අලුත් සින්දු Meanings
මචන් මෑත කාලෙ ටිකක් හොඳ තේරුම් තියන සින්දු ටිකක් ආවනේ. ඒ සින්දු වල තේරුම් ගැන කතාකරමුද?
මට හොඳටම set වෙච්ච එකක් තමයි 'සැළලිහිණි'.
නුඹ නා මෙනෙවී මම සැළලිහිණි
පණිවිඩය අරන් රැගෙන යමි
මේ කැලණි නදී අසබඩ තුරෙහී
සැනහී හිඳිමින් ගිම් නිවමී
මේකේ කියන්නෙ සැළලිහිණි සංදේශය අරන් යන සැළලිහිණියා ගැන. සැළලිහිණියා කෝට්ටේ ඉදන් කැලණියට එන ගමන් කැළණි ගග ගාව ගහක් උඩට වෙලා මහන්සිය නිවාගන්නව.
මනරම් නා මෙනෙවී
මේ ලවැලී තලේ
හිඳ මිණි වෙණ තත්
මැද රුවට රුවේ
ගයනා ගී මියුරු සරේ
මේ ලවැලි තලේ
මෙහෙවරත් මගේ
මට අමතක වේ
මේ අතරේ සැළලිහිණියා කාන්තාවක් දකිනවා. කාන්තාවගෙ රූපයටයි, කටහඩටයි වශී වෙන සැළලිහිණියට තමන් කරන්න ආපු වැඩෙත් අමතක වෙනව කියල කියන්නේ.
නිල් වරල සදා
කඩුපුල් මලිනා
දිගු නීල නුවන්
දෙපසා ඉසිනා
විඳිනා ඔබ රූ
රූ සිරිය අගේ
සැළලිහිණි උනේ
පෙර පවට මගේ
මෙතන කියන්නේ සැළලිහිණියා කාන්තාවගේ ස්ත්‍රී රූපය රසවිදින හැටි. කාන්තාවගේ රූපශ්‍රීය දකිද්දී තමන් සැළලිහිණියෙක් උනේ පෙර පවකට කියල සැළලිහිණියට හිතෙනව. මොකද මනුෂ්‍යයෙක් රසවිදින ආකාරයට මේ ස්ත්‍රී රූපය සැළලිහිණියට කවදාවත් රසවිදින්න ලැබෙන්නේ නැති නිසා.
මම විචාරය කරපු විදිහෙ වැරදිත් ඇති සමහරවිට. ඔයාලටත් මේ වගේ හිතට වැදිච්ච අලුත් සින්දු තියනවනම් share කරන්න.