අලුත් බිතු සිතුවම්....

Ek Villain

Banned
Mar 31, 2015
441
18
0
අලුත් බිතු සිතුවම්....

චිරාගත සම්ප්‍රදායක් වශයෙන් දේශපාලඥයින් තමන්ගේ රූප පන්සල් වල බුදු මැදුරේ සිතුවම් කරගන්නේ නෑ. ඊටත් වඩා වසර දහස් ගණන් ඉපැරණි විහාර වල බුදු මැදුරේ සිතුවම් කරන්නේ නෑ, මොකද ඒවායේ ඓතිහාසිකත්වයට හානියක් වෙන නිසා.
නමුත් හිටපු ජනපතිවරයාගේ සංධාන ආණ්ඩුවෙන් මුදල් වෙන් කර ප්‍රතිසංස්කරණය කළ අභයගිරි විහාරයේ වත්මන් දේශපාලඥයින්ගේ පින්තූර බිතු සිතුවම් කර තිබෙනවා. සමාන්‍යයෙන් විවෘත කරන ඵලකයේ ඒ සඳහා උර දුන් අයගේ නම සටහන් කිරීම සිරිත වුණත් දැන් බුදු මැදුර ඇතුලේත් තමන්ගේ චිත්‍ර ඇඳගන්න තරම් පාලකයින් කටයුතු කරනවා.
අභයගිරි විහාරය ක්‍රි.පු පළමු සියවසේදී ලක්දිව වළගම්බා රජු විසින් කරවු විහාරයකි. ක්‍රි.ව. එකොළොස් වැනි සියවස දක්වාම හොඳින් ක්‍රියාත්මකව පැවතුණත් පසුව සොලී ආක්‍රමණ නිසාවෙන් විනාශ වුණා.
1901 දී වලිසිංහ හරිස්චන්ද්‍ර මහතා අභයගිරිය වන්දනාවට සුදුසු ලෙස සකස් කළා. 1982 දී පමණ අභයගිරි සංරක්ෂණ කටයුතුවලට නිල වශයෙන් යළි මුල පිරූ නමුත් නිශ්චිත ඉලක්කයක් ඇතිව එය කරවීමට නැවත වැඩ පටන් ගැනුණේ 1997 දී. නමුත් නොනවතින යුද්ධය හා සාමය නිසා එය දිගින් දිගටම ආණ්ඩු වලට මග හැරුණා.
2005 දී බලයට පත් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ උපදෙස් හා උනන්දුව මත විවිධ ප්‍රමාණවල ගඩොල් ලක්ෂ 30 ක් පමණ යොදාගෙන අඩි 240 ක් උසට දැන් අභයගිරිය සම්පූර්ණ ලෙස පිළිසකර කළා.
විස්තර
http://www.silumina.lk/2013/06/23/_art.asp?fn=af1306233&p=1
අභයගිරි චෛතයේ සහ විහාරයේ අනෙකුත් ප්‍රතිසංස්කරණ කටයුතු 2014 දී කඩිනම් කර 2015 දී අවසන් කිරීමට යෙදුවා.
මෙන්න පින්තූර
http://nethfm.com/article/10424/ජනපති-අනුරපුරයේ
නමුත් වත්මන් ජනපතිවරයා සහ අගමැතිවරයා අභයගිරි විහාරයේ ප්‍රතිසංස්කරණයට සත පහක්වත් වෙන් නොකර (2002-2004 දී ඕන කමක් තිබුණනම් ඉවර කරන්න තිබුණනේ) දැන් තම පින්තූර බුදු මැදුරේ ගහගෙන.
මේවා කාට කියන්නද... තව ටික කාලෙකින් බුදු හාමුදුරුවන් වෙනුවට දේශපාලඥයින්ගේ පිළිම බුදු මැදුර ඇතුළේ ඉදි කරාවි.

11807595_10153559387716934_5695273726784927996_o.jpg
 
Unp Boyz

Member
Jul 22, 2015
107
31
0
මේ පින්තූරෙට බයියන්ට රිදුනට කරන්න දෙයක් නෑ. ගරු කළ යුත්තන්ට බුදු හාමුදුරුවන්ගෙනුත් ගෞරවය ලැබෙනවා.
අභයගිරි විහාරය ප්‍රතිසංස්කරණය කළ පසුව රනිල් මෛත්‍රී මැතිතුමන්ලාගේ පින්තූරයක් බුදු මැදුරේ සිත්තම් කළේ ඇයි දන්නවද? ඊට හේතුව මෙතුමන්ලාගේ තියෙන පුණ්‍යවන්ත භාවය නිසයි. මහින්ද අවුරුදු 10 ක් ඉඳලත් එක පන්සලකවත් ඔහුගෙ පින්තූරයක් ඇඳලා නෑ. මහින්ද හරිම පව් කාරයෙක්. 60000 ක් අහිංසක දෙමළ ජනතාවගෙ ලේ අත් වල ගෑවුණ මිනිහෙක්ගෙ පින්තූරයක් බුදු මැදුරු වල අඳින්න බෑ.

තෝ මොනවා කිව්වත් මිනීමරු මහින්ද හෝරාව අගමැති කරන්නේ නෑ
 
gonek wunata eka pradharshanaya karanna epa.
 
Similar threads