ඇයි බන් උබ උබේ මතයට විරුද්ද වෙනකොට වේදනාවේ සලකුණු කියලා ඔච්චර කෑගහන්නේ.
උබට තේරුම් ගැනීමේ ප්‍රශ්නයකුත් තියෙනවා වගේ. මම "බිබිසි වගේ සයිට්ස්" කිව්වම උබ කියනවා ෆොක්ස් නිව්ස් එකෙත් තියෙනවා කියලා.
මට මතක විදියටනම් උබ තමයි මුලුන්ම බයියෝ කියලා කිව්වේ.. පොඩ්ඩක් බලපන් මතකද කියලා.
අනික මම දන්නවා උබ ඉන්නේ කොළබ කෙසේවෙතත් කොළබදිස්ත්රිකයේ කියලා. දැන්නම් මට කොහොමත් පැහැදිලියි උබ පොෂ් වෙන්න දගලන එකෙක් කියන එක.
උබ කොහොමද බන් මම සෙල්ෆි පොෂ් බයියෙක් කියලා කියන්නේ. මම උබගේ මතයට විරුද්ද හින්දද ?
තරහ වෙන්න එපා හොඳේ. මම පලවෙනි post එකේ හැරෙන්න අනිත් ඒවායේ කතා කරේ උබ කව්ද කියලා හොදට දැනගෙන. ලගදි ඉස්කෝලෙන් අවුට් වෙච්ච එකෙක් මට පුතා කියනකොට හිනා යනවා බන්
මතයට විරුද්ද වෙන්න මෙතන මතයක් තියෙන්න එපැයි .මේක මතයක් නෙමේ මේක තමා ගොඩක් අය අකමැති (මමත් ඇතුළුව ) යථාර්තය .ඒ කිව්වේ උදාරරණයක් ලෙස මෙහෙම ගමු .
මම සෙල්ෆි වලට විරුද්ධ නැහැ .මම සෙල්ෆි අරගත්තේ ෆෝන්ස් වල ටැබ් වල ෆ්‍රොන්ට් කැම් එක එන්න කලින් .මන් විතරක් නෙමේ එහෙම ගත්ත ගොඩාක් අය මෙකේ ඇති .හැබැයි එහෙම ගද්දි ඒ කාලේ ඒකට කියන්නේ සෙල්ෆි කියලා දැනන් හිටියේ නැහැ .ගත්තත් ගත්තේ බයෙන් බයෙන් වගේ වට පිට බලලා .මොකද අනික් උන් නෝන්ඩි කරයි කියලා .ඔය සෙල්ෆි කියන වචනේ ටිකක් ෆේමස් වෙන්න ගත්තේ මේ ලඟකදි ඉඳන් ඒ කිව්වේ 2013 -2014 කාලේ වගේ .ඒ වගේම ඔය ගෲප් සෙල්ෆි ෆේමස් වුනේ වැඩි හරියක්ම ගියපාර ඔස්කාර් සම්මාන උළෙලෙ බ්රැඩ්ලි කූපර් සෙට් එකක් එක්ක ගත්ත ගෲප් සෙල්ෆියක් ඔය වගේම සෝෂල් මීඩියාස් වල විරාල් උනායින් පස්සේ .
දැන් ඒක නෙමේ කතාව .මේ සෙල්ෆි කියන සංකල්පය කොච්චර නරක අතට හැරිලද කිව්වොත් මනෝ වෛද්‍යවරු පවා විශ්ලේෂණය කරලා තියෙනවා මේ සෙල්ෆි ගන්නේ වැඩියෙන් ආත්ම රාගි ,මනෝව්‍යාධියෙන් පෙළෙන අය කියලා .
ඒත් අපේ සමහරක් ට අනුව සෙල්ෆි එකක් ගත්තෙ නැත්තම් අපිට ලොකේ ඉස්සරහට යන්න බැහැ ළු .අන්න ඒ ගොබ්බ කමේ අවුල වටහලා දෙන්න සහ එම අවුල කොච්චර නරකට හැරෙයිද කියන එක අඟවන්න තේරුම් කරවන්න ගත්ත එක උත්සහයක් මිසක් පොරක් වෙන්න දාපු එකක් නෙමේ .ඒ කිව්වේ මෙවැනි සෝෂල් මීඩියාස් හරහා තමන් හර සැබෑ ලෝකය තුළ ලඟාකර ගත නොහකි ඇතැම් ආසාවන් වර්චුවල් ලෝකය තුළ යථාර්තයක් බවට පත් කරගන්න යැමේදි ඇතිවන සංකූල තාව පෙන්වන්නයි මට ඕන උනේ .මේක විතරක් නෙමේ මම මෙයිට වඩා එව්ව මීට කලින් දාලා තියෙනවා .
මට පොරක් වෙන්න ඕනේ නම් නැහැ .මොකද ෆේස්බුක් එකේ පොරක් වෙන්න නම් ඉතිං ඔය කිව්ව වගේ සෙල්ෆි අරගෙන තමන් කන බොන එක අප්ලෝඩ් කර කර ස්ටේටස් ද්දා හිටියානම් සමහරු අතරේ මමත් එක්තරා විදියක පොරක් .
උඹ දන්නවද දන්නේ නැහැ මේ ලඟදි මේ එළකිරි එකේ හැකර් ටී කියන එකා මම ෆේස්බුක් එකේ ලියපු නිකොලා ටෙස්ලා ගැන ආර්ටිකල් එක ගෙඩිපිටින් මෙකේ ත්‍රෙඩ් එකක් දැම්මා. අන්න ඒකේ මගේ නම තියෙනවා .සර්ච් කරලා හොයාගනින් .
ඒත් මම ඒ ත්‍රේඩ් එකට බම්ප් එකක් දාලා ඔහේ යන්න දුන්නා .අනෙක් උන් ඔක්කෝම ඌට හිටු කියලා රෙප් දෙනවා .ඉතිං පොරක් වෙන්න ඕනේ නම් මට අරූව චාටර් කරලා මම ලිව්වා කියලා පම්පෝරියක් එක්ක ත්‍රේඩ් එකක් දාන්න තිබ්බා .ඒත් මන් එහෙම කලේ නැත්තේ මට එවැනි අවශ්‍යතාවක් නැති නිසා .මම මෙතන ඒක කියන්නෙත් උඹට මගේ පොර වීම ප්‍රශ්නයක් නිසා .අනික උඹ මාව දන්නවා කිව්ව හින්දයි මෙච්චර ලිව්වේ .පුළුවන්නම් පි එම් එකක් දාපන් උබේ අනන්‍යතාව තහවුරු කරලා .
මම ලඟදි නම් ඉස්කොලෙන් අවුට් උනේ නැහැ .මම ඉපදුනේ අනූ දෙකෙ .මගේ එළකිරි යුසර් නේම එක අගින් තියෙන්නේ 92 කියලා .එකෙන් ඕන එකෙක්ට හිතා ගන්න පුළුවන් .මන් ඉස්කොලෙන් අවුට් උනේ 2011 .උඹ මට වඩා වයසින් වැඩි අයියා කෙනෙක්ද ,අංකල් පොරක්ද ,නාකි පොරක්ද කියන එක මන් දන්නේත් නැහැ වැඩකුත් නැහැ .ඒත් උඹ දාපු සමහරක් පෝස්ට් වලින් උඹේ සැබැ වයස කෙසේවෙතත් ලඟදි ඉස්කොලෙන් අවුට් වෙච්ච එවුන්ගේ හැඟීම් තමා පේන්නේ .ඒකයි මන් පුතා කිව්වේ .
උඹ මාව දන්නවා නම් උඹ එක්කෝ මගේ ෆේස්බුක් එකවුන්ට් එකේ ඉන්න එකෙක් හෝ මගේ ඉස්කොලේ එකෙක්.
. දැන්නම් මට කොහොමත් පැහැදිලියි උබ පොෂ් වෙන්න දගලන එකෙක් කියන එක.