වෙඩි නොවදින සුරවල බල බිඳින්න ක්ලබ් වසන්ත මරා දැමුවේ රන් ආලේපිත උණ්ඩවලින් !
July 9, 2024
දිණමිණ පුවත්පත
සැකකරුවන් පැන ගිය වෑන්රිය බුලත්සිංහල දමා ගිහින්
අතුරුගිරියේ සැලොන් එකත් වසන්ත මරන්නම අටවපු එකක්දැයි සැක
වෙඩි උණ්ඩවල කංජිපානිගේ නමත් කොටලා
ගායිකා කේ. සුජීවාගේ පාදයකටත් තුවාල
කැරොකේ අවන්හල් ජාලයක හිමිකරුවෙක් වන ව්‍යාපාරික සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් කැරොකේ වසන්ත ඇතුළු දෙදෙනකු ඝාතනය කරමින් සහ ජනප්‍රිය ගායිකා කේ. සුජීවා ඇතුළු සිව් දෙනෙකුට තුවාල සිදු කරමින් අතුරුගිරියේ ටැටූ රූපලාවණ්‍යාගාරයක දී ඊයේ (08) එල්ලවුණු වෙඩි ප්‍රහාරය ප්‍රබල මත්කුඩු ජාවාරම්කරුවෙක් වන කංජිපානි ඉම්රාන් විසින් මෙහෙයවා ඇති අතර වෙඩි තැබූ සෑම උණ්ඩයකම පාහේ KPI ලෙස සටහන් කර තිබී ඇත.
කංජිපානි මත්කුඩු ජාවාරෙම් යෙදෙන්නේ KPI ලෙස සන්නාමයක් යොදා ගෙනය. ඔහු විසින් ඇණවුම් කරන මත්කුඩු පකිස්තානු මත්කුඩු ජාවාරම්කරුවන් මෙරටට එවන විට පවා KPI ලෙස සටහන් තබන බව බුද්ධි අංශ සඳහන් කරයි.
මෙතෙක් ඉතිහාසයේ පාතාල අපරාධකරුවන් වෙඩි උණ්ඩයේ සිය නම සටහන් කර වෙඩි තබා නැති බවත් එසේ පාතාල සිය නම වෙඩි උණ්ඩයේ සටහන් කර එල්ල කළ ප්‍රහාරය වන්නේ මෙය බවත් පොලිස් තොරතුරු සඳහන් කළේය.
පුද්ගලයන් දෙදෙනෙක් ටී 56 අවි දෙකකින් මෙම වෙඩි තැබීම කර ඇති අතර, එම අවිවලින් පිටවූ උණ්ඩවල හිස්කොපුවල පැහැදිලිවම KPI යනුවෙන් පෑනකින් සටහන් කර ඇති බව විමර්ශන නිලධාරින්ට පෙනී ගොස් තිබේ.
මෙම පතරොම්වල පැහැය සාමාන්‍ය පතරොම්වලට වඩා වෙනස් බැවින් යම් ද්‍රාවණයක් එහි ආලේපකර තිබේ දැයි දැන ගැනීමට රස පරීක්ෂක වෙත ඉදිරිපත් කර ඒ සම්බන්ධයෙන් වාර්තාවක් ගැනීමට ද නියමිත බව පොලිස් තොරතුරු සඳහන් කළේය. සැක කරනුයේ මෙම පතරොම්වල රන් ආලේපිත කර ඇති බවය.
කැරොකේ වසන්ත විසින් වෙඩි නොවදින සුරයක් පලඳින අයෙක් බැවින් සුරයේ බල බිඳිමින් ඔහුට වෙඩි තැබීමට පතරොම්වල රන් ආලේපිත කර තිබේදැයි සැකයක් මේ සම්බන්ධයෙන් විමර්ශන පවත්වන පොලිස් කණ්ඩායම්වල සිටින ඇතැම් නිලධාරින් සැක කරති. මෙම වෙඩි තැබීම කැරොකේ වසන්තම ඉලක්කරගෙන එල්ලවී ඇති බව පෙනී යන බව විමර්ශනවලින් පෙනී ගොස් තිබේ.
කැරොකේ වසන්ත ඉලක්ක කරගෙන වෙඩි ප්‍රහාරය එල්ලවුණු රූපලාවණ්‍යාගාරය බළපිටියේ තරුණයෙකුගේ බව විමර්ශනවලින් අනාවරණය වී ඇත. ජනප්‍රිය ගායන ශිල්පිනියක් වන කේ. සුජීවා ද එම රූපලාවණ්‍යාගාරය විවෘත කිරීමේ උත්සවයට සම්බන්ධ වී ඇත්තේ ඇයට ලද ආරාධනාවකට අනුව කලාකාරිනියක් ලෙස බව පෙනී යන්නේ යැයි පොලිසිය කියයි. බළපිටියේ සිට පැමිණ අතුරුගිරියේ රූපලාවණ්‍යාගාරයක් දැමූ මෙම තරුණයා සහ කැරොකේ වසන්ත අතර ලොකු සම්බන්ධයක් ඇති බව විමර්ශනයේ දී පෙනී ගොස් නැත. එම තරුණයාව කිසියම් පිරිසක් මෙහෙයවා ඔහු මඟින් කැරොකේ වසන්ත අනාරක්ෂිතව එහි ගෙන්වාගෙන මෙම වෙඩි තැබීම සිදු කළේ දැයි සැකයක් මතුවී ඇති බවත් ඒ සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් පැවැත්වෙන බවත් උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය. වෙඩි තැබීමෙන් එම තරුණයාගේ බිරිඳට ද තුවාල සිදුව ඇතත් ඔහුට කිසිදු තුවාලයක් නැති බව ද එම නිලධාරියා කීය.
අතුරුගිරිය හන්දියේ කඩුවෙල පාරේ දෙමහල් ගොඩනැඟිල්ලක ඉහළ මහලයේ කාමරයක මෙම ටැටූ රූපලාවණ්‍යාගාරය විවෘත කර ඇත. කැරොකේ වසන්ත ඇතුළු ආරාධිතයන් රූපලාවණ්‍යාගාරය තුළ සිටිය දී සුදු පැහැති මෝටර් රථයකින් පැමිණි වෙඩික්කරුවන් දෙදෙනා ගිනිඅවි ද අමෝරාගෙන තරප්පු පෙළ මතින් පැමිණ එකවර වෙඩි වර්ෂාවක් වසන්තව ඉලක්ක කරගෙන එල්ල කර ඇති බව විමර්ශනයේ දී පෙනී ගොස් ඇත. මෝටර් රථයෙන් වෙඩික්කරුවන් පැමිණ ඉහළ මහලට ගමන්කර වෙඩි තබන අයුරු ආරක්ෂක කැමරාවල ද පැහැදිලිවම සටහන්ව තිබී ඇත. ආරක්ෂක කැමරාවල එම අවස්ථාවේ වේලාව සටහන්ව ඇත්තේ පෙරවරු 10.15 ලෙසිනි.
වෙඩික්කරුවන් දෙදෙනා ගිනි අවි අතැතිව මෝටර් රථයෙන් බසින්නේ ගොඩනැඟිල්ල දෙසට ඇති පිටුපස පැති දොරිනි. ඉතා වේගයෙන් පැතිදොර විවෘත කර ඒ ක්ෂණිකව ගිනි අවි අතැතිව එළියට එන ඔවුන් දෙදෙනා වේගයෙන් ඉහළ මහලට ගොස් රූපලාවණ්‍යාගාරයේ දොර අසල සිට එකවරම වෙඩි ප්‍රහාරය එල්ලකර ඇත්තේ කැරොකේ වසන්ත සිටි දෙසට බව විමර්ශනවලින් හෙළිවී තිබේ. ඔවුන් දෙදෙනා මාස්ක් පැලඳ සිට ඇති බවත් එක් අයෙක් කැප් එකක් පැලඳ සිට ඇති බවත් ආරක්ෂක කැමරාවල සටහන්ව ඇත. වෙඩික්කරුවන් දෙදෙනා එක දිගට වෙඩි වරුෂාවක් තැබීමෙන් අනතුරුව එක් වෙඩික්කරුවෙක් ටී 56 අවියේ පතරොම් ගැබ ගලවා මේසයක් මත තබා තවත් පතොරම් ගැබක් සොයන අයුරු ද ආරක්ෂක කැමරාවේ සටහන්ව තිබී ඇත. ඔවුන් අමතර පතරොම් ගැබ් රැගෙනවිත් නොතිබුණු බැවින් නැවත මේසය මත තැබූ පතරොම් ගැබද රැගෙන පහළට දිවගොස් මෝටර් රථයේ නැඟී පලා ගොස් තිබේ. වෙඩික්කරුවන් දෙදෙනාගේ හැසිරීමත් වෙඩි තබන ආකාරයත්, පතරොම් ගැබ අවසන් වූ පසු එය ගලවා තවත් ගැබක් සොයා නැවත එම පතරොම් ගැබම ටී 56ට සවි කිරීමත් අධ්‍යයනයේ දී පෙනී යන්නේ වෙඩික්කරුවන් දෙදෙනා පළපුරුදු වෙඩික්කරුවන් බව යැයි උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය.