩක් තැන් වල ලියන්න පුළුවන්. OET exam ලියන්න නම් ලංකාවේ තියෙන්නේ ACBT එකේ විතරයි කියලා අදාළ website එකේ තියනවා.
මූලික සුදුසුකම් සපුරගත්තට පස්සේ, Nursing and Midwifery Council (NMC) එකේ ලියාපදිංචි වෙලා එමගින් පවත්වන නිපුණතා පරීක්ෂණයට (Test of Competence/ToC) මුහුණ දෙන්න වෙනවා. මේ ToC එකේ ආකෘතිය 2021 අගෝස්තු ඉඳලා වෙනස් වෙනවා කියලා NMC website එකේ තියනවා. මේ නිපුණතා පරීක්ෂණය ප්‍රධාන වශයෙන් කොටස් දෙකකින් සමන්විතයි. පළමුවැන්න පරිගණක ආශ්‍රිත පරීක්ෂණයක් (computer based test/CBT). දෙවැන්න සායනික පරීක්ෂණයක් (Objective Structured Clinical Examination/OSCE). මේ දෙකම සම්පුර්ණ කලාට පස්සේ තමයි NMC එකෙන් පුද්ගල හැඳුනුම් අංකයක් (Personal Identification Number/PIN) ලැබෙන්නේ. පහලම තියන NMC පිටු දෙක ඔස්සේ ගිහින්, හොඳට කියවලා බලලා අදාළ කරුණු තහවුරු කරගන්න.
Pearson ආයතනය හරහා පවත්වන මේ පරිගණක ආශ්‍රිත (CBT) පරීක්ෂණයට මුහුණ දෙන්න නම්, ලංකාවේ එකම එක විභාග මධ්‍යස්ථානයක් තමයි තියෙන්නේ. ඒක තියෙන්නේ දෙහිවල කියලා තියනවා pearson VUE website එකේ.
Knowledge Merchandising (PVT) (LTD)
28 Galle Road , Mount Lavinia
Western Province, Colombo
10370
Sri Lanka
මේ CBT එක පැය 4ක කාලයකදී බහුවරණ 120කට මුහුණ දෙන්න තියන විභාගයක්. පළමු කොටස සංඛ්‍යා සම්බන්ධ බුද්ධි පරීක්ෂණයක්, දෙවැනි කොටස හෙද සේවාවේ න්‍යායාත්මක දැණුම පරික්ෂා කරන ගැටළු තියෙන්නේ.
CBT exam එක කරලා, අදාළ අනෙකුත් ලියකියවිලි NMC එකට submit කලාට පස්සේ මාස දෙකක් ඇතුලත පිළිතුරක් තැපෑලෙන් ලැබෙනවා. එකත් එක්ක, NHS Trust එකට අදාල ලියකියවිලි ඉදිරිපත් කරලා, Certificate of Sponsorship (COS) එක ලබාගන්න ඕනේ. මොකද work visa එකක් ගන්න සේවායෝජකයෙක් sponsor කරන්නම ඕන.
ඊට පස්සේ Visa apply කරලා, visa ලැබුනට පස්සේ flight book කරලා එක්සත් රාජධානියට එන්න ඕන. එතනින් පස්සේ තමයි NHS Trust එකෙන් ඔයාව OSCE එකට පුහුණු කරන්නේ. පුහුණුවෙන් පස්සේ OSCE එක පාස් වෙන්න ඕන. නොවුනොත්, තව පාරක් උත්සහ කරන්න පුළුවන්. 97%ක් පමණ සමත් වෙනවා කියලා තමයි කියන්නේ. එහෙම පාස් වෙන්න බැරි වුනොත්, ආපහු අකුලාගෙන යන්න වෙනවා. ඒ නිසා ඒකත් සමත් වෙනකල් පවුලේ අනිත් අයව මෙහෙට ගෙන්නගන්නේ නැතුව හිටියොත් තමයි හොඳ.
මම දන්නෙම නැති දෙයක් ගැන ලිව්වේ. අඩුපාඩු තියෙන්න පුළුවන්. ඒ නිසා මේ link වලට ගිහින් බලන්න.
Pearson VUE for CBT:
https://home.pearsonvue.com/nmc
NMC Registration:
www.nmc.org.uk/registration/joining-the-register/
NMC ToC:
www.nmc.org.uk/toc
ලිව්වේ