අලුත් පරපුරේ හීන.... බක් පික්කො එඩිසන්,

ruchira55

Well-known member
  • Mar 23, 2012
    40,011
    40,929
    113
    යකෝ මගී ප්‍රවාහන බස් තියෙන්නෙ මගීන් ප්‍රවාහනයට මිසක් තොරන් ප්‍රදර්ශනයට නෙමේ. ඕව කාරාට කමක් නෑ මගී ප්‍රවාහනයට දෙන්නෙ නැතිව, ලොරියට දාගෙන ඇවිත් ශෝ වලට විතරක්.
    දම් රැජිනි එකේ නැගලා ගමනක් යන එක මගේ ලයිෆ් ගෝල් එකක්. මම වගේ අය තව කොච්චර ඉන්නව ඇතිද? කොල්ලොන්ගෙ හීන නැති කරලා දාන්න එපා බන්. අපිව ජීවත්කරවන්නෙ හීන. මේ වීල් රස්සාවට බායි කියලා කවදා හරි බස් එකක් අරන් කෝටිපතියෙක් වෙන එක තමයි මගේ ටාගට් එක.
     

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    දම් රැජිනි එකේ නැගලා ගමනක් යන එක මගේ ලයිෆ් ගෝල් එකක්. මම වගේ අය තව කොච්චර ඉන්නව ඇතිද? කොල්ලොන්ගෙ හීන නැති කරලා දාන්න එපා බන්. අපිව ජීවත්කරවන්නෙ හීන. මේ වීල් රස්සාවට බායි කියලා කවදා හරි බස් එකක් අරන් කෝටිපතියෙක් වෙන එක තමයි මගේ ටාගට් එක.
    අනිවා මචං... උදේම ඩෑශ් බෝඩ් එක උඩ තියන පිලිමෙට නෙලුම් මල් වට්ටියක් තියලා මමත් ප්‍රාර්තනා කරන්නේ රෝද තුන් දෙකෙන් වැඩි වෙලා දම් රැජිනකගේ පහස ලබන්න පුලුවන් වෙන්න කියලා...

    යකඩ හීන...:love::love::love:
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,011
    40,929
    113
    අනිවා මචං... උදේම ඩෑශ් බෝඩ් එක උඩ තියන පිලිමෙට නෙලුම් මල් වට්ටියක් තියලා මමත් ප්‍රාර්තනා කරන්නේ රෝද තුන් දෙකෙන් වැඩි වෙලා දම් රැජිනකගේ පහස ලබන්න පුලුවන් වෙන්න කියලා...

    යකඩ හීන...:love::love::love:
    evil-smile-jack-nicholson.gif
     

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,121
    113
    Erozan's Mom's room
    මේ රට හදන්න බෑ...
    ඔයිට වඩා කොච්චර ප්‍රශ්න තියනවද විසදනවා නම්...
    පොඩි මිනිහටම තමයි කරදර කරන්නේ...
    බුදු පිලිම ගලවන්නේ ආගම අබිං හින්දා...
    ඔක්කොටම කලින් මිනිස්සු දැනුවත් කරන්න ඕන නීතිය ක්‍රියත්මක කරල හරි යන්නෙ නෑ එක පාරම...
    එක එක මිනිස්සු හැදිලා රට හැදෙන්නේ නෑ දැඩි නීති ගේන්න ඕන...
    මේවා කරන්නේ නොහැකියාව වහ ගන්න...



    රනිල්ගේ ගල්කොල්ලෝ ඔක්කොම බස් කාරයෝද මන්දා බන්. බස්වල තියෙන යකඩ බටයි ඇතුලේ තියෙන සැරසිලි ටිකයි ගලවපන් කිව්වම ඒකටත් බයිනවා ආණ්ඩුවට. මුන් මානසික ලෙඩ්ඩුද මන්දා




    z624slC.jpeg
     

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    රනිල්ගේ ගල්කොල්ලෝ ඔක්කොම බස් කාරයෝද මන්දා බන්. බස්වල තියෙන යකඩ බටයි ඇතුලේ තියෙන සැරසිලි ටිකයි ගලවපන් කිව්වම ඒකටත් බයිනවා ආණ්ඩුවට. මුන් මානසික ලෙඩ්ඩුද මන්දා



    z624slC.jpeg
    සොප්ටෙයාර් ඉන්ජිනේරුවෝ කිය කිය හිටියට ඉතින් රු 5000 ට කඩේ යන්නේ බ්ක් පික්කො තමයි... වෙන මොකට විරුද්ද උනත් මොකාටද කියපන් ඕකට විරුද්ද වෙන්න පුලුවන් වෙන...
     

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,121
    113
    Erozan's Mom's room
    සොප්ටෙයාර් ඉන්ජිනේරුවෝ කිය කිය හිටියට ඉතින් රු 5000 ට කඩේ යන්නේ බ්ක් පික්කො තමයි... වෙන මොකට විරුද්ද උනත් මොකාටද කියපන් ඕකට විරුද්ද වෙන්න පුලුවන් වෙන...


    පිටරට කොලිටියට ස්ටෑන්ඩඩ් එන්නත් ඕනේ සැරසිලි ටිකයි බට ටිකයි තියෙන්ඩත් ඕනේ. රනිල් ඉන්ඩත් ඕනේ. 😂
     

    gevin.456

    Well-known member
  • May 11, 2017
    1,921
    1,797
    113
    Copied..


    සාමාන්‍යයෙන් මිනිස්සුන්ට කෙලවෙනකොට සතුටු හිතෙන්නෙ නෑ... හැබැයි මේ බස් කාරයන්ට කෙලවෙනවා දකිනකොට නම් පුදුම සතුටක් දැනෙන්නෙ... 😼😼

    වැඩිය කතාබහට ලක්නොවන දෙයක් වුණාට, ලංකාවේ මිනිස්සුන්ගෙ මානසික සෞඛ්‍යයට සහ productivity එකට මේ බස්කාරයො නිසා සෑහෙන ලොකු බලපෑමක් වෙනවා කියලා මං හිතනවා...

    ලංකාවේ ශ්‍රම බලකායට අයිති මිනිස්සුන්ගෙන් අති බහුතරයක් උදේ හවස වැඩට යන්නෙ බස්වල... ඊළඟට පාසල් සහ විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ගෙන් අති බහුතරයක් යන්නෙත් බස්වල...

    හැබැයි ජීවිතේ එකපාරක් හරි උදේ පාන්දර හාහාපුරා කියලා කොන්දොස්තරගෙන් බැනුම් අහන්නැතුව හෝ කොන්දොස්තර එක්ක රණ්ඩු නොවී තමන්ගෙ ගමනාන්තෙට ගිය එකම එක මිනිහෙක්වත්, ඔය කණ්ඩායම් තුනේම නෑ කියලා කැට තියලා කියන්න පුළුවන්...

    බස් එකට නගින්න බහින්න හදද්දි බස් එක ඇද්දීම නිසා මිනිස්සු (විශේෂයෙන්ම මැදි වයසෙ කාන්තාවන්) බස් එකෙන් වැටෙන්න යන සිදුවීම්, ඊළඟට ඒ මිනිස්සු බස් එක ඈතට නොපෙනි යනකම් පාර අයිනෙ ඉඳන් කෑ ගගහා හෙණ ඉල්ලීම්, සල්ලි දෙන්න පරක්කු වීම, මාරු සල්ලි නොදීම, කරේ එල්ලන් ඉන්න බෑග් එක ලොකු වැඩි වීම වගේ හේතු හින්දා මිනිස්සු කොන්දොස්තරලාගෙන් කුණු බැනුම් අහන සිදුවීම්, හිමිහිට වෙවුල වෙවුල බස් එකට ගොඩවීම නිසා මහළු පුද්ගලයින්ට කොන්දොස්තරලා සත්තුන්ට වගේ කරන ඇමතීම්, කොන්දොස්තරලගෙ බැනුම් ඉස්සරහ ඉස්කෝලෙ යන පොඩි උන්ගෙ සහ වැඩට යන ගෑණුලමයින්ගෙ මූණු අඬන්න ඔන්න මෙන්න ගාණට බෙරිවීම් කියන්නෙ උදේ හවස බස්වල යන උන්ට බඩේ බත් ගාණට දකින්න ලැබෙන ඉතා සාමාන්‍ය දේවල්...

    මේ දේවල් නිසා මිනිස්සුන්ගෙ මානසික සෞඛ්‍යයට වෙන බලපෑම කොච්චරක් ද කියන එක ගැන අපි කවදාවත් කතා කරලා නෑ...

    උදේ පාන්දරම රණ්ඩුවකට පැටළුණොත් හරි බැණුම් අහන්න සිදුවුණොත් හරි, මනුස්සයෙකුගෙ මුළු මූඩ් එකම අවුල් යනවා... ඒ මනුස්සයා ඔෆිස් එකට එන්නෙ, ඉස්කෝලෙට එන්නෙ කේන්තියෙන් පැසව පැසව... දවස පුරාම මතක් වෙන්නෙ ඒක... එදා දවස ඇතුළෙ ඒ මනුස්සයා කරන, කියන, හිතන හැමදේකටම ඒක බලපානවා...

    ඔව් විදියට උදේ පාන්දර බස් රි‍යදුරන් හා කොන්දොස්තරලා එක්ක රණ්ඩුවල පැටලීමෙන් වෙච්චි මානසික බලපෑම නිසා මේ රටේ මිනිස්සු කී දෙනෙක් එදා දවසෙ යෙදිලා තිබ්බ වැඩ අවුල් කරගෙන ඇද්ද? මීටින් අවුල් කරගෙන ඇද්ද? විභාග අවුල් කරගෙන ඇද්ද? ප්‍රොජෙක්ට් අවුල් කරගෙන ඇද්ද? ප්‍රසන්ටේෂන් අවුල් කරගෙන ඇද්ද?

    අනිත් පැත්තට බස් කොන්දොස්තර කෙනෙක් වෙන්න මනුස්සයෙකුට කිසිම සුදුසුකමක්, විශේෂ දක්ෂතාවයක්, හැකියාවක්, කැපවීමක් හෝ පුහුණුවක් අවශ්‍ය වෙන්නෙ නෑ... බෝක්කුවක් උඩට වෙලා, විටක් හප හප, පාරෙ යන කෙල්ලන්ට කුණුහරප කිය කිය ඉන්න එකෙක්ට උනත් ග්‍රාමසේවකගෙන් චරිත සහතිකයක් අරන් ගිහින් කොන්දොස්තර කෙනෙක් වෙන්න පුළුවන්... උන්ට මිනිස්සු එක්ක ගනුදෙනු කිරීම, මිනිස්සු හැසිරවීම ගැන සතපහක අවබෝධයක් නෑ... ඒ වගේම ඌ කොච්චර අවුල් විදිහට රස්සාව කළත්, කවුරුත් ඌව රස්සාවෙන් අස් කරන්නෙත් නෑ... හැබැයි රටේ අනෙක් හැම ක්ෂේත්‍රයකම ඉන්න මිනිස්සුන්ගෙ අසතුටට, කේන්තියට සහ මානසික පීඩනයට සැලකිය යුතු බලපෑමක් කරන්න කොන්දොස්තර කෙනෙකුට පුළුවන්...

    ඒ නිසා 'බස්කාරයො' මර්දනය කරන වැඩේ අත්‍යාවශ්‍යයෙන්ම විය යුතුයි සහ ඒකට බොක්කෙන්ම සප් එක දෙනවා...

    මොකද 'බස්කාරයො' එලවන බස්වල නැගලා රණ්ඩු වෙවී, ජීවිතේ පරදුවට තියලා උදේ හවස ගමන් යනවා වෙනුවට, වෘත්තීමය 'බස් රියදුරුවරු' සහ 'කොන්දොස්තරවරු' ඉන්න බස් එකක නිදහසේ, ආරක්ෂිතව ගමනක් බිමනක් යන්න අපිත් ආසයි...
    ambalangoda katha neda ,
     

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,915
    3,115
    113
    colombo
    බලපන්කො ගැම්ම..
    ..
    ..
    එලකිරි එකෙත් බක් පික්කන් කීප දෙනෙක් වාසියට මතු වෙමින් තිබෙන කාලයක, බක් පික්කන් උපහාර උදෙසා..



    තව ක්ලිප් හම්බුනාම අප්ඩෙට් එකක් දාන්නම්,,


    තොරනේ පිටිපස්සෙ ටෙච්නොලිගි එක

    ඕවාට සල්ලි වියදම් කරන එකේ ලොජික් එක මොකද්ද ?

    ඔහොම තොරණ වගේ තිබ්බාම මිනිස්සු අනෙක් බස් වල යන්නේ නැතුව ඕවා වල යනවාද