අවධානය_සිඟා_කන්නෝ

අවධානය_සිඟා_කන්නෝ

අවධානය සිඟා කන හිවල් පෝතකයෝ එන්න එන්න ම වැඩි වෙති. යම්කිසි ත්‍රෙඩ් එකක් දමා එය පුද්ගලිකව ස්පෑම් වශයෙන් අනුන්ට යවා කමෙන්ට් හිඟා කන්නෝ පහුගිය දවස්වල බොහෝ දක්නට ලැබුණි. දැන් ඉන්නේ ඊට වඩා වෙනස් සිඟන්නන් පිරිසකි. එනම් පුද්ගලිකව මඩ ගසා පොරක් වීමට දඟලන හිවල්ලු ය. එකෙක් තමන් පොරක් බව කීමට ත්‍රෙඩ් එක නම් කර ඇත්තේ "අඩෝ මෙන්න මම ගේම ඉල්ලනවා" යනුවෙනි. ඌ හිතාගෙන ඉන්නේ පොරක් බව ය. ඌ නොදන්නා කරුණ නම් ඌ නිකම්ම නිකම් බලු මැක්කෙක් බවයි. තව එකෙක් ත්‍රෙඩ් එකක් දමා ඇත්තේ බොහෝ කරුණු කාරනා දන්නා සාමාජිකයෙකුට ප්‍රසිද්ධියේ බනිමිනි.

මීට ප්‍රතිවිරුද්ධ ක්‍රමයට ගේම ගෙනයන කොටසක් ද ඇත. එනම් ජනප්‍රිය සාමාජිකයෙක් වර්ණනා කර ත්‍රෙඩ් එකක් දැමීමයි. එවිට එම සාමාජිකයා කරටියෙන් ම නමා ගත හැකිවාක් මෙන් ම අනිත් උන් ද යම් ප්‍රමාණයකට නැමෙති. මා කතා කරන්නේ කාගේ හෝ විශේෂ අවස්තාවක් නැතිනම් විශේෂ සිදුවීමක් ගැන දමන ත්‍රෙඩ් ගැන නොවේ. කෙලින් ම පැහැදිලිව ම තම පශ්චාත් බාගය පුද දී රෙප් එකතු කරන්නන් ගැනයි.

යම් පුද්ගලයන් පිරිසක් හෝ සමාජයක් හෝ සම්බන්ධයෙන් ත්‍රෙඩ් දැමීම වැදගත් දෙයකි. නමුත් මලපහ කිරීමට තිබෙන අධෝමුකය ගණිකා වෘත්තියේ යෙදවීම අප්‍රියජනක ය.
 
i-hate-attention-seekers.jpg