Copied..
“
සාමාන්‍යයෙන් මිනිස්සුන්ට කෙලවෙනකොට සතුටු හිතෙන්නෙ නෑ... හැබැයි මේ බස් කාරයන්ට කෙලවෙනවා දකිනකොට නම් පුදුම සතුටක් දැනෙන්නෙ...

වැඩිය කතාබහට ලක්නොවන දෙයක් වුණාට, ලංකාවේ මිනිස්සුන්ගෙ මානසික සෞඛ්‍යයට සහ productivity එකට මේ බස්කාරයො නිසා සෑහෙන ලොකු බලපෑමක් වෙනවා කියලා මං හිතනවා...
ලංකාවේ ශ්‍රම බලකායට අයිති මිනිස්සුන්ගෙන් අති බහුතරයක් උදේ හවස වැඩට යන්නෙ බස්වල... ඊළඟට පාසල් සහ විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ගෙන් අති බහුතරයක් යන්නෙත් බස්වල...
හැබැයි ජීවිතේ එකපාරක් හරි උදේ පාන්දර හාහාපුරා කියලා කොන්දොස්තරගෙන් බැනුම් අහන්නැතුව හෝ කොන්දොස්තර එක්ක රණ්ඩු නොවී තමන්ගෙ ගමනාන්තෙට ගිය එකම එක මිනිහෙක්වත්, ඔය කණ්ඩායම් තුනේම නෑ කියලා කැට තියලා කියන්න පුළුවන්...
බස් එකට නගින්න බහින්න හදද්දි බස් එක ඇද්දීම නිසා මිනිස්සු (විශේෂයෙන්ම මැදි වයසෙ කාන්තාවන්) බස් එකෙන් වැටෙන්න යන සිදුවීම්, ඊළඟට ඒ මිනිස්සු බස් එක ඈතට නොපෙනි යනකම් පාර අයිනෙ ඉඳන් කෑ ගගහා හෙණ ඉල්ලීම්, සල්ලි දෙන්න පරක්කු වීම, මාරු සල්ලි නොදීම, කරේ එල්ලන් ඉන්න බෑග් එක ලොකු වැඩි වීම වගේ හේතු හින්දා මිනිස්සු කොන්දොස්තරලාගෙන් කුණු බැනුම් අහන සිදුවීම්, හිමිහිට වෙවුල වෙවුල බස් එකට ගොඩවීම නිසා මහළු පුද්ගලයින්ට කොන්දොස්තරලා සත්තුන්ට වගේ කරන ඇමතීම්, කොන්දොස්තරලගෙ බැනුම් ඉස්සරහ ඉස්කෝලෙ යන පොඩි උන්ගෙ සහ වැඩට යන ගෑණුලමයින්ගෙ මූණු අඬන්න ඔන්න මෙන්න ගාණට බෙරිවීම් කියන්නෙ උදේ හවස බස්වල යන උන්ට බඩේ බත් ගාණට දකින්න ලැබෙන ඉතා සාමාන්‍ය දේවල්...
මේ දේවල් නිසා මිනිස්සුන්ගෙ මානසික සෞඛ්‍යයට වෙන බලපෑම කොච්චරක් ද කියන එක ගැන අපි කවදාවත් කතා කරලා නෑ...
උදේ පාන්දරම රණ්ඩුවකට පැටළුණොත් හරි බැණුම් අහන්න සිදුවුණොත් හරි, මනුස්සයෙකුගෙ මුළු මූඩ් එකම අවුල් යනවා... ඒ මනුස්සයා ඔෆිස් එකට එන්නෙ, ඉස්කෝලෙට එන්නෙ කේන්තියෙන් පැසව පැසව... දවස පුරාම මතක් වෙන්නෙ ඒක... එදා දවස ඇතුළෙ ඒ මනුස්සයා කරන, කියන, හිතන හැමදේකටම ඒක බලපානවා...
ඔව් විදියට උදේ පාන්දර බස් රියදුරන් හා කොන්දොස්තරලා එක්ක රණ්ඩුවල පැටලීමෙන් වෙච්චි මානසික බලපෑම නිසා මේ රටේ මිනිස්සු කී දෙනෙක් එදා දවසෙ යෙදිලා තිබ්බ වැඩ අවුල් කරගෙන ඇද්ද? මීටින් අවුල් කරගෙන ඇද්ද? විභාග අවුල් කරගෙන ඇද්ද? ප්‍රොජෙක්ට් අවුල් කරගෙන ඇද්ද? ප්‍රසන්ටේෂන් අවුල් කරගෙන ඇද්ද?
අනිත් පැත්තට බස් කොන්දොස්තර කෙනෙක් වෙන්න මනුස්සයෙකුට කිසිම සුදුසුකමක්, විශේෂ දක්ෂතාවයක්, හැකියාවක්, කැපවීමක් හෝ පුහුණුවක් අවශ්‍ය වෙන්නෙ නෑ... බෝක්කුවක් උඩට වෙලා, විටක් හප හප, පාරෙ යන කෙල්ලන්ට කුණුහරප කිය කිය ඉන්න එකෙක්ට උනත් ග්‍රාමසේවකගෙන් චරිත සහතිකයක් අරන් ගිහින් කොන්දොස්තර කෙනෙක් වෙන්න පුළුවන්... උන්ට මිනිස්සු එක්ක ගනුදෙනු කිරීම, මිනිස්සු හැසිරවීම ගැන සතපහක අවබෝධයක් නෑ... ඒ වගේම ඌ කොච්චර අවුල් විදිහට රස්සාව කළත්, කවුරුත් ඌව රස්සාවෙන් අස් කරන්නෙත් නෑ... හැබැයි රටේ අනෙක් හැම ක්ෂේත්‍රයකම ඉන්න මිනිස්සුන්ගෙ අසතුටට, කේන්තියට සහ මානසික පීඩනයට සැලකිය යුතු බලපෑමක් කරන්න කොන්දොස්තර කෙනෙකුට පුළුවන්...
ඒ නිසා 'බස්කාරයො' මර්දනය කරන වැඩේ අත්‍යාවශ්‍යයෙන්ම විය යුතුයි සහ ඒකට බොක්කෙන්ම සප් එක දෙනවා...
මොකද 'බස්කාරයො' එලවන බස්වල නැගලා රණ්ඩු වෙවී, ජීවිතේ පරදුවට තියලා උදේ හවස ගමන් යනවා වෙනුවට, වෘත්තීමය 'බස් රියදුරුවරු' සහ 'කොන්දොස්තරවරු' ඉන්න බස් එකක නිදහසේ, ආරක්ෂිතව ගමනක් බිමනක් යන්න අපිත් ආසයි...
“